Monday, May 8, 2017
තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)
Monday, January 9, 2017
දුර බලන්න, දෙවනුව ළග බලන්න (25ක් 2ක්)
අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න, අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙලා එකම කැපකිරීමකින් වැඩකරමු.
එහෙම කියන්නත් ඒ විදිහට වැඩ කරන්නත් බලය ඇති කාටවුනත් මෙහේ බාධා කරන්නෙ කව්ද? බාධා වලට යටපත් වෙනව නම් ඒ බලය කියන්නෙ මොකක්ද?
අසීමිත බලයත් මිනිහා සහ සමාජයට ගෙන එන්නේ විනාශයක් නම්, රටක දියුණුව සංවර්ධනය උදෙසා බලයේ ප්‍රමාණය පමණක් එකම සාධකය නොවන බව පැහැදිලියි.
බලය භාවිතා කරන්නන්ගේ පරිචය හා පරිණතිය.. ඒවා ගැන හිතනවාට වඩා ජන්දයකදි අප දකින්නේ දවස් කීපයක අනාගතයක් ගැන පමණක් නොවේද?
හදුනාගත් නොගත් කෙටි දිගු සියලු ප්‍රශ්න ගැටලු සදහා බහුවරණ ක්‍රමයට අනුව දී ඇති පිළිතුරු වලින් එකක් තෝරන කිසියම් නිර්මාණ ශක්තියක් නැති සියලුදෙනා මේ සදහා වගකීම දැරිය යුතුය. දේශපාලනයට සුදුස්සන් තේරීම සියලු ජනතාවගේ වගකීමයි. ඔවුන්වෙත පහසු ක්‍රමයෙන්ම පිළිතුරු සොයනවා වෙනුවට සුදුසු පිළිතුරු දිගු හෝ කෙටි වශයෙන් නිවැරදිව ලබා දීම සියලු දේශපාලකයන්ගේ වගකීමයි. ඒ සදහා අතර මැදි රාජ්‍ය නිළධාරීන්, සේවකයින් ඔවුන්ගේ නිසි හා නොමසුරු දායකත්වයත් වාද බේදයකින් තොරව සංවාදශීලීව ක්‍රියාශීලිව සිදුකරනවා නම් බලය ක්‍රියාත්මක වීමේ බාධා මග හැරී නොයන්නේ නැතිද.
තත්වාකාරයෙන් කරණු සරල හෝ පහසු නොවෙතත් එබදු ලෙසකින් මිස ජයගත නොහැකි අපේ ගැටලු වලට පොළොවේ පස් කෑමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකිද?
ඒ බදු නිවරැදි ක්‍රියාවලියකට යත්න දරණ අතරේ සමාජයේ සියලු තැන්හි ඇති දුර්වලතා ගැන අවබෝධයෙන් හා විනාශකාරී නොවන නිසි හඩ නැගීමකින් පමණක් නොවෙද අපටත් රටටත් ඵලක් වන්නේ, අඹ ඇටයෙන් ඵල ලැබීමට හැක්කේ, ගොවිතැනින් නිසි අස්වැන්නක් ලද හැක්කේ, රටක දියුණුවක් දැකිය හැක්කේ අන් කවර මගකින්ද?
අපට ඒ සදහා දිය හැකි දායකත්වය නම් කිසි දේශපාලකයෙකු කෙරෙහි විශේෂ අනුග්‍රහයකින් තොරව අවස්ථාවට කාලයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීම හා නුසුදුසු විට ඔවුන් ඉවත් කිරීමත්, එනම් ඔවුන්ගෙන් වැඩ ගැනීමත්, අපේ ක්ෂේත්‍රයෙන් අපට එළිපෙහෙළි කළ හැකි දියුණු කළ හැකිදෑ නිස්සරණයන්ම කිරීමත් නොවේද.
රට යනු ඔබත් මමත් භුක්ති විදින මහාම හිමිකම නොවෙයිද. ලෝක උරුමයෙන් මෙපිට අපේ අනන්‍යතාව රැදි උරුමය අප සුරැකිය යුත්තේ හදවතින් මෙන්ම බුද්ධියෙන්ද එකාවන්ව හිදිමින් මිස බෙදෙමින් වැනසෙමින් නොවේ. එහෙම ගියොත් අවසන කිසිවෙකුට බෙදාගන්නට කිසිත් ඉතුරු නොවේවි.
