https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share
සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!
https://youtube.com/shorts/bADwDyFcxeY?feature=share
සැබෑ ජන හඬ ~ ජනතාවගේ හදවත ගැහෙන රිද්මයයි. ඒ රිද්මය හඳුනන මිනිසුන් අප විසින් හඳුනා ගත යුතුමයි. ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙනු පිණිස කාට කාටත් බුද්ධිය පහළ වේවා!
පළමුවත්
දෙවනුවත්
තෙවනුවත්
මේ දේශපාලනය රටට පිළිලයක්.
අද රටේ පවතින දේශපාලනය ම බොරුවක්. අවස්ථාවාදයක්. කාලය කා දැමීමක්. මුදල් කා දැමීමක්. බංකොලොත් රට සුන්නද්ධූලි කොට දැමීමක්.
මේ වගේ කාලයකත් සභාවේ සිනා සඳහා දවසට ලස්ස අනූවක් ! දේශපාලන පළිගැනීමට දවස් අනූවක් ! ආණ්ඩු විරෝධයට ගුටි බැට පූජාවක් ! උමතු තක්කඩි සිනහවක් !
දැන් ආපහු තක්කඩි කමෙන් අනූන මජරයින් හැරෙන්නේ දුර්වලයන්ගේ කර පිටින් ඊළඟ වටයට එසවෙන්නටයි.
මේ දේශපාලනයෙන් රට ගොඩනැඟීම යනු සියවසේ කැත ම නින්දිත විහිළුවක්.
ඒ දේශපාලනයෙන් බැහැර ව මහජනයා තම රාජ්‍ය ගොඩ නඟා ගැනීම ගැන නොසිතනතාක්, ඒකරාශි නොවනතාක් අප සියල්ලෝ එකම සමාජීය පිළිකාවකට පැරදුණු රෝගීන් පිරිසක්. නිල බල අධිකාරී පිළල නිසා කුහක වුණු කේඩෑරී වුණු ජනතාවක්.
පොදු අවශ්‍යතාව වෙනුවෙන් තමන්ට රුචි පාට පක්ෂ කල්ලි වාද පසෙකට කිරීමේ හැකියාව නොමැතිකම විනාශකාරීත්වයකට මං පාදන්නක්, දුර්වලකමක්. ගැඹුරින්ම ගත් විට කුහක කමක් .
ඒ දුර්වල මෝඩ කුහකකම් පරදා එක රටක පොදු ජනතාවක් ලෙස මේ පවතින දේශපාලන බොරුව විනාශ කර දමන්නට දායක වන දිනක, එවන් එකමුතුවක, වැඩ බිමක, ඔබට ලැබේවි නිරාමිස සතුටක්. ගොඩනඟා ගත හැකි වේවි ඒ සතුට භුක්ති විදිය හැකි රාජ්‍යයක්.
බොරු දේශපාලන කතා වලින් බැහැර හෙටක්, අපි වෙනුවෙන් අපේ රටක්, අපේ දැක්මක්, අපේ ක්‍රමයක්, හදා ගන්නට ගත වේවි කාලයක්. දෙමු ඊට තම තම හැකියාවෙන් ශ්‍රමයක්, ශක්තියක්.
කවදත් ඇත්ත වෙනුවෙන් මුලටම ඉන්නෙ පුංචි පිරිසක්. නමුත් කිසිවෙකුටත් ඇත්තේ නැහැ බොරුවෙන් සැබෑ ජයග්‍රහණය වෙත යා හැකි මාවතක්.
රටවල්, ඉතිහාස, පූර්වාදර්ශ මතම (කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ලැබෙන තුරු) නොඉඳ තනි තනි විශ්වාසයෙන් ගොඩනඟමු සාමුහික අපේ විශ්වාසයක්, අපේ රට වෙනුවෙන් ඔබේ මගේ සබුද්ධික විශ්වාසයක් ! එතැන ගොඩනැගේවි සැබෑ ජනතා අරගලයක්, දේශපාලන බල අරගල වලට යට නොවන නියම අවිහිංසාවාදී ජනතා බලයක් ! මේ යහපත් හෙටක් සොයන රටට ආදරේ ඕනෑම ලාංකිකයෙකුගේ අද දවසේ ශුද්ධ වූ ප්‍රාර්ථනයක් !
තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.
දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.
දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,
දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,
ඉතිරි වී ඇත.
මීළඟට !!?
චින්තනයක් නැති කළ රටක ජාතියක පරපුරක උරුමය ~
පළමුවත් ..
දෙවනුවත් ...
තෙවනුවත් ....
සිඟමන !?
මිනිස් ශ්‍රමය ශක්තිය රාජ්‍ය ලේබලය යටතේ රස්තියාදු කෙරෙයි. රස්තියාදුව නීති විරෝධයක් ලෙස අර්ථ දක්වා මිනිසුන් සිරගත කෙරෙයි. අතකොලු රාජකාරී මුහුණෙන් අනාථව රහසේ සුසුම් හෙලති. දෛවය නොව ඒ ක්‍රමයේ සරදමකි. ඒ ක්‍රමයේ පිළිතුරු සියයට වැඩි ප්‍රතිශතයකින් සාධාරණ විය හැකි නොවේ. එය රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ අද්දැකීමකි.
ඒ බඳු අසාධාරණ පිළිතුරු හැදූ චින්තනයන් නිසාම විනාශයේ මගට ඇද දමාගත් රටක ඒ මාන්නක්කාර උද්දච්ඡ පැළැන්තිය උනුන් අතරේ සූදුවකට තවමත් රට ඔට්ටු තබති. එය ඉවසිය යුතු කවර නම් පිරිසක් ද? නොඑසේ නම් එවැනි දෑ තවදුරටත් ඉවසන්නේ රටේ කවර නම් පිරිසක් ද? ඊට සාධාරණ පිළිතුරු මොනවාද?
තනි මහලේ ගෙයට දැමූ අත්තිවාරමක් මත දෙමහල් තෙමහල් බරටත් එහා ගිය සිවු මහල් ගොඩනැගිලි තනන්නට ගොස් තිබු තනි මහලේ නිවෙස පමණක් නොව අත්තිවාරමත් අහිමි කරගත් රාජ්‍යය යක් දැන් අත්තිවාරම් නැතිවම ගෙවල් හදන්නට යන්නේ හිතේ තිබෙන පරණ අත්තිවාරම මතකයට අරගෙන ය.
ප්‍රශ්නය මුලටම විග්‍රහ නොකර අපි අපවම නොහොත් රාජ්‍ය රාජ්‍ය රවටා ගැනීමෙන් වන්නේ ඉතා නුදුරු දිනක විනාශ වූ අත්තිවාරම පිහිටි මහපොළවත් අපට අහිමි වී යාම පමණකි.
