වියුක්තව කරුණු කාරණා අරගෙන එක එක ප්‍රශ්න විසදන්න හදන ගොඩක් අයට නොපෙනෙන දේ අන්තර් සබදතාව. පාර්ලිමේන්තුවේ අකුරු දෙකෙන් තුනෙන් වට්ටක්කා ගැන කියන බමුණන් ඇතුළු සියල්ලෝ කැකිල්ලේ ක්‍රමයටම පාසල් ළමයින්ගේ ප්‍රචණ්ඩත්වයටත් අනිවාර්ය වගකිව යුතුයි. රටේ වගකිවයුතු තැන් විහිළු සහගත වෙන විට ඒ වගකීම් යටතේ පවතින විවිධ වූ ආයතන තුළ හැසිරීම් ටොකු ඇනලා පාලනය කරන්න බැරිවෙනවා. අර ටැලන්ට් තරගයක දුටු අනුකාරකයන්ගෙන් දේශපාලන චරිත කොතරම් උපහාසයට වගේම සියුම් අපහාසයකටත් ලක්වූවාද, ඒ උපහාසය තරුණ මනසට එන්නේ නිකම් නොවේ. විනය කියන කරුණ අපේ සමාජය තුළ කොපමණ තක්සේරුවක් තියන කාරණයක්ද? ඔය කාරණයෙදි සමාජයෙ විනය බරපතළව බිදවැටුණු සංක්‍රාන්ති සමයකයි ගතවුණේ අපේ පාසල් අවදිය. විසිවෙනි ශතවර්ෂයේ අගත් විසි එක්වන ශත්වර්ෂයේ මුලත් කියන කාල වකවානු දෙකම තුළ අපි පාසල් වල හිටියා, විනය ප්‍රශ්න විවිධාකාරයෙන් මතුවුනා. රටේ දේශපාලනයේ බරපතළම ළාමක තත්වයන් මතුවුනෙත් ඒ අවදියේ යැයි සිතෙනවා. ඒ දවස්වල අපේ නගරයෙත් වීරවංශ කටහඩ ඇහුණා. උගුර බැරැණ්ඩි වුණු හඩින් එදා ජේ වී පී දේශපාලන වේදිකාවේ ප්‍රචාරක ලේකම්ගෙන් නැගුණු හඩ තවම සිහිපත් කළ හැකියි. ඒ විතරක් නොවෙයි, බොහෝ දේශපාලකයන්ගෙ අසීමාන්තික පිමි වගේම සෝම හිමියන්ගෙන් ඇරඹුණු බොදුණු ප්‍රබෝධයත් එක්ක සමාජයෙ මතවාද පාසලටත් දැනුනා. භික්ෂුන්ගේ දේශපාලන ආගමනය අපි දැක්කා. යුද්ධයක් වගේම විරාමයක්, දේශපාලන ගිවිසුම් වගේම සාකච්ඡා, වීර විදහන වගේ සංවිධාන, ශාරුක් ලංකාවට ඇවිත් ප්‍රසංග වල බෝම්බ පිපිරීම, ආපහු යුද්දෙ විතරක් නොවෙයි නිමාවත් අපි දැක්කා. කාලයක් යුධ විරෝධය වගේම ජයගැනුමෙන් පස්සෙ යුධකාමී සටන්කාමී ප්‍රවේගයත් අපි දැක්කා. කවුරුත් කල්පනා කළාද මේ දේවල් පාසල් මනසට ගියෙ කොහොමද කියල. නිදහස වගේම අධ්‍යාපනයත් නිදහස් කරල දුන්න විතරක්ද? කුඹුරු කොටපු වගා කරපු සංස්කෘතියක තිබුණු පාසල් ඉංග්‍රිසියෙන් සිංහලේට හැරුන විතරක්ද? හැත්තෑව අසූව කාලෙ පාසල කොහොමද? අද විශ්ව විද්‍යාල සිසුවගෙ වටිනාකම කොතැනද? කොටින්ම එතැනින් එහා මෙහා ගොඩක් ගොඩක් කතා එක්ක සමාජයෙ වෙනස්වීම් පාසල තුළටත් ගොඩක් දේවල් ගෙනැවිත් නැතිද? සුපර්ස්ටාර් සංස්කෘතිය විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ බුෆේ ගිලීමත් පාසලට එන්න තරම් ජනමාධ්‍ය දියුණුව සීමාවෙන් එහා. ගුරු