රස්ටාගේ ස්වරාජ්ජය සිහිනය
මෙය හැබෑ නොවන්නට දකින හීනයක් නොවේ.
හැබෑවන්නට හැමදා පතන හීනයකි.
හිතින් ගතින් නන්නත්තාරව රස්තියාදු ගසමින් ස්වරාජ්ජයක් ගැන දොඩවන දාහක් දෙනා දැක මා කල්පනා කලේ ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කියන්නට පෙර මගේ ගතයි හිතයි මගේමයි කියල හොද සිහියෙන් යුතුව කියන්න අපට දැන් පුලුවන්ද කියන එකයි.
හිසේ ඉහළම කේශයේ සිට පයේ පහළම ස්ථානය දක්වා කවුරුන් හෝ අප වෙනුවෙන් වග කියන්නට සූදානම්. පූර්ණ විකල්ප රක්ෂනාවරණයක් ගෙන ඒ වෙනුවෙන් සල්ලි ගෙවා හිටියානම් මදෑ. එතකොට ස්වරාජ්ජය හරුපයක්ද?
මට නම් මේ රස්තියාදුවෙන් මිදී මියෙනකම් මගේ ගතේ හා හිතේ රජා වන්නට ඇවැසිය. එවිට මා මගේ ස්වරාජ්ජයේය. එහි පාලනය කෙසේ වෙතත් පැවැත්ම උදෙසා යහ යාමනයක් කරගන්නටවත් හැකිනම්..
මට මගේ ස්වරාජ්යක් නැතිව වෙනකක් ගැන කවර කතා. ගතත් හිතත් රැකගන්නට බැරි මිනිහා තමන්ගේ රාජ්ජයක හිමිකරුවෙකු වන්නේ කෙසේද? ඔහුට දකින්නට වන්නේ ස්වරාජ්ජය සිහිනයක් නොව පරරාජ්ජය හීනයකි. තමන්ගේ සවියෙන් නොව අනුන්ගේ දහදිය කදුලින් යැපෙන එබන්දෝ ස්වරාජ්ජය හිමියෝ නොව, ස්වරාජ්ජය ලේබල් අලවාගත් පරරාජ්ජය හොරුන් පමණක්මය.
එබැවින් මගේ ස්වරාජ්ජය මට වේවා.. ඒ ස්වරාජ්ජයේ මිනිහෙක් වෙන්ට ඉතිං මට අවසරද?
අවසරයි මට,
No comments:
Post a Comment