මේ රටේ සාමාන්‍ය මිනිසෙක් හැටියට කල්පනා නොකොට යාන්ත්‍රික ලෙස දත්ත විශ්ලේෂණයකින් පමණක් මහජනතාවකගේ හෝ රටක හද ගැස්ම විශ්ලේෂණය කර ගැනීම අපහසුය. මහජනතාවගේ සද්භාවික සහාය දිනා ගැනීමකින් තොරව රටක් රාජ්‍යයක් කෙසේ නම් ස්ථාවර වේවි ද?
ස්වභාවික සම්පතින් අනූන රටක වුව එක් පිරිසිදු දිය බිඳක වටිනාකම රාජ්‍යයක් ලෙස අපි තවමත් නොතකන්නෙමු. මිනිසුන් හැර වනාන්තර සතා සීපාවා ගැන අපි කතා නොකර ඉමු. මන්ද ජලය පිළිබඳ ආකල්පය රාජ්‍යයේ දැක්ම තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත් වන හෙයින්ය.
යුක්තිය, ඉදිරිය උදෙසා අන් කවරදාටත් වඩා සාධාරණය, සාමුහිකත්වය අවැසි අද වන් අවදියක පුද්ගල පාපෝච්ඡාරණ තරමටත් අවංක නැති ඉහළ සංගීත පුටු තරඟ බඳු හුදු ආත්ම භාෂණ පොලිටිකල් ~ නොඑසේ නම් මෙලෝ රහක් නැති කලටිපොල් වලින් තවදුරටත් රටට කවර නම් ඵලක් වේද?
හරි කණ්ඩායම් නොසැලී තරඟ කරන තැන රට දිනනවා, ලාංකිකයන්ගෙ ධී ශක්තිය ඉහළයි, අපි දකිනවා..
රාජ්‍ය රකින්නම උපන් බව කියන දියසෙන්ල වැජඹෙද්දී, රට පරදින්නෙ, බංකොලොත් වෙන්නෙ කොහොමද?
වංචනික කණ්ඩායමක් නිසා. නොසැලී ම කෙසේ වෙතත් චීත්ත ගති ලක්ෂණ වලින් යුතුව කටයුතු කරන නිසා. කොල්ල කා ගත් පරමාධිපත්‍යයේ ශක්තිය වෙන තැනක තිබෙන නිසා රටක පරාජය අපි අත්දකිනවා..
ඇත්තටම අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරේ වහලුන් හැදුනෙ පහසු පැවැත්ම ස්ථිරසාර කරගන්නද? නූගත් කමට වඩා අපේ දිළිඳුකම ජඩ පැළැන්තියකට ආයුධයක් වුණා. ජාතිය ආගම ඒ පැළැන්තියේ ගිනිගල ~ ඒකෙන් අර ආයුධය හොඳට මුවහත් කළා. ආණ්ඩු අච්චු ගහල හරි මිනිස්සුන්ට සල්ලි බෙදුවෙ රටේ ජනතාවට ඇති ආදරයකට නොවෙයි, වහල් ඡන්ද පදනම රැක ගන්න.
අද මොකද්ද වෙන්නෙ.. වහල් රාජ්‍ය රැකීම උදෙසා කටවල් වසා දැමීම ක්‍රියාත්මකයි.
ඇයි බැරි සංවාදයෙන්, වැරදි පිළිගැනීම තුළ නිවැරදි තැනට හැමෝටම එන්න.
රටේ දියුණුව එතැන තිබුණාට පැළැන්තියක පැවැත්ම එතැන නෑ.
රටට වඩා රට කරවන පැළැන්තිය ආරක්ෂා කිරීමයි අද ප්‍රායෝගිකව රාජ්‍ය ආරක්ෂා කරනවා කියන්නේ.
රටේ මහජනතාවත් ලෝකයාත් ඉදිරියේ රාජ්‍ය ආරක්ෂකයන්ට මේ රඟපෑම තව කොපමණ කාලයක් කළ හැකිද?
අඩුම තරමින් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයෝ කියා දුන් පාඩමවත් පාලක චීත්තධාරීන් උගත යුතුයි.
සමස්ථ මහජනයාගේ ප්‍රබුද්ධත්වය සෙවීමට පළමුව තමන්ගේ සාමාන්‍ය බුද්ධිය අවදිකර ගැනීම හැමගේ අනාගතයට සුබදායී වනු ඇති.
චීත්තයක් විධායක පුටවක වැනීමත් තවත් මල් චීත්ත ව්‍යවස්ථාදායක පුටු මත එලීමත් කැබිනෙට්ටුවේ චීත්ත ගොඩ ගැහීමත් ඒ රට චීත්ත වලට ඇති ආදරය පෙන්වයි.
මහජන සේවා භූමි ~ තවදුරටත් නාකි සිනහවෙන් හා තරුණ අඳෝනාවෙන් යුතු කෝලම් මඬු බවට පත් කිරීමේ අර්ථයක් ඇත්ද.!
සියළු පළාත් පාලන ආයතන වලට හා පාර්ලිමේන්තුවට පත්වන සියළු මහජන නියෝජිතයින්ගෙන් තමන්ගේ මන්ත්‍රී දිවුරුමට අදාළව එනම් තම තනතුරේ වගකීම තවදුරටත් රාජ්‍යයේ බංකොලොත් භාවයට හේතු නොවන පරිදි මූල්‍යමය වශයෙන් බන්ධනයකට ලක් කෙරෙන ~ රාජ්‍ය පක්‍ෂපාතිත්වය හා මහජන සේවය වෙනුවෙන් භූක්ති විඳින වරප්‍රසාද වලට යටත් නොවන පරිදි ~ ගවන්මන්ට් ලෝයලිටි / රාජ්‍ය ලැදියා බද්දක් අය කළ යුතුය.
මහජන සේවය හා රාජ්‍ය වෙනුවෙන් සේවය ගෞරවාන්විත වගකීමක් ඇති එකක් වීමට නම් මජරයින් බඩ පිනුම් ගහන රටක ඒ වෙනුවෙන් කැපවීමට කැමති රට වැසියෝ ගෙවා සේවය කළ යුතුය. අනික් අතට රාජ්‍ය පාක්ෂිකත්වය වෙනුවෙන් දිවිදෙන්නට උපන් අය ගෙවා සේවය කරන විට හොරා කන්නට තවත් නම් කිසිවෙකුට හැකි ද?
එබඳු ඇරඹුම් වලින් තොරව අවංක නීති ගරුක සාධාරණ මිනිසුන්ට මෙබඳු රටක සාමාන්‍ය ක්‍රමවේදයක් තුළ නම් කිසිදාක යුක්තියක් ඉටු වන්නේ නැත. ඒ බවට තවත් තර්ක නම් කුමකටද .
අක ලංකා
වීරයෝ හිත් වල
මජරයෝ රජ පුටු වල
කවි කතා පොත් වල
බලි කුරුටු ඇයි ද හිස් පිටුවල
හෝඩියේ අම්මා
රටට බැන්දේ පෙම් මා
සිරි ලකම සින්ඳා
රුපියලත් රහසේම ඉකි බින්ඳා
කර පටි නිසා සුදු
කපුටොත් විඳිති ගරු සරු
අයුක්තිය විසකුරු
සිපිරිගෙය රුකකි විටෙක රස ඵල දැරූ
මා හැර අනෙකෙකු බිලි ගන්න ~ පෝලිමේ හැකිතාක් පස්සට...
