සියලු දනා සුවපත් වෙත්වා.
ලංකාවේ චින්තන විප්ලවයක් පටන් ගන්න හොදම තැන ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ. නේවාසික අය හැරුණු කොට කාර්ය මණ්ඩලය වගේම උදේම ඕපීඩී එකට එන ලෙඩ්ඩුත් විශේෂයෙන්ම අපේ රටේ පවතින දහම්රාගයේ පිහිටෙන් හොදටම සසර දුක වටහා ගෙනයි ඉන්නෙ. ඒ අයගෙ යටි හිත් වල මානුෂික ගුණාංග පිරිල. හැබැයි මේ සේරම තුණ්ඩු දීල බෙහෙත් ගන්න පෝළිම් වෙලා ඉන්න තත්පරෙන් තත්පරේ ඇස් පනාපිටම බිද වැටෙනව.
අපි හොද වීර්යක් තියෙන රටක මිනිස්සු. හැබැයි ඒ වීර්ය හරි විදිහට පණ ගන්වල හොද වේගයකට ගන්න බැරි වුනොත්, අපි තරම් නිවට වෙන තවත් පිරිසක් ඉන්නවද කියල හොයන්න ලෝකයේ සමීක්ෂනයක් කරන්නත් වෙයි.
මා ගාව තිබුණු නූල් පන්දුවක කෙළවර හොයාගන්න මට ගොඩක් දුක් විදින්න සිද්ද වුනා. හේතුව නූල් බෝලෙ දිගහැරිල අවුල් වෙලයි තිබුනෙ. හැබැයි කෙළවර හොයා ගත්තම ඒක දිගහැරගන්න මට පහසු වුනා.
අපේ මිනිස්සුන්ට ලෙඩ නෑ. ඒත් හිත් වලින් ලෙඩ වුනාම ආයේ ගොඩ එන එක ලේසි නෑ. තවම මෙහේ ගොඩක් අය දුක්වෙන්නෙ ගතේ ලෙඩ ගැන විතරයි. තව දශක දෙක තුනකින් මෙහේ අතගහන්න වෙන්නෙ අපි ආදර්ශ ගන්න ගොඩක් තැන්වල තියෙන විදිහටම හිතේ ලෙඩ වලට. දැන් පටන් ගෙන තියෙන්නෙ ඒකෙ ආරම්භය. ගත ලෙඩ කරවල පටන් ගන්න මේ ලෙඩේ හෙට වෙනකොට හිතට දැනේවි.
ඒක නිසා ඉස්පිරිතාලෙට යන්න, ගෙදර ඇවිත් හිතන්න ඊලඟට නැවතෙන්නෙ කොතනද කියලා?
පරම ලාභය ආරෝග්යද, පරම ධනය සතුටද, ඒක ලැබෙන්නෙ කොහොමද, ඒ ටික හිතුවොත් හරි උත්තරය හොයාගන්න පුළුවන් වෙයි.
No comments:
Post a Comment