රට හදන්න ඉන්න ඕන ලොකු ලොකු උදවිය විතරයි. ලොකු
ලොකු බුද්ධිමත් මිනිස්සු, උගත්තු විතරක් හිටියම ඇති කියලයි සමහරුන්ගෙ
අදහස.. මහා සෑයවල් හැදුවෙ, වැව් අමුණු හැදුවෙ, මහා යුද්ධ වල යුධ පිටියෙ
හිටියෙ වැඩියෙන්ම ඔය දෙකටම අතරමැදි සාමාන්‍ය මිනිස්සු කියල ඒ සමහරක්ට
අමතකයි. රට හදනවනම් ඒක හැදෙන්නෙත් ඒ සාමාන්‍ය මිනිහ හරි විදිහට ක්‍රියාත්මක
වෙන්න ගන්න තැනදි විතරයි. කොන්දක් තියෙන, අවංක හදවතක් තියෙන මිනිස්සුන්ට
බුද්ධිය පාදගන්නත් අමාරුවක් නෑ නිසි තැන නිසි විදිහට, ඉතින් එහෙම මිනිස්සු
යම් සාධාරණ, යුක්තිසහගත චින්තනක ඉදල ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ඒ
ප්රතිපත්තියම ඇති රටක් හැදෙන්න.. ඉස්සෙල්ල හැදෙන්න ඕන මිනිස්සුන්ගෙ පණ
නැති කොදු නාරැටි.. ඒක උගත්කමින්වත් බුද්ධියෙන්වත් විතරක් හැදෙන දෙයක්
නොවෙයි.. සාධාරණ අවංක මනසකින් වෙන දෙයක්(බොහෝ විට අමාරු දෙය ඒ සාධාරණ අවංක
මනස හදාගැනීමම තමයි), ඉන් පස්සෙයි රටක් හදන්න පාට පක්ෂ වාද භේද නැතිව
හිතන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ.. සීයට සීයක් නැතත් සීයට පනහකට වඩාවත් ඒ
තත්වයේ උදවිය ඉන්නදාක පාලිමන්ට් එකේ ස්ට්‍රිපර්ස්ලා නොඉදීවි අඩුතරමින්.
වැඩි දේවල් නැතිව මීලග පාර්ලිමේන්තුවක ඒ ටිකවත් කරගන්න හැකි වුනොත්....
ලොකු දෙයක්!