බලය ප්‍රබලතාවෙන් කොතරම් සිසුවාගේ යහගුණයට බලපෑම් සහගතද? ළමයා කියන්නෙ පොඩි වැඩිහිටියෙක් නොවේ යැයි කීවත් නූතන සමාජයේ ඒ වෙනස හරිම පුංචියි. ස්ටාර් වල සිට ළමයින් ගැටවරයන්, නව යෞවනයන් වෙත සියලුම උත්තේජකයන් දීලා ඔලුව අතගාලා සිල් ගත්ත විදිහට ඉන්න කීවත් අහාවිද? පාලනය යාමනය උවමනා තැනදි කනට දෙකක් දෙන්න තරම් ශක්තිමත් සමාජයක් වැඩිහිටියන්ට තිබෙනවද? නීතිය අනුව හදාගන්න කියා කාටවත් අත උස්සන්න කාටවත් බැහැ, ඒකට නීතියම එන්න ඕන. තේරුම් ගත යුතු කාරණය බලයන් සහිත බලවත් උදවිය හා ඔවුන්ගේ දූ දරු වන්, හිතවතුන්, බත් බැලයන් ආදීන්ගේ උවනමා මත පරම්පරා විසින් කාලයක් නඩත්තු කෙරුණ අසංස්කෘතික විනයක් ඇති රටක් බව මෙය. ඒ අනුකාරක සමාජයේ බහුතර මහ කකුළුවන්ගෙන් කිකිළි පැටවුන් පැතිය හැකිද? වගකීම වගකීමක් නැති සමාජයම මිස කවරෙක්ද? හැබෑ වෙනසකට නම් නිවැරදි පදනමක් තිබිය යුතුමය, සොයාගත යුතුමය. නමුත් සෙවිය යුත්තන් සොයන්නේ ඒවාද? අඩුම තරමේ මම මගේ අඩුපාඩු හදාගන්නටවත් කටයුතු කළ යුතුමය. එවිට මම මගේ අවම යුතුකමවත් සමාජීය සත්වයෙකු ලෙස සපුරා ඇත. හුදු සංකල්පීය පොෂ් බවකින් මහපොළොවේ පස සරුවන්නේ නැත.
Thursday, March 23, 2017
Wednesday, March 22, 2017
රටේ අනාගතය කිසිවෙක් නොදනී...මේ මගේ රටයි!
සැබවින්ම මේ රටේ අනාගත සැළසුම් තිබෙනවා නම් ඒ මේ මොහොතේ තනි පුද්ගල හා පෞද්ගලික ආයතන වශයෙන්ම පමණක් බැව් සහතිකය. රටක් වශයෙන් තවම අපි අතීතයේය, වර්තමානයේ යම් යම් කාරණා අරඹයා තවමත් ඇත්තේ විචාර විවේචන හා හොස්ස පෙවීම් පමණකි. හැත්තෑ ගණන් වල අනාගතයක් දැකීමට ගොස් අසූ ගණන් වලද ඒ පසු පසම ගොස් ලැබුනේ සමූහ හෝ තනි වලවල් සෑයවල් වල උරුමයක් පමණි. මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියේ සිටිනා මට ජාතික නාළිකාවේ ජාතික සම්මානත්, මීට ටික වෙලාවකට පෙර බ්ලොග් සම්මාන උළෙලක් ඇසුරේ කතිකාවක්ද දක්නට ලැබිණි. ජාතික සම්මානයෙන් පෙනුනේ අතීත ක්‍රියා ඇගයුමකි. එතැනින් මා තවමත් දකින්නේ අතීතයක් පමණි. අතීතයෙන් පුද්ගලයන්ගෙන් ගත් උගත් පාඩම් මොනවාද? මහා ජාතිකත්ව කතා දමන මහා දේශපාලකයන් ජිල්බෝල ගසන නොකිය නොකළ වැඩකට නැති මතවාද වෙනුවෙන් රටක් ගිනි තියන්නට දහසක් ගෙනෙන රටක, අනාගතය ගැන දකින්නේ කව්ද? ඒ අතින් ඔය ජාතික සම්මාන පිටුපස ගොඩනැගුණු වටිනාකම් මහත් කොට හිතිය