රදළවාදයට ඇති බිය නැමති මානසික ව්‍යාධියකින් පෙළෙන ලාංකිකයා අලුත් අලුත් දෑ තැනුවත් කිසිදින ලොව තබා තම ස්වාධීනත්වයවත් නොදිනයි.
Sunday, June 30, 2019
නො දිනූ පෙම
ස්වප්නයෙන් දුටු මලකි ඔබ
සැබෑවෙහි සිහිනෙනුදු නොපැතූ
පැතුම් හැරදා සුසුම් පවනේ
විඩා හරිමින් උන්න වෙලේ
දිනක හිමිදිරි
අරුණෙ සුපිපුණු
නෙළාගනු බැරි දුරින් ළංවුණු
ස්වප්න මල නුඹ
සුවඳ නැංවූ
හදක සුමිහිරි හැඟුම් රැන්දූ
පින්බරට සරි - රොන්බරට පිපි
රන්සදිසි පෙති - මට සිඹිනු බැරි
අතක් තබනට - සිතක් නොමදෙන
මගේ නොමවුන - මටම හිමි මල
දුරින් හිඳ සිප ගනිමි ඔබ
ස්වප්නයේ දුටු අහිමි හිමි මල
Motto
Being a gentleman according to english tradition...සිංහල සම්ප්රදායට අනුව ගුණවතෙකු වීම... APE k(r)ame hopes නමි!
සසරට කුලිය
මමත්වයෙන් යුතු හැම හැඟීමකමට මිලක් ඇත. ඉල්ලා ගැනීමේදී ප්‍රවේශම් වන්න.
ටීකා.. ටිප්පණි
බඩගින්න අප කාටත් පොදු කාරණයකි. ඒත් එකිනෙකා ආහාර ගන්නේ තම තමාගේ කුසට බඩගින්න දැනෙන වෙලාවටයි. මගේ බඩගින්න ගැන මට ඇතිවන හැඟීම අනෙකාටත් එලෙසින්ම දැනෙන බව තේරුම් ගත් තැනැත්තා තමාගේ බත් පත කුසගින්නේ සිටින්නෙකු හා බෙදා ගැනීමට මැළි නොවේ. ඔහු ඒ කෑම පංගුවට මිලක් නියම නොකරයි. එහෙත් කොපමණ බඩගින්නක් තිබුනත් හෝටලයකින් දන්සැල් තබා පන්සලකින් දුගියාට ලැබෙන දාන පංගුවෙන් කොටසක් පමණවත් නොලැබෙයි. ඒ කෑම හෝටලයට අයිති ඒවා නිසා මුදලට මිස ඒවා කුසගින්න යන හැඟීම මත පමණක් අලෙවි නොවෙයි. අපි හෝටලයට ගොස් ආහාර ඇණවුම් කරන්නේ අතේ ඇති මුදලට ගැළපෙන්නටය. හිතේ හැටියට කන්නට ඉල්ලා සිටියොත් ඉල්ලුමේ හැටියට ගෙවන්නට සිදුවීම අනිවාර්යය. වතුර ටිකත් අද පිපාසයටම ලැබෙන්නේ නැත. එපමණක් නොවේ, ඔබට.. ඔබට.. ඔබට..ම කියා ආකර්ශනීය වෙළඳ දැන්වීම් තුළ ඇඟේ ගසන කවරක් වුව කාගේ හෝ අයිතියක් අලෙවි කිරීමකි. හිත හොඳ බව පෙන්වන වෙළඳාමේ සමහර උපක්‍රම ගැන මෑතදී පුවත් බොහෝ විය. සක්විති හොඳම උදාහරණයකි. ඔහුගේ මමත්වය උදෙසා ක්‍රියාත්මක වූ හැම හැඟීමකට මිලක් තිබුණි, ඒ මුදල ජනතාවගෙන් ඔහු ලබාගත්තේය. ඒ ජනතාවගේ මමත්වයන් සංතර්පනය නොකර ඔහුට සැබෑ නිදහසක් කෙදිනක ලැබේවිද? ලෝකය මමත්වයෙන් යුතු පෘථග්ජනයන් ගේ නිවහනය. ඒ බව තේරුම් ගන්නා තරමට ජීවිතය පහසු වනු ඇත.