අවුරුදු හතළිස් පහක් සපුරා ගත නොහැකි වූ සිහිනයක් අවස්ථාවාදයකින් සපුරා ගැනීම උදෙසා සිහි මූර්ජාවෙන් මිදෙන දේහයක් නැවත බලයෙන් සිහි විසංඥ කොට ඊට අනුබල දෙන සමූහයක් සමඟින් එක්ව දුෂණය ~ නිහඬව බලා සිටිමින් ඊට දෙන අනුබලය ~ ඊළඟට ?
අපේ සිරිලංකාවද ? රාජපක්ෂලාගේ රට ද ! වික්‍රමසිංහගේ රට ද !
෴ පිස්සෝ හා වස්සෝ බලය හොබවන රටක සෙස්සෝ කුමක් කළ යුතුද?
තරුණයින්ගේ සාධාරණ ආණ්ඩු විරෝධය ~ රාජ්‍ය බලය අවභාවිත කරමින් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට හිතා මතා ම අර්ථ දක්වා ගැනීමට වලිකන අපරිණත උමතු පාලකයින් හා ගත් කළ තරුණයෝ සැබවින්ම රට පිළිබඳ හැඟීමෙන් ඉතා පරිණත ය. අප තවමත් කරන වරද නම් අදටත් රට කරන එබඳු අමනයින්ගෙන් දිව්‍යමය ආශ්චර්ය පැතීමය. සාපය බිම නොදමා කරේ හිඳුවා වඩම්මාගෙන යාමය. ඕකට සරලව කියන්නේ නිවට නියාලු ~~~ ජාතියක ගතිය කියාය. කළ යුතු දේ තනි තනිව ඒ රෝගයට බෙහෙත් ගැනීම යි. නැතිනම් මරණයෙන් මතු තබා මරණය තෙක් වත් ඔබට මේ රටේ සැබෑ සැනසීමක් නම් නොලැබෙනු ඇති.
අටවන අජාසත් වත!(තිරය පිටුපස අට මහා නිරය)
රට කන එකට විරුද්ධ වීම ත්‍රස්ත්‍ර වැඩක් නොවේ. ඒ අත එසවීම නිර්භීත කමක්.
රට කන පිරිස් සමඟ ඩීල් දැමීමත් ඒ හොරු ආරක්ෂා කිරීමට බිලි පුදදීමත් ත්‍රස්ත වැඩක්. ඒ සඳහා රාජ්‍ය බලය උපයෝගී කර ගැනීම බියගුළු නිවට නින්දිත දුෂ්ඨ කමක්.
෴දශක ගණනාවක දේශපාලන සූදු අන්තුවන් අතුගා දැමීම, රටේ යහපත පතන පුරවැසියන්ගේ පළමු වගකීමකි.
මේ ඔවුන්ගේ කෙළි බිම නොව අපේ මව් බිමයි.
ශක්‍රයා /වයිමා තුමනි,
විකල්ප ආකල්ප බල ගැන්වීම
පවතින හදිසි තත්වය තුළ හැකි ආසන්නම දිනයේ බඹ මොහොතට හෝරා කීපයකට පෙර මුකවාඩම් සහිතව සේනාසන්නද්ධව වහා අප රටට පැමිණ පුරවැසි සයිමාට තම ඡන්දයෙන් අරගලයෙන් වත් එලවිය නොහැකි ලෙස තවදුරටත් බල පෙරේත කමෙන් මල පෙරේත ලෙසින් රටට වින කරමින් රැඳී සිටින දියවන්නා වේ උන් හා උන්ට උඩ ගෙඩි දෙනවුන් සියලු දෙනා පොලු වලින් පහර නොදී මෛත්‍රියෙන් ඔවුන්ගේ නින්දිත ක්‍රියා පිළිවෙලවල් අනුව දණ්ඩනයට ලක් කොට නමුත් පශ්වාත් භාගයට හණ ගසා හඳුනා ගැනීමේ ලකුණු තබා බහු ජනයාගේ හිත සුව පිණිස මෙරටින් එලවා ඔවුන්ගේ වයස හා රෝගී තත්වයන් අනුව මහලු මඩම් වලට හා රෝහල් වලට ගෙන ගොස් දමනු මැනවි !
ස්තූතියි,
ගමේ මහ පාරේ පෝලිමේ සිට රටේ මැතිසබේ දක්වා දැන් අවශ්‍ය හොරකම මැරකම ජඩකම පරදන එකම මානුෂීය අරගලයකි !
බල ලෝභය, උද්දච්ඡ බව හා මාන්නාධික බව නිසා සියළු අවස්ථා පැහැර හැර ගත් පාලන ක්‍රමයකට සහ එය පවත්වා ගෙන යාමට උඩගෙඩි දෙන නො මිනිසුන් උදෙසා වෙනත් විසඳුමක් නැත.
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් දේශපාලනය යුද්ධය අරගලය ආදී එකී මෙකී නොකී සමාජ සංසිද්ධි තුළ එකී අරමුණු ඉලක්ක මත හෝ ඉන් පිටත හෝ මිය ගිය, පරිත්‍යාග වූ ජීවිත වල නාමයෙන් බල තණ්හාව පරදා ලාංකීය ජීවිත පිළිබඳ වටිනා කමක් හදමු මිනිසුනේ!
ඡන්දයෙන් ~ පාලකයො පාක්ෂිකයො මිස ක්‍රමයක් හැදුනෙ නෑ
අරගලයෙන් ~ නායකයො ආනුගාමිකයො මිස ක්‍රමයක් හැදුනාද ?
අවශ්‍ය රටක් හදන ක්‍රමයක් දෙන විප්ලවයක් නොවෙයිද ?
යුද්ධය ගැන පම්පෝරි ගැහුවා, ධර්මය අවභාවිතා කරා, උරුමයන් ගැන කයිවාරු ගැහුවා ~ දැන් රට රටවල් ඉස්සරහා අඬා වැළපෙනවා, දුක කියනවා, මේ රටේ මිනිස්සුන්ගෙ ශක්තිය, වටිනාකම මොකක්ද? වැඩි කාලයක් අතීතයට යා යුතු නෑ. යුද්ධයෙන් පස්සේ රට ගොඩනගන්න ඕන තරම් කාලයත් මහජන සහයෝගයත් තිබුණා. තුන්කල් දැකපු පාලක මුත්තෝ එදා මොනවද කළේ ? ඒ හිටවපු අඹ ඇටවල ඵලදාවද මේ ? මතක තියා ගන්න අද පැල කරන දේවල් වල ඵලදාවත් ජීවත් වෙලා හිටියොත් හැට හැත්තෑවක් ගිහින් හරි අපිටත් භුක්ති විඳින්න වෙයි මේ ලෙස හෝ මීටත් වඩා හොඳින් ම! අද යැපීම වෙනුවෙන් රටත් පරපුරත් බිල්ලට දෙන පාලකයෝ කිසිවෙක් හෙට දිනේ අපත් සමඟ මේ රටේ තබා ලොවෙත් සිටී දැයි ඔබම තේරුම් ගත යුතුව ඇත.
