රස්ට මංගලම්
මංගල්ලේ ලොකුවටම කාලා, ඒක ගමටම කියලා, රටටම පෙන්නලා, ගන්න ලොකු ආසවක්.
චාරිත්ර කොරලා, වාරිත්ර නොකළා, කාටත් පෙන්නලා, ගන්න ලොකු ආසාවක්.
පෝරුවටත් නැගලා, මංගලම් කියලා, මුද්දකුත් දාලා, තැල්ලකුත් බැදලා, ඉන්න ලොකු ආසාවක්.
කාටත් මතක හිට්ටවලා, එකට පේළියේ හිට්ටවලා, පොටෝ ගස්සවලා, පෙන්නන්න ලොකු ආසාවක්.
කවුරුත් නොකළා, අපි කළා, වෙනස්ව කළා, කොහොමද වැඩේ, කියන්න ලොකු ආසවක්.
සේරම ඉවර වෙලා, බෝතලුත් ඉවර කළා, සතුටත් ඉවර වෙලා, පාටිත් ඉවර කළා, හැමෝම ගෙදර ගියා, සියල්ල සතුටින් නිමා වෙලා, දැනෙන්න ලොකු ආසවක්.
මඟුලට කලින් රස්තියාදු ගැන අපිට වැඩක් නෑ. මඟුල් අස්සේ රස්තියාදු ගැන අපිට වගක් නෑ. දැන් මඟුල අවසානයි. පතන්නේ අවමඟුල් තුරාවට සතුටින් සිටින්නට ඔවුන්ට හැකිවේවා කියා. මේ මඟුල වටින්නේ එවිටයි. අවසන් ඵලය ඵල දරන්නේ එවිටයි.
මඟුල් ගොඩක රස්තියාදුවී සතුට ගැන හතරපාරක් සිතා බැලූවිට මේ බැව් පසක් විය.
එනිසා කියමි, විවාහ ජීවිතය ඇත්තේ විවාහයෙන් පස්සේ...
No comments:
Post a Comment