Thursday, June 27, 2019
අපිට ඕන!
රටටම එක්ව නැටිය හැකි 'ජාතික නැටුමක්' තනන මී ළඟ ජනපති ටයි අපේ සහය.
"අපිට ඕන 'ජාතික නැටුමක්' සංසදය"
අතිශයින්ම වැදගති!(ඔබ සිංහල භාෂාව භාවිත කරන්නෙක් නම් සාතිශය වැදගති.)
තමාට අවුරුදු හය හතකින් බාල තරුණ අයෙකුට වැඩිහිටියෙකු සිය ගෞරවාදරය පළ කළ යුත්තේ
ඒ තාරුණ්‍යයේ
වයස
ස්ත්‍රී පුරුෂභාවය
සමාජ තත්වය තරාතිරම
වෘත්තීමයභාවය
බුද්ධි මට්ටම
සහ
තමාගේ එම මට්ටම් හොඳින් සංසංදනය කිරීමෙන් අනතුරුවය.
බොහෝකොට ගෞරවාදරය පළ නොකර සිටීමට හැකි නම් වඩාත් හොඳය.
වැඩි ළෙන්ගතුකමට පිටට තට්ටුවක් දැමීම, පුංචි විහිළුවක් කිරීම,
සද්භාවික දිරිගැන්වීමක් කිරීමට යාම,
ඔබ වෙනුවෙන් නඩුවක් ගොනු වීමට හේතුවක් විය හැක.
මේ නව ලෝකයේ පුද්ගල සමාජභාවය, ගෞරවය මානය රැකීම රැකදීම රැකගැනීම සියල්ලට පළමුය. එබැවින් තමා තමා ගැන බලාගැනීම විනා පැරණි පන්නය නව පන්නයට ගලපන්නට යා යුතු නැත. එය පැරණි පන්නයට හිතන්නන්ගේ හිතසුව පිණිස වනු ඇත.
(පැරණි පන්නයේ මිනිහෙක්)
මේ නටන්නට ගී කියන්නට කාලයයි
අහිංසක අංගුලිමාල වූයේ ගුරු වරදිනි. අංගුලිමාල රහත් වූයේ බුදු වදනිනි. සැබෑ යථාව ඔබට මට බොහෝ ඈතිනි.
Wednesday, June 26, 2019
Tuesday, June 25, 2019
Monday, June 24, 2019
ධ්‍යාන හා සමාජ සංවර්ධනය
සංවර උනාමලු ශීලය
ශීලය ගෙනෙනවාලු සිතේ එකඟකම
ඒ සමාධිය තුළ පෙනෙනවාලු ඇත්ත...
අත පය ඉස්සීම ගාණට තියාගෙන
හිත සන්සුන් කරගෙන
බැලුවම තේරුම් ගන්න පුළුවන් ඇත්ත
සමාජ සංවර්ධනයට මහමෙරක්
ධනාත්මක
සංවර්ධනාත්මක
ගුණාත්මක
පෞර්ෂ වර්ධන පන්තියක්
Sunday, June 23, 2019
මිලියන දෙකේ ප්රශ්නය
*ඔබ .. වඩාත් කැමති චරිතය හෝ භූමිකාව?
ජාතිවාදී /ජාතිකවාදී /ජනතාවාදී /ජනහිතවාදී /මානවවාදී /මානවහිතවාදී
*ඒ කුමන අධ්‍යක්ෂකවරයා යටතේද?