අපේ රටේ වීරයින් බිහි වෙන්නේ මරලා හෝ මැරිලා පමණක්ද ?
අද වෙනකම් වීරයින් විසින් මරලා හදපු රටකුත් නෑ
අද වෙනකම් මැරුණු වීරයින් නමින් හැදුණු රටකුත් නෑ
එතකොට නොමැරුණු වීර ජීවිත විඳවනවා, මැරුණු ජීවිත වල සමීපතයෝ විඳවනවා
කොහෙද හැබෑ වටිනාකම ?
අවසානෙ සැබෑ වීරත්වය මැරිලා, මරලා
මරලා හෝ මැරිලා ආවේගයන් නිදහස් වුණත් රටක්, ජාතියක් නිදහස් වුණේ නෑ.
ඒක මේ ක්‍රමයේ රැවටිල්ල
අපි මරාගෙන මැරෙනවා
ක්‍රමය පවතිනවා
දක්ෂතා මළ කනවා
සුදුස්සෝ ලත වෙනවා
රට විනාශ වෙනවා
මේක විනාශකාරී ක්‍රමයක්
ගොටාබයට, රනිල්ට කරන්න බැරි දේ කරන්න පුළුවන් මිනිස්සුන්ට
හැබැයි
මරලා හෝ මැරිලා නෙවෙයි
එකමුතු වෙලා
අපේ ආදරණීය මව් බිමේ මෑත පාලන ක්‍රමවේදය 'මහසෝන්' වූයේ කවදාදැයි කීමට මම නොදනිමි. නමුත් මතුපිටින් දේවාලයක් කොට පුද පූජා කළද අද වන විට ක්‍රමයේ මහසෝනා එළියට පැන ඇත. අතීතයේ ඉටු කළ කාර්ය බාරය හැරුණු කොට වර්තමානයේ කිසිවක් කර කියා ගත නොහැකි ගෝඨාභය මහතා රටට එක දෙයක් කළේය. එනම් මහසෝනා හා සටනට වැද මහසෝනාගේ හිස කඳින් වෙන් කිරීමට සමාජයට ඉඩ දීමය. දැන් හිස නැති මහසෝන් කඳ ~ කවන්ද ක්‍රමය ~ තිබෙන්නේය. ඊට සුදුසු හිස බද්ධ කොට විකෘතිය ප්‍රකෘති තත්වයට ගෙන ආ යුතුය. එනම් නිවැරදි, පැහැදිලි, ශක්තිමත් ක්‍රමවේදයක් බිහි කිරීමයි. නමුත් ගෝඨාභය මහතා නොකරන්නේ ඒ වැදගත්ම ටිකට දායකත්වය නොදීමයි.
හිසක් නැති ක්‍රමයක් තුළ ලංකාවට පැවැත්මක් නැත. වැඩි ජාතක ඕනෑ නැත. ඒකට උම්මග්ග ජාතකය ඇති ය. උපක්‍රමික සැලසුම් නැතිව පැවැත්මක් රටට නැති ය. තාක්ෂණය හා චින්තනය වේගවත් සමාජයක උපක්‍රම යනු තවදුරටත් සතර කන් මන්ත්‍රණ හෝ තොරතුරු සැඟවීම නොවේ. කලු කඩ හෝ ඩීල් හෝ නො වේ. පවතින දියුණුව හා වේගයම තම සවිය කොට ගැනීමයි. ප්‍රතිවිරුද්ධ බලය ම අවිය කොට ගැනීමයි. ගෝඨාභය බලය තිබියදීත් අදටත් එම අවිය අතට ගෙන නැත. හේතුව ඔහුට කාවින්ද දේවින්ද පුක්කුස හා සේනක හිටියත් මහෝෂධ කෙනෙක් නැති නිසා ද ? රනිල් අගමැති කේවට්ටයෙකු දැයි මා දන්නේ නැත. ඔබේ අඩ පණ වියත්මග කුමක්දැයි මා දන්නේම නැත.
රටේ භාණ්ඩාගාරයේ ස්වං ආරක්ෂනය සඳහා ප්‍රමාණවත් ඉතිරියක් නැත්නම්, අපට නැති වීමට තවත් එතරම් දෙයක් නැත්නම් නැවත ගොඩ නැඟීමක් උදෙසා වේගවත් සටනක්, ඒ සඳහා සැළසුමක් නැතිව අපි තවත් කුමක් කරමුද?
හරි මතයකට එකඟ කළ හැකි බුද්ධිමත් ජනයා වැඩි බහුතරයක් සිටින මේ රටේ ජනතා බලය වරප්‍රසාදයක්, දේව වරමක්, කර්ම ඵලයක් සේ සලකන මහින්දට වෙනස්ව හිතන්නට ගෝඨභයත් බියය. ජනතා බලය ශක්තියක් කොට පෙන්වූ අරගලය උරගලක් කොට පාඩමක් ඉගෙන ගන්නට තරම් සහෘද මනසක් තවමත් ඔහුට නැත. තම දේශපාලනය උදෙසා මේ අවස්ථාව භාවිත කරන දේශපාලකයා අභිබවා රටට පුනර්ජිවයක් උදෙසා මේ අවස්ථාව හසුරවන්නට තීරණ ගන්නට ඔහු දුරටත් බිය ය. වැරදි අවස්ථා වල ගත් ස්වං තීරණ වල අසාර්ථකත්වය තුළ තවමත් හෙතෙම පීඩාවෙන් ය. මේ පීඩාවෙන් තමාට මිදීමට හැකි එකම මග දුෂ්කර සමය පසුවන තුරු රැඳී හිඳ සාමාන්‍ය තත්වයකට රට ගෙන එ්මයයි ඔහු සිතන බව පෙනේ.
පැය විසිහතර ක්‍රියාත්මක වෙන ගෝල් ෆේස් අරගලයේම මග ගනිමින් තමන් හොඳට ම කළ කෝවිඩ් අත්දැකීමෙන් උගනිමින් ම පැය විසි හතරම ක්‍රියාත්මක විවෘත ආර්ථික ආපදා කළමණාකරන මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදන්නට ඔහුට හැකියාව තිබිණි. අද රට තිබෙන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික ආපදාවක නම් ඉදිරියේදී තවත් ආහාර අර්බුධයක පෙරනිමිති පවතින්නේ නම් අප දැන් පැය විසි හතරම සුදානම් විය යුතු හා මුහුණ දිය යුතු හා පුමුඛතවම අත ගැසිය යුතු දැවැන්තම කාර්ය භාරය එය නොවේ ද? සියලු කාර්යන් ඒකාබද්ධතාවයකින් යුතුව කළමණාකරනය නොවීම නිසා මේ තාක් වන අපතේ යාම්, නාස්ති වීම හා විනාශ වීම් මේ මොහොතේ සහ ඉදිරියට තවත් බරපතළ බලපෑම් වනු නැතිද?
