Wednesday, May 1, 2024
Sunday, September 17, 2023
අපිත් රටත් ඇදට ගියාට ක්‍රිකට් ගහන උන් කෙලින් යා යුතුයි (අස්ථාවර රටක ස්ථාවර ක්‍රිකට්)
අභිමානය හා අවමානය අතර ඇත්තේ එක අකුරක වෙනසකි. අතීතයේද වර්තමානයේද අනාගතයේද කියා එහි වෙනසක් නැති.
රටක් හැටියට ෆේල් වෙලා, කප් එකකින් හරි විලි වහගන්න හැදුවට ඒක අමාරුයි.
දැන් අපිට වහගන්න තරම් දෙයක් නෑ , මේ තාක් වහගෙන හිටියෙත් ඉන්දියානු ආධාරයෙන්.
ඇත්තටම කරන්න තිබුණෙ රටේ මහ පුටුත් එක්ක ක්‍රිකට් එකත් රනිල් දිනේෂ් ඇතුළු පිරිසට බාර දෙන එක.
මේ රටේ හැම කෙළියක්ම කිරීමේ අනුහස ඇත්තේ රට කාපු උන්ට පමණයි.
අපි රනිල්ගේ වලිගේ එල්ලී තවදුරටත් අහසේ ම රැඳෙමු ! ඉන්දියා, චීන, ඇමරිකා ect.. දෙව් ලෝ පතමු !
ඒ පාඩමත් ඉගෙන නොගන්නට තරම් අපි more තකතීරු නම් මේ අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකයන්ටත් පවරා අස්ථාවර ක්‍රිකට් වෙනුවෙන් හෙට අස්ථාවර රටත් ඉන්දියාවට or වැඩි ලාබයට දන් දෙමු !
Thursday, September 14, 2023
යළි යළිත් ලෝක බැංකු සුවය පතමු ! (සදා සරණ වේවා)
පාලකයන් බලෙන් ඇතී
නායකයන්ට ඉඩක් නැතී
පිස්සුවට තැනක් ඇතී
සුදුස්සන් ගෙදර යතී
විප්ලවයකට ඉඩක් ඇතී
අවසානයට පණක් මදී
හොඳ එකාගෙ හොඳත් වැඩී
නරක එකා විනත් කටී
පාරෙවත් නීතියක් බැරී
තදබදයෙන්ම කැපෙයි ඉරී
කහ ඉර ඇතත් නැතත් සොරී
මැරි මැරි ඉපදුණත් ජොලී
හොරු බදාගෙන හොරු
දියුණුවට යයි රට මරු
රජා රකිමින් රජ බඩු
දනන්ට කියයි අවනඩු
නීතිය පොතට සමානලු
කෙරෙන විට අසමාන ලු
දුගියට බෙදා මනිබඩු
ඡන්දය හිඟති රජබඩු
සැබෑ දියුණුව ඊසි ද
වංචාව සමඟ ලේසි ද
රැක දුෂිතයන් පේළිය
මෙහෙම යං මේ ක්රේසිය
Wednesday, May 31, 2023
අන්ධරේලා ~ රේවතීලා
ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාව හැර තවත් ජනතාවක් සිටීද
සිටී
ඒ රටේ සාමාන්‍ය ජනතාවයි
ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවට විහිළු සපයන ආණ්ඩු හැර තවත් යමක් තිබේද
තිබේ
ඒ රටේ රජයයි
ඒ රටේ සාමාන්‍ය ජනතාවටත් ඒ රටේ රජයටත් විහිළු සපයන ඒ රටේ තවත් ජනතාවක් සිටීද
සිටී
ඒ රටේ ජනතාවට විහිළු සපයන ආණ්ඩුවලට විහිළු සපයන ජනතාවයි
Monday, April 3, 2023
ඌ මේක් අප් කරා ~ මෝල් ගහ ප්‍රතිව්‍යුහගත කළා! කවුද මේ ත්‍රස්තයා ~ ඌ නොවෙද සර්පයා! (මේ ගමනේ දී ජාතියේ චින්තනය සාධනය කෙරෙන වග නම් හරිම පැහැදිලියි නේද? / කපුටා සුදු වෙලා! මෝල් ගහේ දළු ඇවිත්!)
කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආවාඩා ආයුබෝ වේවා !