තුන්තරා..එක්
සහස් අදහස් වැස්ස වැහැලා
අනෝරා මුරුගසන් වී දැන්
ගඟත් පිටාර ගිහින් යන්තම්
පාරුවක එමි ම'දිවි බේරන්
සුළඟ දියවන්නාව උඩහින්
හමන සැරයට කුණාටුවකින්
මෙපිට නොනැවත ඇදෙන සුළියෙන්
ගුහාගත වෙමි ම'දිවි බේරන්
විරිය අධික වු අයෝමය සෙන්
මාර සේනා ලෙසට යුධයෙන්
රට රකින්නට පෙරට බටුයෙන්
පසුපසට යමි ම'දිවි බේරන්
ආදරය කම් රාග සැපයෙන්
උදම් වී ලා විලිය සිඳිමින්
අනවරත රා ගින්න බුරමින්
අරණකට යමි ම'දිවි බේරන්
කොතැනකට ගිය පසුත් පස්සෙන්
ඒ පසින් පස්සෙනුත් පස්සෙන්
කර්මයේ කරු මතින් ගැස්සෙන්
නිවනටම යමි ම'දිවි නිස්සෙන්
Thursday, June 20, 2019
අරුත කිම!
ප්‍රතිඵල ගැන කප්පරක් විරෝධතා දක්වන්නෝම හේතු සාධක පැළ කරමින් ඒවා අලෙවි කරමින් ව්‍යාපාර කරති.(හේතුඵල දහම අදහති. මැද මග ගැන බණ දෙසති)
Wednesday, June 19, 2019
Monday, June 17, 2019
සළුව අහසට
වස්ත්‍රය උස්සා බැලීම මෝස්තරයක් වූ තැන් පටන් ලාංකීය ජාතිය කලාව, ක්‍රීඩාව, දේශපාලනය තුළ සිදුකර ඇත්තේ තම නිරුවත පිටපත් කිරීම පමණකි.
ධම්මිකය පාවා රාජකරියා මුවාවේ
බුදු දහම වාසිය පිණිස උඩ දමන්නට කාසියක් කරගන්නට ආණ්ඩු උත්සාහ නො දැරිය යුතුය. සතට දහමින් අත්හැරීම ඔස්සේ නිවනට මග කියද්දී ඒ තාක් සියල්ල බදා අල්ලා ගෙන ඉන්නා දෙකෝටියක ට අධික මිනිසුන්ට දහසකුත් ප්රශ්න තිබේ. ඒවායින් බොහොමයටගම වගකිවයුතු ආණ්ඩු ඒ උදෙසා දාර්ශනික වන්නට උවමනා නැත. තමන් විසින් කළයුතු රාජ්‍යකාරිය සඳහා තාර්කික වීම ප්‍රමාණවත්ය. අප විසින් විප්ලවයක් කළ යුත්තේ ඒ රාජ්‍යයේ කාර්ය නොකර අයාලයේ පාදඩ කර්මයේ යෙදෙන මේ රාජ්‍ය මෙල්ල කරගනු පිණිසමය.
ගුත්තිල ගේ මූසල වන්
Sunday, June 16, 2019
හෙතෙම ලෝකයේ ගෝලයෙකි
Saturday, June 15, 2019
වැඩ බැරි ටාසන්ලා
කලාව, දේශපාලනය තුළ ගම් විගඩම් විකිණීම ප්රෝඩාවකි. අතීතය වත්මන තුළින් අනාගතය දකිනවා වෙනුවට අතීතයම හඹන්නේ ඉන් එහා දෙයක් බැරි හෙයිනි.
Friday, June 14, 2019
ඇදගෙන...ම
ටෙලි නාටක විකටයා, නාටකය ඇදගෙන යාම පිණිස විය. රටක ජනතාව ජෝකර්ට ඇඳ ගැනීම..රට ඇදගෙන යාම පිණිසමය. ඉතිං විකටයාට හෝ කවටයාට අඳිමු තදකොට
ෆයිනිල් ඩිෂිෂන්
අපි දුවමු - අපි පනිමු
ගී කියමු - අපි නටමු
බල පොරයට අපි ඇහැ නොදෙමු
බාල වියට ගොස් ඉදිමු
මාත්දිය
නැකතේ ප්රශ්න නිසා අවුලට යන රට.. අනේ මෙහෙම වංචාවක්.. අනේ මෙහෙම ලංකාවක්.. මිනිසුනි ලැබේලු ඉන් සම්මානත්
ගවයින් නිදහස් කරනු
පිං තකා අපමණ හරක් නිදහස් කරන රටේ විධායක ව්‍යවස්ථාදායක පළාත් පාලන ඇතුළු රාජ්‍ය ආයතන තුළ සිටින හරක් නිදහස් නොකිරීම මහා පාපකර්මයක්මය.