ඉන්ධන වල සිට විදුලිය දක්වාත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයේ සිට එළවලු පළතුරු ටික දක්වා මෙන්ම මේ මොහොතේ නිවරද වශයෙන් සන්නිවේදනය විය යුතු දත්ත හා තොරතුරුත් දක්වාත් සමස්ථ පද්ධතියක වැදගත් කම කොතරම්ද? එහි වගකීම් ගන්නවා හැර තව දුරටත් අස්ථාවර රාජ්‍යයක රාජ්‍ය පාලනය මෙහෙය වීම සතර කන් මන්ත්‍රණයෙන් කළ හැකි දෙයක් ද? ජනතාව විවෘත අවංක මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යන්නේ කෙසේද?
මහ ජනයා සමාජ මාධ්‍ය තුළ දේවාල, අංජනම්, සාස්තර බලමින් හෙට වෙන දේ, රටේ ගමන් මග පිළිබඳ තීරණ සෙවිය යුතුද?
ඔබට හැංගී හැංගී බැඳීමට තවත් වෙස් නැත.
ආහාර
සෞඛය
කෘෂිකර්මය
බලශක්තිය
නිෂ්පාදන
සේවා
අධ්‍යාපනය
මේ හැමදේම ආර්ථීකයයි. මේ හැම දේම මහජනයාගේ පැවැත්මයි. එලෙසම නැවැත්මයි. මේ ආදී කොට ඇති සියල්ල අමාත්‍යංශ නම් ඒ සියල්ලේ ඒකාබද්ධතාවය හැදීමත් කෙටි කාලීනව මහජනයා සමඟ සහයෝගයෙන් මේවායේ කාර්ය ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙලක් හැදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ය. වගන්ති සම්ප්‍රදායන් තුළ තමන් විලංගුලා රටටත් මහජනයාටත් විලංගු දැමීමෙන් අප සියලු දෙනාට සාම්ප්‍රදායික නොවන මරණයකට නම් උරුම කම් කීමට හැකි වනු ඇත.
මේ ඒ සම්ප්‍රදායට පයින් ගැසිය යුතු මොහොතයි. කොපමණ යුද්ධ කළත් ඔබට අද මේ මොහොතේ මේ සාම්ප්‍රදායික බෝඩරය සමාජීය අවශ්‍යතාව මත යුග පරිවර්තන අවශ්‍යතාව මත පවා අතික්‍රමණය කළ නොහැකි නම් කිසිසේත්ම අපට දෙපයින් හිට ගැනීමේ අදහසක් හෝ රටේ ඉදිරි යහ පැවැත්මක් ගැන කල්පනාවක් එතැන නැත.
ඉදින්, ජනතා සහායෙන් තොරව රටට ඉදිරි ගමනක් ද නැත. අඩු තරමේ ඔබ ඉවත් වන දිනයක් දක්වා හැම දිනකම හැම පැයකම මහ ජනයාට තමාගේ හෙට දිනය ගැන කතා කරන මෙහෙයුමක් රට තුළ තිබිය යුතුමය. එය මහජන බලයෙන් ශක්තිමත් විය යුතු ය. ඊට වෙනත් විකල්ප නැත. සියල්ලෝ ඔබ යටතට නොව එක මගකට ගත නොහැකි නම් තව දුරටත් එතන රටක් කොයින්ද?
වෙදදුරන් රෝග හදන්නේ නැත. ඔවුන් දෙන්නේ රෝග නිධානයට බෙහෙත යි.
රටක නායකයන් අර්බුධ නිර්මාණය කළ යුතු නැත. ඔවුන් කළ යුත්තේ අර්බුධයන්ට විසඳුම් ලබා දීමයි.
වෙදදුරාගේ ප්‍රමාදය රෝගය උත්ස්සන්න වීමටත්, සමහරවිට රෝගියා මරණයට පත් වීමටත් හේතු වන්නට පිළිවන.
රටේ නායකයාගේ ප්‍රමාදය රටේ අර්බුධ උත්ස්සන්න වීමටත් රටේ විනාශයටත් හේතු වන්නට පිළිවන.
ඔබ මේ ඉඩ දෙන්නේ කපුටු ගමනටද? මහජන මතයටද ?
වාසනාවටද? උස්සාහයටද?
අවාසනාව සහ විනාශයටද?
1.මේ ගෙවෙන්නේ අපගේ ජීවිතවල වටිනාම අවසන් තත්පර කීපය විය හැකියි !
2. මේ කඳුළු අවසන ඇහැට ගෑස් නැතිවම අප කාටත් කඳුළු බොන්න වෙනු ඇති !
3.තවදුරටත් මේ සමාජය දේශපාලනිකව විහිළුවක් කර ගන්නට රටක් ඉතිරි නොවනු ඇති !
එහෙම හිත් දෙකෝටියක් ! හිතිවිලි ප්‍රකෝටියක් ! වැඩ කෝටියක් ! සුදුසුම ක්‍රමයක් ! ඔබ / රට සුරකින නීතියක්
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට නොහැකි වුවත් ~ අතින් අල්ලා නැවතිය නොහැකි රට, හිතෙන් අල්ලා නවතනු නොහැකි ද!!!
ඒ හිත් හිමි මිනිසුන්ට වැඩ බාර දෙන්න.
ජාතක කතා වලට එහා හේතු ~ ඵල දහම ඉගෙන ගන්න. එහෙම දැක්මක් තුළින් අනාගතය නිර්මාණය කර ගන්න.
ඊයේ සහ අද වැරදුණු තැන් විමසන්න.
රට වෙනුවෙන් බෙදා ගන්න බැරි වුණා ඔබට ~ මේ මොහොතේ බෙදා ගෙන වැඩ කරන්න තිබුණා ~ කටයුතු කළේ පිල් බෙදෙන්න, කාට කාටත් කැපී පේන්න ඕන වුණා, ලකුණු ඕන වුණා.
පිල් නොබෙදී බෙදා ගෙන වැඩ අපට පුළුවන් නම් !
රට වෙනුවෙන් කැප කරන්න බැරි වුණා ඔබට ~ මේ මොහොතේ කැප වෙලා වැඩ කරන්න තිබුණා ~ සිද්ද කළේ කාලය නාස්ති කිරීම, පාර්ලිමේන්තුවම විහිළුවක් වුණා, මහජන විශ්වාසය නැති වුණා
විශ්වාසයෙන් කැප වෙන්න අපට පුළුවන් නම් !
රට වෙනුවෙන් වැරදි පිළිගන්න බැරි වුණා ඔබට ~ වැරදි පිළි අරගෙන නිවැරදි වෙන්න තිබුණා ~ රටම ගිනි තැබුවා, වෛරයට මග හැදුවා, ලෝකෙටම විහිළුවක් වුණා
වැරදි පිළි අරගෙන නිවැරදි වෙන්න අපට පුළුවන් නම් !
රට වෙනුවෙන් අත් හරින්න බෑ බෑ බෑ කීවා ඔබ ~ අත් හැරීමෙන් අලුත් අවස්ථා හදන්න තිබුණා ~ රට ආපහු පරණ පීල්ලෙම තැබුවා, ක්‍රමය සරණං ගච්ඡාමී කීවා, අඳුරු අහසේ රිදී රේඛාව දරුණු හෙනයක් බවට පත් කළා
රට වෙනුවෙන් අත්හැරිය යුතු දෙයක් අත් හරින්න පුළුවන් නම් අපට !
රට වෙනුවෙන් බැරි දෙයක් නැත ~ එකකින් පටන් ගත් කළ ~ එකින් එක ගොඩ නැගිය හැක. රටම තල්ලු කළ පසු එතනට ~ හෙට පටන් ගන්නේ එතැන් සිට !
උපුටනය ~ එහෙම හිතකින්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ජීවිත වල දුක්ඛ දෝමනස්සයන් මෙපමණ නම් ඔවුන් නියෝජනය කරන සාමාන්‍ය මිනිසාගේ දුක්ඛ දෝමනස්සයන් කෙබඳු වනු ඇතිද?
භෞතික දේපළට වඩා ජීවිතත් ඒ ජීවීත ජීවත් කරවා ගැනීම උදෙසා රටේ සාමාන්‍ය මිනිහා කොපමණ දුකක් දරන්නේද?
කිසිඳු අමතර බල වරප්‍රසාද නැති සාමාන්‍ය මිනිසා තමාගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා වලදී නීතිය හා සාධරණත්වය ඉටු නොවීම තුළ කොතරම් පීඩාවකට ලක් වෙනවා ඇත්ද?
ඒ අසාධාරණයන්ට එරෙහිව හුදෙකලා සටන් කොපමණ වේදනාත්මක වනු ඇත්ද?
නඩුත් බඩුත් හාන්දුරුවන්ගේ වන නොවන කොයි විටත් සාධාරණය උදෙසා සාමාන්‍ය මිනිහාට කොපමණ මිලක් දැරිය හැකිද?
තමා සහ තම පවුල පීඩාවට පත් වෙද්දී දුක වේදනාව සමඟින් හැඟීම්බර වන මහජන නියෝජිතයන්ට ඒ බඳු කාරණා ගැන හැඟීමක් දැනීමක් අඩු තරමේ තමා නියෝජනය කරන්නේ එබඳු අවශ්‍යතා වලින් මිරිකෙමින් සිටින පීඩිත මහජනතාවක් බව බොහෝ විට මතකයේ නැති ය. නැත්නම්, අමතක කොට හැසිරීම බලය සමඟින් අවස්ථාව ලබා ගැනීමට මඟක් කොට ඇති හෙයින් තම දේශපාලනය උදෙසා ම මේ ක්‍රමය පවත්වා ගෙන යනවා ය. දෙන දේ අරගෙන වෙන දේ බලාගෙන ඉන්න පුරවැසියාට ඔවුන් හරි ආදරේ ඒකය.
ඡන්ද කාලයට මොන මොන මහප්‍රාණ කීවත් වැඩේ පිළිවෙල එහෙමය. සැළකිල්ල තමාගේ ළඟම පාක්‍ෂිකයාට මිස පොදු මහජනයාට නොවේ.
මේ ක්‍රමයම ප්‍රචණ්ඩය. නීතිය තුළින් වුව යුක්තිය ඉටු කර ගැනීමට අනවරතව සටන් කළ යුතුව ඇත. ඒත් සාධාරණය අවිනිශ්චිතය. ඇතැම් විට මිල අධිකය.
හැමෙකා බලය පසුපස දුවන්නේ බලයට මෙහෙවර කිරීමෙන් මිස සුව පහසු දිවි පැවැත්මට අදාළ නිදහස් නිවහල් ක්‍රමයක් රට තුළ නොවන නිසාය. නමුත් පිළිතුර පවතින්නේ බලය තුළ නොව සාධාරණ ක්‍රමයක් ඒ ක්‍රමය නඩත්තු කරන විනයක් / නීතියක් තුළ බව දැන් වඩාත් පැහැදිලිය. එසේ තිබියත් සාම්ප්‍රදායික වහල් මනස ආවඩන්නේ පවතින ක්‍රමයටම මුක්කු ගැසීමටය. දුර්වල විට හිස් සඟවා බලය සහිතව කවදා හෝ යළි ඒ ප්‍රචණ්ඩ හිස් එසවීමටය.
රටේ භාණ්ඩාගාරය හිස් වන තුරුත් කිසිවෙකුට කිසිවක් ගැන වගේ වගක් නොතිබුණි. පාර්ලිමේන්තුව විනෝද සමයක් විය. ප්‍රචණ්ඩත්වයට බිම් සකසා එහි බීජ වපුරා සුපුරුදු සම්ප්‍රදායෙන් අස්වැන්න නෙළීමට අසමත් වූ කළ ප්‍රචණ්ඩත්වයේ ඵල විපාක ගැන බණ කථා කිරීමේ ඵලය කිම.
දේශපාලනයේ ඉහ නිකට පැහැණු මොවුන්ගේ කටේ නිතර තිබුනේ හැත්තෑ අසූ ගණන් වල භීෂණ සහ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ගැන ආප්තෝපදේශම ය. ඉතින් ඔවුන් සාධාරණ ජන ආවේගයකට ගිනි තැබුවේ ඒ අතීතයෙන් ප්‍රචණ්ඩත්වය පිළිබඳ පාඩම් අමතක වූ නිසාද?
කුරුමානම වරද්දා ගෙන සමාජ වෛරයකට ගොදුරු වී අවස්ථාවාදීන්ට එහි අනිසි ඵල නෙළන්නට ඉඩ හැදුවේ මහජන මන්ත්‍රී කියා ගන්නා ඔවුන්ගේම කණ්ඩායමක් නොවේද?
ඔවුන්ගේ ඒ දේශපාලනික ආවේගය සමාජය පරණ තැනට ම තල්ලු කරන කාලකණ්ණි ප්‍රචණ්ඩ ක්‍රියාවක් පමණක් බව දැන් තව දුරටත් පැහැදිලි ය.
මිනිසෙකුගේ නොව සතෙකුගේ වුව පර පණ නැසීම, දේපළ විනාශය හෝ කොල්ල කෑමේ තිරශ්චීනත්වය ගැන අමුතුවෙන් කතා කිරීමට දෙයක් නැත.