බලාපොරොත්තු වුනේ කලු කපුටා සුදු වේවි වත්, මෝල් ගහේ දළු ඒවි වත් කියලා නෙවෙයි ආයුබෝ වන්ඩ,
එකසිය විස්ස දෙසිය විස්සට නොයන බව අපි නොදන්නවායැ.
නිදුක්ව නිරෝගිව බොහෝ කාලයක් ඉන්ට, ආයුෂ බොහෝ වේවා ... දීර්ඝ ආයුෂ වේවා කියන කාරණේ තමයි ඔය නොසෑහෙන්ට බර තියල ප්‍රාර්ථනේ කොලේ.
ඕක නොවැ සරලවම අපේ චින්තනේ. ජාතියේ හැටි.
නමුත් අපේ ජාතියේ පිනට පහළ වුණු පාලක උතුමන්ට අපේ අවසන් ප්‍රාර්ථනේ නොතේරුණත් පළවෙනි කාරණා දෙක නම් හොඳටම තේරිලා තියනව.
අනේ වාසනාවන්! ගැරඬින්ට කියල ඉතිං අං එන්ඩයැ! හැව අරිනව මිසක.
අපිට තියෙන්නෙ ඉතිං සතා සරුපයා තේරුං අරං විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කිව්වත් වගේ කිරි පොවන්ඩවත් රෙද්ද අස්සෙ දමා ගන්ඩ ගන්නෙවත් නැතිව විමසිල්ලෙන් වැඩ කරන එක තමා. මොකද විෂ ඝෝර සර්පයා නැසිය යුතු විදිහ පොල්ලෙන් ගහල නෙවෙයි කියලනේ ඔය කියල තියෙන්නේ.
තණ්හාව, තෘෂ්ණාව, බල තණ්හාව නේ.. ආයෙත් තණ්හාව, දිගටම තණ්හාව වෙන මොනවද ?
ඉතිං ඔය මොන මොන සර්පයත් ඇති වන හේතු නැති කරල දාන එකයි ඒ අනුව අපිට නම් කොරන්ඩ තියෙන්නෙ.
ආයුබෝ කිව්වෙ ඉතින් මැරෙනකම් සතුටින් ඉන්න මිසක, තණ්හාවෙන් බදාගෙන ඉන්න නෙමෙයි ඕං !
(බල තණ්හාව නැමැති ත්‍රස්තයා නොහොත් සර්පයා හිඳින්නේ කා සමඟ ද ? ජනයා සමඟ ද , පාලකයා සමඟ ද ? ඒ සර්පයා දමනය කළ යුත්තේ පාලකයා ද ජනතාව ද ?)
Wednesday, July 18, 2018
ශක්ති සංස්ථිතිය(භෞතිකවාසී මං)
භීෂණයෙන්, යුද්ධයෙන්, සුනාමියෙන් හානි වූ රටේ ශක්තිය තව දුරටත් අද අපි නසා ගනිමින් සිටිමු.
ලෝකෙට ලොක්කෝ හදන්නට අපේ දෙමාපියන් වෙහෙසෙන තරමට හෙට දවසේ ලෝකයටම ලොක්කන් මෙහෙන් අපනයනය කළ හැකිවනු ඇත.
අද අපේ අධ්‍යාපනයෙන්ද යහගුණති දරුවෙකුට ඇති පරිසරය ක්රමයෙන් දියවී යනු පෙනේ.
පොත පතට හිමි තැන කුඩු පතට නොගියත් පොත පතේ නීරසයද තාක්ෂණයේ මායා රසයද දරුවන්ගේ මොළයේ ශක්තිය පසෙකින් කුඩේ කුඩුකර ඇත.
පාරේ කුණු හලන්නාගේ සිට පාර්ලිමේන්තුවේ කුණු කෙළ හලන්නා දක්වා තිබෙන්නේ එකම ආත්මාර්ථී චින්තනයකි.
අතේ පයේ ශක්තිය පාරේ තොටේ රස්තියාදු අරගලයටත් කටේදිවේ හයිය ඒ අරගලවල සාධාරණය පතාත් හිතේ හයිය මේ සියල්ල මැද ජීවත්වීම උදෙසාත් යොදන සමාජයක, දෙමාපියන් දකින එකම විකල්ප සිහිනය දරුවා කොතැන හෝ ලොක්කෙකු කරවීමයි.