Thursday, June 13, 2019
සරණං!
දේව භාෂිතය යැයි කියූවත් මිනිස් මුවින් පරිබාහිරව එළිදුටු දහමක් ලෝකයේ නැත. වැදගත් දේ දහමක ඇති ප්‍රඥාගෝචර සත්‍යයන් හා එහි භාවිතාවය.
Wednesday, June 12, 2019
මාංශභක්ෂක
රටේ විධායක, ව්‍යවස්ථාදායක බලය යනු කොලුගැටැවුන්ගේ ජිල්බෝල සෙල්ලමක් නොවේ. ඒ බැව් සනාථ වීමට තව මිනිස් මාංශය කොපමණ උවමනා වේද?
Tuesday, June 11, 2019
Monday, June 10, 2019
Sunday, June 9, 2019
තම තමා (each)
මහින්ද, රනිල්, මෙෙත්රී, ගෝඨාභය, සහ ඔය ගොන් නටම බැඳෙන 225 ට අමතරව රටේ තවත් හත් අට දහක්ද සතියේ වැඩි දවස් ගණනක් සුදු ජාතික බැනියම් අඳිති. ලක්ෂ ගණනාවක් බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දූන්, බුදුන්ට දෙවියන්ට ගුරුන්ට දෙගුරුන්ට වදින දෑතින්ම උන්ට වඳිති. රටට වැදගත් ඒ කිසිවෙක් නොවේ. එබන්දන්ට අමතරව තවත් ලක්ෂ ගණනක් මිනිසුන් රට තුළ ජීවත් වීමයි. එයිනුත් කාළගුණයෙන් දේශගුණයෙන් හෝ මුදල නිසා මිනිසාගේ වටිනාකම පාවා නොදෙන ලක්ෂ ගණනක් රට තුළ තවමත් ජීවත් වීමයි. තුට්ටු දෙකට තම වටිනාකම හෑල්ලු කරගත් මහා ප්‍රතිරූපධාරියෝ ඉදිරියේ වචනයකින් හෝ ඇත්ත කතා කරන වඩුවා තනන්නේ පුටුවක් මේසයක් පමණක් නොවේ. එබඳු ගුරුවරයා සිසුන්ට ලබාදෙන්නේ දැනුම පමණක් ද නොවේ. එවැන්නන්ට නිසි සමාජ වටිනාකමක්, කරළියක් ලබා නොදී බල පොරයේ සිටිනා උන් පතුරුගසා අප සතුටු වූවාට සැබවින්ම එයින් අපට අද දක්වා වැඩක් වී ඇත්නම් ඒ දශමයකි. සිදුවිය යුත්තෙන් හරියට දශමයකි. අපේ රටේ කලාවෙන් වන සමාජ බලපෑම වාගේය ඒ දේත්. අපි හදා ගන්නා පොඩි ඉඩකඩෙන් පහළ මට්ටමේ ජවපොදි ඉහළට ඔසවනවා තබා අපි කරන්නේ අපේම උන්ගේ විඥානය පුළුල් කරමින් එකතැන හිඳීමයි. එක් පාර්ශ්වයක් කොතරම් පුළුල් කරගෙන හිටියත් ගණිකා මඬමේ ලැග එන ස්වාමියා මර නින්දේ නම් එතැන සුජාත දරුවෙක් බිහි වන්නට පසුබිමක් නැත. පාලිතයන් සේම පාලකයන්ද නින්දෙන් අවදි විය යුතුය. රටේ පරම්පරා ගණනාවක් තුළ සුජාත භාවයෙන් තබා සහජාත භාවයෙන් වත් යහගුණය නූපදින්නේ එහෙයිනි. ඒ බීජ කිසිදා ගර්භගත වී නැත. සැබවින්ම වඳභාවය තිබෙන්නේ එතැනය. මෙහි සැබෑව නම් මේ රටේ ජන විඥානයේ දුප්පත්කම නොවේ. හීන වීර්ය යි. ඇත්තට නිදන එකා අවදි කළ හැකි වුවත් බොරුවට නිදන මහ උන්, උන්ගේ අපහසුවට මිස රටේ අපේ අපහසුවට නැගිටින්නේම නැත. පහසුවට ලේසියි ජීවිකාව පවත්වන්නට වැල යන අතට මැස්ස ගහන්නේ ඊට එකඟ නිසා නොව විරුද්ධ වී ජීවිතය අපහසු කර ගැනීමට ඇති අකමැත්ත නිසයි. එතකොට මේ සමාජ ප්‍රගමන මල් වට්ටියට අතගහන්නේ කව්ද? ඒවායේ නායකත්වය ගන්නේ කව්ද? සහ ඔවුන් එසේ කරන්නේ ඇයි? පැරණි ක්‍රමයේ ගම්බිම් පදනමේ රාශිගත වීම් ස්වභාවයක් නැති අද ඔය සේරම කෘතිම නායකත්වයන් වෙයි. එවිට නැවත ගමේ දේශපාලුවා ගමේ ස්වභාවික නායකයා වෙයි. පූජ්‍ය හෝ පූජක පක්ෂය ගමේ ස්වභාවික නායකයන් වීම බොහෝ කොට නාමිකත්වයටම වැටී ඇත. රාජ්‍යයේ බලය පාලකයාගේ පැවැත්ම පිණිස පමණක් සක්‍රීය වෙද්දී අප බල්ලාගේ කිනිතුල්ලා මෙන් පරපෝෂී වන්නට හදන්නේ පාලකයාගේ ඇඟේ එල්ලී හදා ගන්නා සබඳයකින් මිස අප වෙනුවෙන් පවතින රාජ්‍යයේ බලය සක්‍රීය කර ගැනීමෙන් නොවේ. අපි අහවලාගේ කට්ටිය කියා අහවලාගේ බලයේ කොටස්කරුවන් ලෙසින් රැකෙන්නට හදන්නේ එහෙයිනි. එසේ නැතිව රටේ පුරවැසියන් ලෙස පෙනී සිටීමෙන් පමණක් අපට රැකවරණය ලැබීමට නම් අපට හුදෙකලාවේ සටන් කරන්නට සිදුවේ. ඒ සටනට තවත් පුරවැසියන් එක් වෙද්දී එතැනත් උගත් පණ්ඩිතයෝ ගුරුකුල ප්‍රශ්න හදති. පිරිසක් ඉන්දියාවෙන් පැමිණ මිශ්‍ර වූ නිසාමදෝ බමුණන්ටත් වැඩි බමුණෝ මෙහේ සිටින බව කියන්නට සිදුවන්නේ එවිටය.
සාමාන්‍ය ජන විඥානයෙන් කළහැකි දේ එය පුළුල් වූවා කියා නොකෙරෙන්නේ එහෙයිනි. ඇත්තේ පහසු ජීවිතයේ රුචිකත්වය පමණි. අද බහුතර සිංහල බෞද්ධයා කොහොමත් සරල ජීවිතය පතන්නෙක් නොවේ. එබැවින් ඔය ජන විඥානය පුළුල් කිරීමට වඩා බෙල්ලට පිහියක් තැබීම, කඩුවක්, තුවක්කුවක්, බෝම්බයක් බොහෝ තැන්වලදී සාර්ථක වී ඇත්තේ මරණයට වඩා අපහසුව තුළ ජීවිතය හෝ ඉතිරිවන වාසිය පහසු ජීවිකාවේ රුචිය විසින් එහිදී මතු කරන බැවිනි.