එබැවින් යුක්ති සහගත සමාජයක්, යහපත් සාධරණ ක්‍රමයක් දක්වා රට තල්ලු වන තුරු අප විසින් පවත්නා ක්‍රමය වෙනස් කිරීමට සාධාරණ ආවේගයක් තව දුරටත් මුදා හළ යුතුමය. එය ප්‍රචණ්ඩත්වයක් නොව සමාජ ප්‍රගමනයට අවශ්‍ය මහජන දායකත්වයක් විය යුතු ය. එය විවිධ පැහැයෙන් යුතු මලින් පිරුණු මල් වට්ටියකි, ඊට අත ගැසීම පින්කමකි.
ප.ලි.
තුනෙන් දෙකක බලයක්, හැටනව ලක්‍ෂයක ජනපති කෙනෙක්, වික්ෂයක් ස්වාධී මන්ත්‍රී කණ්ඩායම් සියල්ල මැද රනිල් අගමැති අද අපට හිනා වෙයි. ඒ හිනාවෙන් පැවසෙන්නේ තමාගේ ස්ථාවරයයි. රටක අස්ථාවරයයි. අපි මෙතෙක් නඩත්තු කළ දේශපාලනයේ ස්වරූපයයි. අප උපයා ගෙන ඇති වත්කමයි.
අනෙක් අතට මිය යන හෝ ඝාතනය කෙරෙන හැම ජීවිතයක් හෝ ජීවිත පරිත්‍යාගයක් ලෙස සැළකෙන හැම මිනිසෙකුම සිහි කරන්නට මිනින්තුවක් නිහඬ වෙන අපි එබඳු ජීවිත දස දහස් ගණනක් වෙනුවෙනුත් එවැනිම මිනිත්තුවක් වැය කරනවා මිස වසර ගණනාවකට අප කථා කළ යුතු උගත යුතු කිසිවක් සමාජයක් වශයෙන් උගෙන නැති බවද අවධාරණයට ගත යුත්තේත් රටක් හැටියට ම ය. ඒ නිහඬ මිනිත්තු තුළ කියවන්නේ අපගේ රාජ්‍යයේ නිර්ලජ්ජිත ශෝකාන්තය ය. තවමත් අප මිනිස් ජීවිතයක් පිළිබඳ තබන අවම ලංසුවේ කතාවය.
ධර්මය වැඳලා ඇවිත් රට ගිනි තැබීමේ සංස්කෘතිය රටෙන් අතුගා තමාගේ එකාට, පිට එකාට, විරුද්ධවාදියාට වශයෙන් තොරණ් පෙන්වන වෛවර්ණ නීතිය වර්ණ අන්ධ කොට සැමට යුක්ති සහගත කළ යුතුයි. බොරු සෝබන අමූලික ශ්‍රද්ධාව පසෙකලා ප්‍රතිපත්තිමය පින්කම් වලින් රට පෝෂණය කෙරුණොත් අපිට සැනසිලිදායක හෙටක් හැදේවි !
රටේ මේ තරම් දේවල් සිදු වෙද්දී දේශපාලන නායකයින් කියා ගන්නා මිනිසුන්ට කොන්දේසි වලින් එහා එකඟතා නැතිද?
ඉහළම පූජ්‍ය පක්‍ෂයේ සිට මහමග යාචකයා දක්වා සියළු වෘත්තිකයෝ, ශිෂ්‍යයෝ, උගත් නූගත් රට වැසියෝ කියන්නේ කුමක්ද?
අත්‍යවශ්‍ය සියල්ල සීමාකාරී වෙමින් යයි.
අවසන ගෝඨාභයගේ හිතේ ඇති දේ දන්නේ ඔහු ම පමණි. අප වැනි සාමාන්‍ය මිනිසෙකු නොවන තවමත් රටේ නායකයා වන ඔහු බොහෝ ප්‍රමාදවූවා වැඩී.
දැන් ඒ පමා වේ එල්ලී අපි තවත් කොපමණ පමා වෙමුද?
ඔහුගේ වරදටම එක් වී අපත් වරද්දා ගන්නවා ද?
කෙටි කාලීනව ගත හැකි අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ග නොපමාව ගත යුතු නොවේද?
ඔහුගේ ඉල්ලා අස්වීමේ එල්ලී විපක්ෂයේ පක්‍ෂ වගකීම කල් දමති.
පැවති ආණ්ඩුවේ ස්වාධීන වූවා යැයි පවසන පිරිස් විවිධ නායකත්වයන් යෝජනා කරමින් කල් මරති.
සියල්ලෝ ම කල් බලති. යෝජනා දමති. කවදා වන තුරුද ඒ?
කුමකටද ඒ?
අත්‍යවශ්‍ය සියල්ල තවදුරටත් සීමාකාරී වෙමින් යයි.
මෙහෙන් නොනවතින අරගලයකි.
සකි,
මහ බැංකු අධිපතිවරයාත් සිය තනතුර අත්හැර දමා යන තෙක් ම අපි හැම කල් බලමුද?
හිටපු අගමැති රටම ගිනි තබා ගියේය.
ජනපති තීරණයක් ගන්නට ඉන්නේ කුමකින් කුමක් වූවාට පසුව දැයි දන්නේ ඔහුම පමණි.
ඔහු නැවත සොරි කියනු ඇත.
දැනටමත් රටේ ආර්ථිකය ඔස්සේ අනාගතයට සොරි වී ඇති බව මහ බැංකු අධිපතිවරයා දැන් අවධාරණය කර ඇත්තේ වරක් දෙවරක් ද?
මේ මහජන නියෝජිතයින් කියනා මිනිසුන්ගේ සති ගණනාවක හැසිරීම කුමන නම් පිස්සුවක්ද ? ඒ ඔවුන්ගේ හැටිද? සියළු දෙනා තම වගකීම් වලින් මිදී මහජන නියෝජිත කම් අතහැර ගෙදර හිඳීම මේ කොන්දේසි මත නැහීමට වඩා හොඳය. දැන් කියා මහ වෙනසක් තිබේද? අද රාත්‍රී ජනපති විශේෂ ප්‍රකාශය මේ රටට විසඳුමක් ගෙනෙන තැනකට නතු කර නොගන්නේ නම් ~ හැම ගේ කැපවීමක් නැත්නම් මේක පිස්සුවක්ම පමණි.
නහයෙන් උඩටම වතුරේ ගිලුණාට පසු ටික වේලාවක් හුස්ම පවතිනු ඇති. ඉන් පසු සියල්ලන්ටම ඒ උමතුව තුළ සතුටින් විනාශය අත්දකින්නට හැකි. රටේ උන්ට පිස්සු හා ඒ අපේ හැටි බව අවට ලෝකයා එවිට තහවුරු කර ගනු ඇති.
පොදු අරමුණු තුළ තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීමත් අවස්ථාවාදී ව කඩා වඩා ගැනීමත් නිර්ලජ්ජිත කුහක දේශපාලුවන් ආ වැඩූ පරණ සංස්කෘතියේ නෂ්ඨාවශේෂයන්ය. විනාශ කළ යුතු දශක ගණනාවක් නැවත නැවත අපව විෂම චක්‍රයක ලූ ඒ අධම පන්නයයි. මගේ රට කිය කියා මජර දේශපාලකයන් සිදුකළ දේම තවත් අය දිගින් දිගටම කරයි නම් ඔඋනුත් මජර මය.