දුර බලන්න, දෙවනුව ළග බලන්න කියන්නේ පාට පක්ෂ දෙස බලාගෙන නොව යහපත් රටක මියයාමේ හෝ භාග්‍ය තවදුරටත් අපට තිබිය යුතු නිසයි. බිහිවෙන නව පරපුරක ජීවිගුණය ගැන ඔබ හිතනවානම් අපේ අවධියේ පරපුර මෙන් ඔවුන් දෙමගක් අතර අතරමං කොට පලා නොයන්න. සැබෑ පරාර්ථය හදුන්වා දෙන්න. නිවැරදි ක්‍රියාකාරිත්වය වටහා දෙන්න. පුද්ගලිකත්වයට වහල් නොවී තාක්ෂණට ඔවුන් පවරා නොදී පසුපසින් ඉන්න. ඔවුන්ට යම් සෙවණැල්ලක් වනු පිණිස ඔබ සැඩ හිරු එළියට මුහුණ දෙන්න. ඔවුන්ගේ හෙවණැල්ලේ සැගවෙන නිවටයෙක් වෙන්න එපා. හැබෑව හංගා ඔවුන්ගේ ආවේගයන් මතින් ඉගිල්ලෙන්න හදනු එපා, පෙනෙන දුරකදි ඔබ වැටෙනවා පමණක් නොව ඔවුන් ඔබ මතින් හැගීම් විරහිතව ඇවිද යනවා සත්තයි!
(25 කින් පසු අද ගැන හිතා දුක් නොවීම පිණිසයි)
Sunday, January 8, 2017
අවුල
අවසන සිදුව ඇත්තේ තමන්ගේ වගකීම නොගන්නා එනිනෙකා උනුන් හා කා කොටා ගැනීම පමණකි.
නමුත් මේ ඇත්ත පැහැදිලි කර ගැනීමට වඩා තොප්පි පාස් කරන ආතල් එකට බොහෝ අය කැමතිය. එනිසා කවුරු රට කළත් වැදගත් ඇත්තටම මේ පැත්ත බෙදී ගන්නා ආතල් එකය. අපේ කම කියා අපි ඔය අවුල් ආතල් එකම මතු පරපුරටත් උරුම කර දෙමු.
අපේ එකමුතුවේ මුතු ඇටයේ වසන්නන්ගේ හැකියාව ඔපමණකි. තමන්ගේ දුර්ගුණය පිළිගැනීමටත්,
අන්‍යන්ගේ යහගුණය ඔසවා තැබීමටත් නිස්සරණයක් නොතැනෙන තාක් අපි කොටහ ගමු, බදා ගමු. ගිණුම් පමණක් තර කර ගනිමු.
Friday, January 6, 2017
උඹට කුකවි
උඹ අල්ලපු අත්ත ඉහළය
උඹ පයගසා උන් පොළොවය
උඹ බීවේ ගගෙන් වතුරය
උඹ දැන් ආවඩයි මුහුදට
වගෙයි උඹෙ ඔලුවම පුස්වෙලා
හිස්වෙලා පිට කොන්දම උඹෙ මුදු ර බර් වෙලා
ලජ්ජාව උඹෙ බලුකිස්ථානෙට විකිණිලා
පලයන් උඹ කිරිකිස්ථාන් රජ වෙලා
සමහර කතා කියන්නට අපිට කිසිම උවමනාවක් නැත. නමුත් සමහර නිවටුන් නිසා සමහර කතා නින්නාද කරන්නටම සිදුවේ.
හැබෑ කුහකයින් මහා කාරුණිකයින් කරවන, කාරුණික මිනිසුන්ගේ ළතෙක් බව හුදු මෝඩකමකට පටවාලන්නට යන යුගයකි මෙය.
තමන්ගේ නින්දිත ජඩකම පිළිගැනීමටවත් අවංක කමක් නැති ජඩයන්ට සිය ජඩකම දෙපයින් බේරෙන තුරු බොහෝකොට මෙත් සිතින් කරුණා කළ යුතුමය. එය කාඩ්බෝඩ් වීරයන්ගේ යුගයේ අවශ්‍යතාවයකි, මෙහෙවරකි.
බෙල්ල කැපූවත් සුදුසු තැන සුදුසු ලෙස - එළිපිට වඩ වඩාත් වැඩියෙන් ඉදිරියටත් මම එය කරමි. මෙත් සිත වැඩිදියුණු වීම උදෙසාම කරමි. 😐
ඉක්මන් නොවුනේ? (නොදැමුණේ, මහළුවිය)
උපයා සපයා ගත් වටිනාකම්
දියකර යොබ්බන මදයට ලොල්වී
තකා අමුතු සුව පසුපස එලවා
ගොස් අඩ සිහියෙන් මරුවැල් පාගා
කිසි සරණක් නැති අසරණ ඉමකදි
සිහිකර දෙව්බඹු හා හා සම්බුදු හිමි
නොදැමුණ සිත සරණය සොයනා සද
කාලය ඉකුත්ව ගොස් ඔහු මහළුය
තාරුණ්‍යයේ වේගය හේතුවෙන් මග වරද්දා ගත්තෝ කී දෙනෙක් අදටත් මහළුවියෙහි තැන නොතැන දුක් විදින්නෝද?