එබැවින් අපහසු ජීවිත පහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත්, පහසු ජීවිත අපහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත් යන සංකීර්ණ බල සමීකරණ අතරේ සාධාරණ සරල සමීකරණයක් වන සාමාන්‍ය විඥානය යුක්ති සහගත බලසම්පන්න අවියක් කර ගැනීම අප වැනි මිනිස්සුන්ට මෙවැනි සමාජයක ජීවත්වීම උදෙසා එකම පිහිට 'වේ යනුවෙන් අවබෝධයට ගන්නට අපට සිදුවේ.
උලයි
ජන විඥානය සමඟ රටේ පාලකයන්ගේ විඥානය පුළුල් නොවන්නේ නම් ඔවුන් උල හිඳුවිය යුතුය. එවිට ඔවුන්ගේ ඥාන මණ්ඩල විනිවිද විඥානයට මග කියනු ඇත.
Saturday, June 8, 2019
Life styles
අවස්ථා, තත්ව කළමණාකරනය
පන්තිය, පැළැන්තිය, ගුරුකුලය
මමත්වය, අධ්‍යාත්මය
විනිද්‍රාව නොවේ මිහිමත නිවන...
ව ඩු ම ඩු ව
උඩ දමා වඳිමිනුත් පිහිටුවා පසඟ
රසකතා කියන්නේ හැම සභා මැදක
ගෙඩි පිටින් රහින්නට අවැසිතැන නියන
කිමද මේ වඩුබාස් වහන්නේ මඬුව
Friday, June 7, 2019
අලි කළු නැති...
සැමට නීතිය පොත් පිටු අතර තෙරපේ
බල්ලෝ බුදිති තැන තැන පිනට ලද දේ
දරු මල්ලෝ අතරමං වංකගිරි නගරේ
අලියා පවා සුදු වූ ශුද්ධ කතරේ
Thursday, June 6, 2019
දත් නැති හිනා
තම නිල වගකීම අතහැර එය මහජනයාගේ කර්ම විපාකයක් බවට පත් කරන්නෝ එසේ කරන්නේ සැබවින්ම තමන් අදහන නිඝන්ට දහම රකිනු පිණිසමය.
Wednesday, June 5, 2019
සුදුස්සාට නුසුදුසු තැන
දේශපාලකයන් සේ ජාතික වගකීම ගන්නා ක්‍රීඩකයෝත් ක්‍රීඩකයන් සේ පිති පන්දු හරඹ කරන දේශපාලකයෝත් සිටීම අප ලද භාග්‍යකි.
Tuesday, June 4, 2019
වියරුව පසුකර..
දුක කියා හඬා වැටීමෙන් නොනැවතී
දුක දරා විසඳුම් සොයමු ලක් මිණී
වැපිරුවත් කඳු ගණන් බොල් නැළි
පීදෙන්නෙ එක මිට යි මල් පිපී
Monday, June 3, 2019
Sunday, June 2, 2019
Saturday, June 1, 2019
යමරජුනි,
මේ අපායේ අවනඩු විසඳීමට සිහසුනට පැමිණෙන්න.. නඩු විසඳන තුරු මා හට යමපල්ලෙකු ලෙස ස්වේඡචා සේවයේ යෙදීමට අවසර දෙන්න.
ජාතියේ වට්ටම
බිම තට්ටම
බිම් මට්ටම
බංකු මට්ටම
පුටු මට්ටම
ඇඳ විට්ටම
මේස ගැට්ටටත්
උඩින් ගියාම
වතුර මට්ටම
නහයටත් උඩින් ගියාම
මැරෙන මට්ටම
ඉන් එහා තමයි
තියෙන්නෙ බබෝ
ජාතික මට්ටම
ඒක තමයි අපේ...
රා.සේ.පි.
අයුක්තිය ඉදිරියේ ඇඹරීම හා ඊට ලිහිසි තෙල් දැමීම යනු රාජ්‍යක පහළ මට්ටමේ වුව බලධාරීන් නිලධාරීන් විසින් තරයේම නොකළ යුත්තකි.