සමාන්‍ය පුරවැසියා ප්‍රතික්ෂේප කරන්නේ ඒ මජර බලය යි. යහපත් රටකට අවැසි නිවැරදි ක්‍රමයක් හා ඊට සරිලන විනයක් ම යි. ආවේගය පළ කරමු. ඉවසීමත් පුරුදු කරමු. සාධාරණ වෙමු. ශක්තිමත් වෙමු. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමු.
රුධිර පිපාසිතයන් වැඩූ අරමුණු පරදවමු. කෙළවර ~ යහපත් රටක් හදා ගනිමු!
ඕනෑම දෙයක් සාමාන්‍ය තත්වයන් තුළ විසඳා ගැනීම නිවැරදි ක්‍රමයයි. ආණ්ඩුව ඒ සීමාව ඉක්ම වූයේය. රටම නාඩගමක් වූයේ ඉන් අනතුරුවයි. ආණ්ඩුව ඒ සීමාවද ඉක්ම වූයේය. සියල්ල විගඩමක් වූයේ ඉන් පසුවයි. රට යළි ගොඩ නගන්නට නම් ~ පළමුව ආණ්ඩුව හැදූ විගඩමෙන් යළි සාමාන්‍ය තත්වය දක්වා රට ආපසු ඇදගෙන ආ යුතු ය. එය කළ යුත්තේ අප හැමය.
විනයකින්, නීතියකින් තොරව යළි ගොඩ නැගීමක් තබා ආපසු හැරීමක්වත් සිදු කළ නොහැකි වනු ඇත.
තරුණ පරම්පරාවක කැපවීමේ ප්‍රතිඵලය, සමස්ථ මහජනයාගේ සැබෑ උවමනාව අපතේ හැරීම හෝ ඒ අවස්ථාව අපතේ හැරීම කිසිසේත් කළ යුතු නොවේ. ආවේගය නිසි තැන නිසි විට මිස ආවේගයෙන් ම රටකට ගමනක් යා හැකි නොවේ.
එබැවින් අප ආවේගයෙන් ඉදිරියට යාමට පෙර නැවත ආපසු හැරී ඉවසීමේ අරගලයට පැමිණය යුතුමය.
දේශපාලුවන් බලයෙන් මත්වී අත්දුටු විනාශය මහජනයා වශයෙන් රටක් වශයෙන් ආවේගයෙන් මත්වී අප උදා කර ගත යුතු නැත.
අද රටේ පාර්ලිමේන්තුවක් නැත. ඇත්තේ නාඩගම් මඩුවකි. අදත් හෙටත් එහි රටටම නාඩගම් පෙන්වනු ඇති. වගන්ති වලට වහං වී ජනතාවගේ අටු කඩා හපුටු උන් පුටු හදා ගත්තා පමණකි.
උන්ගේ පරපුටු කඩා ජනතාවගේ අටු සකස් කර ගනු විනා දැන් අන් මගක් නැති.
ධර්මය හා විනය ශාස්තෘන්ගේ ඇවෑමෙන් ගුරු තනතුරට පත්වන්නේ වටින්නේ අනුගාමී හිසක් නොව ප්‍රතිපදාව හෙයිනි.
රටක ට නිවැරදි ඔළුවක් ~ නායකත්වයක් යනු හුදු හිසක් මත නොවෙනස් වන ප්‍රතිපත්ති මාලාවක්, ජාතික ප්‍රතිපත්තියක් !
අපට ඕනෑ යහපත් හෙටක්, යහපත් රටක්, ජරාජීර්ණ කුණු වුණු පිළුණු ක්‍රමවේදයට විකල්පයක් මිස පරණ ඉඳුල් වලට අළුත් පිඟානක් නොවේ !
රට ජාතිය කියා බොරුවට තැටමුවා මිස පාලකයො කිසි දිනක රට සංවර්ධනයට ජනතා දායකත්වය ගත්තේ නෑ. තරුණයන් ව යුද්ධෙට දැක්කුවා මිස තරුණ ජවය රට සංවර්ධනයට දායක කර ගන්න කිසි නායකත්වයක් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. අලුතෙන් හිතන්න, රටේ ඉදිරිය ගැන හිතල හදපු කාලරාමුවක් තිබුණේ නෑ. තමන්ට දේසපාලන අනාගතයක් තියෙනවද කියන එක මිසක් රටට අනාගතයක් තියෙනවද කියන එක හිතුවෙ නෑ. ජීවත් වෙන්නෙ මේ පොළොවෙ කියන එක ගැන හැඟීමක් තිබුණේ නෑ. අපිව රස්තියාදු කළා. ගමේ ග්‍රාම නිලධාරිගෙ කාර්යාලයේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම රස්තියාදු කළා විතරයි. කරපු සොච්චම ගැන කෝටියක් කයිවාරු ගැහුවත් නොකෙරුණු කෙළ කෝටියක් කාරණා ගැන කිසිම විචාරයක් තිබුණෙ නෑ. කෙරුණ සාධාරණ සදය විචාරයක් වත් සත පහකට මායිම් කරපු ඉතිහාසයක් අපි දැකල නෑ.
බලය ඉස්සරහ උවමනාවටත් වඩා දෙකට තුනට නැමිල
අතිගරු
ගරු
කියමින් ඇත්තෙන්ම ගරුකටයුතු මිනිස්සුන්ට තිබ්බ වටිනාකමත් නැති කර ගත්ත සමාජයක් අපි. ඒ කාලෙම ආචාර්යවරු පැටව් ගැහුවා. දේශමාන්‍ය කම් වීරයො ජාති හිතෛශීන් හැම තැනම. ඒ හින්දම වෙන්න ඇති අද අපි මෙහෙම තැනක.
සුදුස්සා සුදුසු තැන ගන්න සටන් කරන්න ඕන රටක් හැදුනෙ ඔන්න ඔහොම.
තවදුරටත් අපේ මහ වුන් වැරදුණු තැන්, වරද්දාපු තැන් පිළිගන්න සූදානමක් නෑ. හිස කඳෙන් වෙන් වුණාට පස්සෙත් කෙටි වෙලාවක් පණ ගැහෙන කවන්ධයක් වගේ දැන්. මහසෝනෙක් හදාගන්නෙ නැති වෙන්න නිවැරදි ඔළුවක් ඕන වෙලාවක් දැන්. ආපස්සට ගමනක් නැති ඉදිරියට පමණක් යායුතු වෙලාවක් දැන් !
අපමණ බලපොරොත්තු රාශි ගත කොට අසීමිත බලයක් ජනතාව විසින් පවරා ඇති කලද, කළ යුත්ත පසෙක ලා තම පවුලේ හා පුද්ගලික අභි~මානය තකා සැබෑ මහජන මතය මඟ හරින්නා බිය සුළු නිවටයෙකි.
සැබෑ බහුජන මතය, සැබෑ වියත් මතය විමසන්න ෴