Sunday, January 20, 2019

ඒවා

සිංහලෙන් ආත්මය අතගා
ඉංගිරිසියෙන් අනාත්මය අතගා
සංස්කෘතියෙන් හිස අතගා නා
අසංස්කෘතික ජීවිත මේවා

Sunday, January 6, 2019

පෙකෙණිවැළ...(සංක්ෂිප්තයි)

ගිය නුවණ ... ගතවුණු කාලය ආපසු ගත නොහැක. ලෝකය යන්නේ ඉදිරියටය. වාසියක් තිබේ නම් ඒ ආසන්න චක්‍රවල එකම රටාවක දිවෙන මේ ගෝලයේ ඉරෙගියුලත්වයන් අතරේ රෙගියුලර් බවක් තිබීමයි. අක්රමවත් දේ තුළ ඇති මේ ක්රමවත් රටාව පමණි අපට පසුගිය කාලය හා නුවණ ලබා ගතහැකි එකම මග. අත්දැකීම් ලෙස ඒවා ඉදිරි ජීවිතය උදෙසා එක්වන තරමට අපත් ලෝකයත් ඉදිරියට ගියා නොවෙද, ඒ අත්දැකීම් දැනුමට විද්‍යාවට පෙරළා ගත් මිනිසුන් රටවල් ජාතීන් ආගම් දර්ශන සියල්ලටම ගමනක් තිබිණි. අපට ටැග් වී ඇති දෙදහස් පන්සීය තබා පහුගිය වසර දහයක් පාඩමක් කොට ගන්නට බැරි රටක ජාතියක් නොවෙද අප. අධිකතර තණ්හාවක් බඩ බැඳගෙන බොරුව රැවටීම පදනම් කරගෙන දෙදාහක් තබා වසර දසදහසක් ඉතිහාසයක් ගැන පාරම්බෑවත් ඵල නැත. නිරුවත් දෑසින් විචාර බුද්ධියෙන් බැලුවා නම් ආපසු මීට කළකට පෙර, අද වන විට අප බොහෝ වටනා දෙයින් පූර්වාදර්ශී රටකි ලොව.. අපිවත් ගතවුණ කාලය, නුවණ ආපසු අදින අතහැරුණු කඹකොන ඇල්ලිය යුතුය. එය ඇදිය යුත්තේ අතීතයේ සිට අනාගතය වෙතය. චක්‍රයක වුව ලෝකය රට සමඟ අප ඉදිරියට යැවෙනුයේ එමඟිනි. සාර්ථකත්වය එතුළය. අතීතය අනාගත සිහින තුළට සංශෝධනය වන්නේ එවිටය. ඒ සංශෝධිතයන් රටේ අනාගතය උදෙසා දැනුම විද්‍යාව කලාව ලෙස බිහි වෙත්වා.. කවුරු කෙලෙස කීවත් ඒ විලිරුදාව හෙට උපදින දරුවාගේ අනාගත ස්ථායීතාව වනු ඇත. පරපුරක අතීත උරුමය වනු ඇත.
පෙකෙණිවැල නම් අතීතයෙන් අනාගතයට ඇදගත යුතු අප කලින් කී ඒ කඹයයි.

Thursday, January 3, 2019

ඇහැරුණෙමි

ගොඩෝ නැත
පාන්දරට මීදුමත්
දහවලට මිරිඟුවත් ඇත
දෙවියනි, පුදුමය ඔබ මැවූ ලොව
නිවෙන තෙක් මේ පහන
දකින්නේ අපි සිහින

Wednesday, January 2, 2019

සැ.කණුව

අන්දරේලාට
කළ හැකිද විප්ලව
මහදැනමුත්තන්ට එදිරිව..
ටික දුරයි
තව ඇත්තෙ
මූකළන් කනත්තට...

හුස්ම

වැරදුණු තැනකි අප හැමට
ගන්නා මුත් සැවොම සැමවිටම
කීවත් වඩන්නට ඵල ධ්‍යාන
සිහිපත් කොට භාවනාව සති අනාපාන

බාගෙට පුරවගෙන පපුව
හිරවෙන හිරකරගෙන නොදැනීම බොටුව
අදාළද අනදාළද ප්රශ්න කොටුව
ඔළුවට ලේ පුරාවිද පුරවන්න හිස්කොටුව

හදිස්සිය තදියම තරඟය
ජීවිතය දිනන්නට කියා දී තිබෙන පිස්සුව
අපායට යන්නට වුව පළමුව ගෙන රන් පදක්කම
ඒකයි අපගෙ තරඟය මැරුණත් වැටී එකා පිට

