අපි ඉන්නෙ හුණ්ඩුවේ
Saturday, March 14, 2026
නිරුත්තරද - අරුත්බරද
Wednesday, December 10, 2025
ලොජික් එක මැජික් කොට මැජික් අරිෂ්ඨ කිරීම = දෂ්ඨයට දෙස් දීම පිණිස වල්ගයෙන් ම ඇල්ලීම!
මැරෙන මිනිස්සු ජීවමාන කොට පෙන්වීම මැජික් ය.
ලෙඩ වන මිනිස්සු නිරෝගීවම පැවැත්ම මැජික්ය.
මහලුවන මිනිස්සු තාරුණ්‍යයේ ම තැබීම මැජික්ය.
මැජික් සැප මාළිගා මැද ඒ මැජික් බව වැටහීම ලොජික්ය.
Friday, August 15, 2025
Fore
තොග වශයෙන් රංග ගත වන ජාතික නර්තන අංග අතරේ
අදේශපාලනික යුක්තිය උදෙසා නායක සොල්දාදුවන් ගණන මද වේ
හිංසක පීඩක ඝාතක තිරිසන් නාමික මිනිස් කතරේ
සිල්ලරව මියැදෙන මිල නැති අංකිත මිනිසුන් සතුන් අපවේ
Thursday, August 14, 2025
Sunday, March 2, 2025
කවි කට - රට තොට
ජන කවි හා කොට කවි -
කොට කාලේ කීම් සොඳට
පෙර කාලේ නැත මෙහෙමට
සිත කෝලේ වගෙයි මෙමට
අපි රාළේ කපමු නොසිට
අපි නම් වෙස්වෙයි, රට නොහදා!
අහක යන නයි රෙද්ද අස්සට
ගෙදරට එන නයි අල්ලපු වත්තට
ගල් පාර දෙන්නෙ පාරෙ යන බල්ලන්ට
බලු කපුටු දානෙ නම් පන්සලේ බල්ලන්ට
(නයි ඇල්ලීමට බැරි බොහෝ දෙනා අල්ලා ගත හැකි බල්ලෝ පන්සලට ගෙනැවිත් දැමීමට නිර්දේශ කරති)
Wednesday, January 29, 2025
ඉඩෝරය කල්පිරි!
Thursday, August 22, 2024
දොන් ජුවන්ගේ ට්‍රෝජන්-ධර්ම රාජ්‍ය පාලන තියරිය පරදවමු!
Tuesday, July 23, 2024
Friday, July 12, 2024
ෆේල් පීපල්!(එතුමා වැරදි නැත)
තාලයකට අත් පොඩියක් ගහන්ඩ බැරි මිනිහෙක්ට කාලයකට රටක් හදන්ඩ බාර වෙනවා කියන්නේ ඇත්තටම ඒ රටේ මිනිස්සුන්ට බෑ!
Thursday, June 13, 2024
බෑ ... බෑ ... උම් බෑ! (ආපහු හැරෙන්න බෑ - නායකතුමා අනුව යමු)
උඹත් දුවපන් පයින් හරි
නවතින්න බෑ කන්නෙ පොරි
ඔහොම දුවපන් කොහොම හරි
පණ කඩාගෙන හති හලාගෙන
හිත හදාගෙන කට වසාගෙන
බැහැයි නොකියා එහෙයි කියලා
පිම්මෙ දුවපන් නගුට වනලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප ලුහුබඳිනවා
දිනන්නට බෑ හැරෙන්නට බෑ කෝටු පාරක් වදිනවා
නාස් ලණුවද වියගහද වැඩි පූරුවේ පව ගෙවනවා
කියන වේගෙට දුවගෙනම යමු අනේ වෙන මක් කොරනවා
Saturday, June 1, 2024
රටට ගැලපෙන ක්‍රමයක් ද ක්‍රමයකට ගලපන රටක් ද (කන් කන් බූරු - සිංගප්පූරු)
ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!
Monday, May 20, 2024
ඕනෑ නෑ අපිට පාරක්...(රටේ නායකත්වයට ටයරයක් ඕනෑ කර තිබේ)
ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක්
නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක්
ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක්
ටයර් සමඟ බැඳෙන වර්තමානයක්
ටයර් සමඟ පෑහෙන අනාගතයක්
ඔබේ තේරීමට
අමතර ටයරයක් (ස්පෙයා වීල්)
නැවත පිරවූ ටයරයක්
අලුත් ටයරයක් ?
පදින්න
බැරි නම්
පළදින්න
මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක්
නීරස දේශපාලන සාගරයක්
Friday, May 10, 2024
හෙන පතිත නොවීමේ විද්‍යාත්මක හේතු! (රටට හෙන)
හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.
Wednesday, April 24, 2024
Saturday, March 16, 2024
Thursday, October 19, 2023
අසරණ මී ජීවිත !
විධායකයේ පර්යේෂණාගාරය
ව්‍යවස්ථාදායකයේ භොජනාගාරය
අනිත් එකේ බන්ධනාගාරය
ඇහැරුණොත් ආදාහනාගාරය
අවස්ථා සම්බන්ධයක් නැති බව පෙන්වා ආඳා ලකුණෙන් එන විධායක සේදුම් යන්ත්‍රයක් සමඟ රාජකීය ගල් බමුණු ලකුණෙන් එන අග මැටි ෆිල්ටරයක් දිනා ගන්න.
කෙළ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
වණ වෙලා
බොහෝම ස්තූතියි
ඔබතුමා ඉඳගන්න
හෙණ ගහලා
බොහෝම ස්තූතියි,
කෙළ වෙලා වණ වෙලා නේ හෙණ ගැහුවේ
ඒක නිසා දැන් වැඩක් නෑ
ඔබතුමා ඉඳගන්න
Friday, October 6, 2023
හිත ඇත්නම් බුද්ධිය උනයි (නැත්නම් බුද්ධියට උණයි)
අර 225
+ විධායකය
+ නිළධාරීන්
තුළයි ලංකාවේ සුපිරිම බුද්ධිය තියෙන්නේ. ඒත් ඒ හැමෝම තුළත් නෙමෙයි. ඇතැම් අය තුළ. වාසනාවට ඒ අය රැක ගන්න ඇප කැප වෙන ජනතාවකුත් රටේ ඉන්නව.
ඉතිරි කෝටි දෙකට අංශුමාත්‍ර බුද්ධියක් තිබුණ නම් ආයෙ ආයේ ආයෙත් එයාලටම රට දීල මෙහෙම ඉල්ලගෙන කන්නෙ නෑ.
බුද්ධිය ගලන්නේ එහෙම එකක් තියෙන තැනකින් නේ! රටේ බහුතර සාමාන්‍ය මහජනයාට බුද්ධියක් ඇත්තේම නෑ. ඒ නිසා ඒ ජනතාව කොතැන ගියත් මග මැරුණත් රට කෙළින්, වැටෙන් නෑ.
හැබැයි අර සම්පත්ධාරී VlP ටික ගියොත් සහතිකයි පහුවදා සිට අපි බංකොලොත් !
Sunday, September 17, 2023
ඒක පිත්තල වුණොත් ඇති !
චුයිංගම් වුණාට පස්සෙ රට
ආස්වාදය හැපෙන තරමට
හවයක් වෙලා විසිවෙන හෙට
කෙළපිඩක් විට පඩික්කමකට

