Wednesday, November 30, 2016

තර නොවු දොස්..කොන් වෙමි.

රථය බස්
පුද්ගලික ය එ බස්
නොකළ අප කතා බස්
නොවුණි කතිකාවතට බස්

සිටින ඇය අනලස්
මුව මත නැගේ මදහස්
දැක එන මිහිරි අදහස්
පවසා වේද උදහස්

වා පිත් සෙම් රජස්
අපටත් ඇතේ සිව්දොස්
සමාදන් පෙහෙවස්
හැරිය යුතුමය සියලු වස්දොස්

එනිසා තවත් නැත දොස්
අමතක කරමි මගෙ තොස්
පවසමි හුරුම අණ බස්
කිම කරන්නද මමයි කොන්දොස්

Sunday, November 20, 2016

නියතය ජය! .. ණයත් නැති.. බයත් නැති..

ඊයේ ජය නොගත් සත්‍ය අදද
අද ජය නොගත් සත්‍ය හෙටද
හෙට ජය නොගන්නා සත්‍ය නුදුරු දිනයේද
ජය ගනු නියතය
මා
තවදුරටත්
සත්‍ය සමග යමි,
එය සටනකි..
අපූරු ,
ත ම
විස්මිත

Saturday, November 19, 2016

සගයාට සුබ පතමි, වරද නිවැරදි කරමි.(මොහාන්,මන්චි,අනුෂ්ක,වාසනා,උමේෂා ආදී ආදි කණ්ඩායමේ මතකයට රුකුල් දෙනු පිණිස වේ)

සමීපව කටයුතු කළ අපේ සගයකු ගැන පුවත්පත් සති අග අතිරේකයක යම් ලිපියක් පළව ඇත. ඒ ගැන පළමුව ඔහුට සුබ පතන්නේ ඔහුගේ අරමුණ යහපත් දිශානතියකට යේවා යනුවෙනි.
දෙවනුව ඇත්තේ යම් වරදක් නිවැරදි කරන්නටය.
ම විසින් වසර 2008 අපේ අධ්‍යයන කාරයයක් අවසානයේ නිර්මාණය කොට පසුව පළාත් මට්ටමෙන් යොවුන්නාට්‍ය උළෙලක 2011 දෙවැනි තැනට පත් නාට්‍යක් එම වසරේ ප්‍රථම ස්ථානයකට පත් ඔහුගේ නිෂ්පාදනයක් ලෙස පුවත්පතේ සටහන්ව ඇත. එම වසරේ පළමු ස්ථානයත් මගේම පිටපතක් හා අපේ නිෂ්පාදනයක් වූ අතර ඒ අවධියේ අපි අපිටම උදව් කරගත් කණ්ඩායමක් ලෙස බෙදාහදා ගෙන අලුත් දිරියකින් කටයුතු කළ පිරිසක් වීමු.
යෝ යෝ යනු දෙවන ස්ථානයටපත් (අදාළ නාට්‍ය) හා මෙහෙම යනු පළමු ස්ථානයට පත් අපේ ඒ කෙටි නාට්‍ය ද්වත්වයයි.
ඒ වරද ගැන සගයාද පිළිගන්නා අතර ඒ ගැන දන්නා කුඩා හෝ අපේ පිරිසට ඇති විය හැකි වික්ශිප්ත බවක් වෙතොත් පහකරනා අටියෙන් ලියූ පුංචි සටහනකි මේ.

Monday, November 14, 2016

- සදවත විශාලව දීප්තියෙන් පෙනේ, හදවත විසල්ව දීප්තිමත් වේවා හැමගේ.. ඉල් පෝදා පතමු මෙතින්!

Friday, November 11, 2016

සංසාරේ දිවක අපි!

ජඹුර වලේ මඩ තලනා
සංසාරේ අපි
හිණි පෙළ තරණය නොමකර
සසරේ ගැලි ගැලි
මඩ කැලතෙන හඩට රිද්ම
තාල දමා ලොලි
නටමු පේළි පේළි සැදී
මඩවන ලෙස ගොවි

වැපූරූ කළ තල අස්වැන්නට
නොමදෙයි අල
පැල ඉන්දූ අය හාරති
පැල වල මුල අල
වපුරන කල හොරාට වැපිරූ
මහතුන් කැල
අස්වැන්නේ නුගුණ කියති
මිටිකාගෙන දත

බලය සමග දත කාගෙන
ගැටුනු සම හරක්
සමග ඇදේ තවත් හරක්
කරට ගෙන බරක්
සංසාරේ කියන දුකම
නොවෙද මහමෙරක්
බලය නොවේ වටිනාකම
සබැදි පිළිවෙතක්

Thursday, November 3, 2016

නිවන් සුව! පතමි

ගැයුම් සුගැයුම් ගැඹුරේ
අපේ සන්තානයේ නින්නාදය
අමරදෙව් අමරදෙව්ම වේවා
සසර වසන තුරු
නිවන් දකින තුරු
අපේ පුංචි
හෙළ දීපේ...

Tuesday, November 1, 2016

මේක ඇත්ත

අද දොරමඩලාවෙ හරි අපූරු මාතෘකාවක් සාකච්ඡාවට බදුන් වුනා වෙනද වගේම, සියයක්ම ඇත්ත. එතන කීව නිසාම නොවෙයි, කාලයක් තිස්සෙ දකින ඇත්තක පැත්තක් පිළිබද ආපහු තදින්ම දැනුනු නිසා. තමන්ගේම මතවල එල්ලිල ඉන්න උද්දච්ඡ මිනිස්සුන්ගෙ පුහු අහංකාර කෙස් පැලෙන තර්ක නිසා එකතැන පල්වෙන අපේ රට.. දහසකුත් වැරදිකරමින් අනුන්ට උඩුබුරන මිනිස්සුන්ගෙ මාන්නය.. තමන්ගෙන් වෙන වැරැද්දක් ගැන කිසි හැගීමක් නැති උද්දච්ඡ කම. ඒ නිසාම ආත්මාර්ථය තුළටම කැසකවෙන මාන්නය.. ඒ තුළම කෑ ගසමින් පිරිහෙන සමස්ථය..
අපි සුප්‍රබුද්ධ නෑ. නමුත් ප්‍රබුද්ධ බව දැක තිබෙනවා. වැරදි හදාගෙන නිවැරදි වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා. මිනිස්සු නිර්භීත වෙන්න ඕනේ වැරදි පිළිගන්න. රටක් හැදෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ගෙ තරමටයි. අපේ සංවර්ධනයේ හැමදාම 'වෙමින් පවතින' රහස තියෙන්නෙ ඔතනයි.
*'රටක ජාතියක හෝ පුද්ගලයෙකුගේ සාඩම්බරය හෝ අභිමානය වචනාර්ථ කෙසේ වෙතත් කිසිදා නොසැලෙන පුහු උද්දච්ඡ කමක් නොවිය යුතුය' මම සිතමි.

'තරු පිරුනු ලොවක
මගේ තරුවේ මමත්වය
ලොවට එලියදෙන්නට නොව
බැබළෙන්ටයි උවමනාව'

කෙසේ හෝ...