ඒ අපේක්ෂා ඉටු වීම කෙබඳු වෙතත් එවන් දෘෂ්ටියෙහි පෙළ ගැසෙන බහුතර සමාජයකම ශක්තිය අපතේ යන්නේ රටක සංවර්ධනයට ඇති ජවය හීන දීන කරමින්.
දෑතේ, දෙපයේ, වචනයේ, හිතේ ශක්තිය රටක් ලෙස එක දිශාවකට දිශානුගත කරගන්නට අසමත් අපි තනි තනිව පුංචි රටේ ලොක්කන් වීමට සැරසෙමු.
නූතනයේ අප කාගේත් චින්තනය පෝෂණය කෙරෙන්නේ ඒ අයුරින්මය. ප්‍රභාකරන් ගැන කතා කරන්නවුන් ගේ මෙන්ම හිට්ලර් ගැන කතා දමන්නවුන්ගේත් චින්තනය එබඳු මැයි. දැන් දැන් රටේ සියලුම නායකත්වයන් පෙර කල අපේ බස් රථවල අල්වා තිබූ සුප්රකට ස්ටිකරයේ ප්රතිපක්ෂ භූමිකාව නිරූපණය කරන්නේය. ඒ ස්ටිකරයේ වුයේ "ලොක්කෙකු නොව නායකයෙකු වන්න" යන කියමන හා ලොක්කාගේ හා නායකයාගේ ගති ස්වභාවයේ වෙනසයි.
පුංචි රටක නිවහල් කම යනු රට වෙනුවෙන් රට වැසි සමස්ථයාගේ අවංකව කැපවීමයි. පුරවැසි නායකත්වයයි. ලොක්කෙකු නොව එබඳු නායකයෙකු වීමෙන් දිය හැකි ශක්තියයි. අපේ ශක්ති සංස්ථිතියෙන් දිනාගත හැකි අග්රඵලය එතැනයි.
එනමුත් රටක ශක්තිය සියලු මර්මස්ථාන වලින් අසීමිතව හානි වන තුරු අපට නොලැබෙන්නේ..ත් ඒ ශක්ති සංස්ථිතියමයි.
එබැවින් නොනසා ගන්න ඔබේ ශක්තිය, රටේ දරුවන්ගේ ශක්තිය විවිධ මායාවන්ට දිය වී යා නොදී. යොදවන්න ඉන් හැකි උපරිමය ඔබගේ රට වෙනුවෙන්ම, රටේ දරුවන් වෙනුවෙන්ම.
Tuesday, July 10, 2018
Thursday, March 16, 2017
කොඩි තුවක්කු කෙබර ලෝ.. මැද(තාධී)
මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට
මොන්ටිසෝරියි ලු
මැතිණිය
හරි සොදුරුයි
ඇස් පියාන
ගිනි පනහලු
ඒ කාලේ
මං ප්‍රබුද්ධ
කබරයාට
තව..
රබන් තාල රැප් මැද්දේ
Saturday, March 11, 2017
බෝ පැළ සේ - ඒ කාලෙත් අපි ඉන්න ඇති, අමෘතෙ බී ඇන ගන්න ඇතී (පේමතෝ ජායතී සෝ කෝ? නොහොත් අබුද්දස්ස කවි සීපද)
නොබලන්නේ
නුඹ පිට දී නැතිවද සෙවණේ උන්නේ
බෝ පැළ වාගේ මිනිස් ගුණේ
එය රැකීම අප උරුමේ.... සුහදේ
පරම සුවද රැදි උරුමය නිකළෙස්
කෙලෙසද කෙළෙසුන් පරදන්නේ..
අපගේ ගුණ කද පුන්
සද සේ බබළන්නේ..
ගෙනම සිටිනවා අප
සංස්කෘතිය අපගේ රන් කද
රැකගෙන අප හැම තාක්ෂණෙන්
මේ කප් සරණින් තිරිහන් කරදේවා..
Thursday, March 9, 2017
ෆීලීන් ඕසම්..
ලංකාවේ පොදු මහජන සත්කාර සේවාවන් කෙතරම් මානුෂීය වන්නේද යනු ඒ ඇසුරින් වටහා ගත යුතු ගැඹුරු සත්‍යයයි.
Wednesday, March 8, 2017
ෆීලිං...ජොලියට
හරියටම
කටුව ගසන හැටි
නිලයට..
වෘද්ධයෝ
හිටගෙනම
තැන නොතැන
නිළ යට..
මල් නෙළා
ස්වර්ගයම
උගස් කර
නිරයට..