ගත්ත හුස්ම ටික කොහොමද රැඳෙන්නේ වෙලාවක
රඳවා ගන්න නෑ අපි අද වෙහෙසෙන්නේ කලාවට
ගනුදෙනු විලස ගන්නට දෙන්නට පමණි දන්නේ මුලාකොට
හුස්ම ත් දැන් අපේ ගනුදෙනුවක් වී ඇත ඒ විලාසෙට

ඒක නිසා හෙලන්නෙ සතියක් හතියක් වාගෙයි හුස්ම
හතියත් සතියත් පැටලී වැරදී ගන්නා හුස්ම
ගත්තත් ලෙඩ කෝටියකම මූලය වී ලා හුස්ම
හුස්මක් කටක් ගෙන 'ගොරවන' රට ගැන හිතපන් බෝම

Friday, December 21, 2018

ස්මාර්ට් ප්‍රමේය තුන කි... හැකිනම් සාධනය කරන්න

ස්මාර්ට්
සරලත්වයට වඩා
සරලත්වය ස්මාර්ට්ය
ස්මාර්ට්
ප්‍රේමයට වඩා
ප්‍රේමය ස්මාර්ට්ය
ස්මාර්ට්
මනුස්සකමට වඩා
මනුස්සකම
ස්මාර්ට්ය

Monday, December 10, 2018

නග්නත්වය

මේක්අප්, කොස්ටියුම්
නැතිව බෑනෙ තදාත්මයෙන් රඟන්න
එතකොට බැහැනෙ මිනිස්සුන්ට අඬන්න
ජනතාවාදය, විනිවිදභාවය
මිනිස්සුන්ගෙ පරමාධිපත්‍යය නමන්න

Sunday, December 9, 2018

රැඟුම

සිරි දළදාව දකින්නේ හැමදා ළඟින්ම
සිරිමා බෝ මත ගසන්නේ නළලත තදින්ම
පිරුවට අඳින්නේ හැමදා කිරිසුද නැවුම්ව
ඒකයි මායාව රට රකිනුය කියමින් රඟන්න

Saturday, December 1, 2018

අපාය ආලය

අපාය හරි
සුන්දරයි ලු
මෙහෙට වඩා

මෙහේ ඉන්නෙ
ජඩ යමයොලු
එහෙට වඩා

Monday, November 26, 2018

මට්ටු

රටේ සිදුවන බොහෝ අමනකම් වලට වගකිවයුතු ගෙදර ආණ්ඩුව හා රටේ ආණ්ඩුවයි. නිසි ආණ්ඩුමට්ටුවකට අසමත් තැන බිය ලජ්ජාව පලාගිය තැන සිදු නොවිය හැකි දෙයක් නොවේ. අද රටම සිටින්නේ එවැනි සිරිකාලකණ්නි තත්වයක කීම අතිශෝක්තියක්ද නොවේ.
අප විසින් වෙනස් කළ යුතු තැන එතැනයි. ලංකාණ්ඩු මට්ටුව ගෙදරින්ම ඇරඹිය යුතුයි.

Saturday, November 24, 2018

ඉතිරි කොටස ළඟදීම..

ඔබ විශ්වාස කළද නොකළද වැසි ජලය තමාගේ වත්තෙන් පහළට ගලා යන්නට ඉඩ නොදෙන මහා සිංහල බෞද්ධයන් සිටින රටකි මෙය.

Saturday, November 10, 2018

💓


💓ජන හදවත් දිනවමු💕❤(ජනාදර දේශපාලනයක් උදෙසා හදවතින් එකාවන්ව)

සත්‍ය
යුක්තිය
සාධාරණය
සමානාත්මතාවය
සංවර්ධනය
නිදහස
ප්රජා +
තන්ත්රවාදය
තව බොහෝ දේ
ඉල්ලයි
ජන හද
ඒත්..
බොහෝ දේ
තවම
ඉල්ලෙයි
රටේ හදවත හෙල්ලෙයි
අමනුන්ගේ
අමන කම් මැද
එබැවින්ම
දිනවමු
හිස් ප්රතිරූප පරදා
අපේ ජන හද
💓❤💕
අපේ යහ ප්රාර්ථනා
එකාවන්ව එකපෙළට අත් බැඳ...

මගේ ඡන්දය හදවතට


💓❤💕 ජයගමු

💓❤💕
අපේ ලකුණ හදවතයි. ජනයාගේ රතු රුධිරය රැඳි හදවතයි. ඒ හදවතට එකඟව ජඩ, පර, නින්දිත, ජාගර, කාලකණ්ණි දේශපාලන ක්රමය පරදන්නට අපේ හදවතේ ගැඹුරින්ම ඉඩක් දෙමු. මෙවර අපි ජයගමු.

ඔබ



යහපාලන උතුමා


පැහැරුවා


උලාපන් බමතුව