හැකි, එහෙත් එතනින් අනාගතයට පෙර ගමනක් නැත. බ්ලොග් අවකාශය ගැන කතාව වර්තමානයේ අතපය දිගහැරීමට නැගිටීමට දරන වෙරකි, පෙනුනේ එහෙමය. හැබැයි මේ සියල්ල අපට ගේන රූප මාධ්‍ය ආයතන නම් ආයතන ගොන්නට අයත් හා ජන ප්‍රසාදය රටේ ප්‍රසාදය මතම යැපෙන නිසා අන්‍ය කාටත් වඩා අනාගතය දකින බවනම් පෙනේ. ඔවුන්ව තේරිම ජනතාවට සල්ලි ලෙසින් එන්නේ එහෙමය(අපිව තේරුවොත් සල්ලි තමයි). තවත් ජන මාධ්‍ය නාළිකා තුළ මේ මොහොතේ යන්නේ කට වාචාල සූකර යන්ගේ දේශපාලන වන නොවන මුකරි කතාය. සේරම හිස් බවෙන් පිරී ඇත. පොදුවේ හිතෙන්නේ මෙහෙමය, වැඩි වයසේ හෝ වයසට වැඩියෙන් බරක් ඇද්දොත් හෝ තවත් හේතුන් මත ජාතික සම්මානයකට යා හැකි. බ්ලොගක් ලියාගෙන මගේ මතය හා ඔබේ මතය සමග ගනුදෙනුවෙන් පොඩි සන්තෝෂයක් ගත හැකි. නැත්නම් සූකර සැප මුකරි කමට කියා දේශපාලනයෙන් උපයා ගත හැකි. එහෙමත් නැත්නම් මාධ්‍යයෙන් ඕවා විචාරමින් ඇලුත් වැඩසටහනක් කළ හැකි. ඉන් එහාට මේ රටේ (කාළගුණය හැර )හෙට දවස ගැන අනාවැකි එන්නේ ජෝතිෂයෙන්ම පමණි. රටක් හැටියට අප යන්නේ කොහාටද? මේ නෞකාවේ සිටින අප දැන ගතම යුතු දේ එය නොවේද? නමුත් අපි තවමත් පහුකළ මාර්ගයේ ගමන් විස්තර මිස නැව ඇතුළේ විනෝදය මිස ගොඩබහින වරාය ගැන නිශ්චයක් නැත... අපි තවම නැවේ ගැස්සීමට ඔක්කාරය කරන ආධුනිකයන්ගේ තැනය. අපේ මැදි වයසේ දීවත් ඔක්කාරය නැවතී නැව දිශානු ගත කරගන්නට හැකි වේවායි සිතමින් මේ උත්ප්‍රාසජනක මොහොතේ මගේ කුටියට මම නික්මෙන්නම්, මිතුරනි මේ අපේ රටයි.
Tuesday, March 21, 2017
Monday, March 20, 2017
සී පද වී පද කව් පද ගී අද .. (ලේවායකි?)
වපුල විට පැල වී
කවියන් කළ කෙතේ හී
අරුත් සරු සාර වී
පැසුනලු ගොයම් කෙත ගී
කවියන් කළ කෙතේ හී
අරුත් සරු සාර වී
පැසුනලු ගොයම් කෙත ගී
කපා ගෙට ගෙන එදා
අස්වනු සකස් කර සදා
රසට රස පිස සොදා
වින්දලු දෙනෙත් පියවසා
අස්වනු සකස් කර සදා
රසට රස පිස සොදා
වින්දලු දෙනෙත් පියවසා
සහස් කල් එළඹිදා
ඒ කෙතත් මොඩිෆයි වුනා
සල්ලි කොළ පැල වුණා
රසය අති අතිරස වුණා
ඒ කෙතත් මොඩිෆයි වුනා
සල්ලි කොළ පැල වුණා
රසය අති අතිරස වුණා
සිට එදා පස වැනසුනා දෝ
වතු පිටින් කෙත් වැළලුණා දෝ
බඩසරණ ගී ලියවුණා දෝ
කෙත ගි දැන් ලුණු මුදවනා දෝ
වතු පිටින් කෙත් වැළලුණා දෝ
බඩසරණ ගී ලියවුණා දෝ
කෙත ගි දැන් ලුණු මුදවනා දෝ
Saturday, March 18, 2017
ඇල්සයිමර් නොවේ (නිපන්දු)
කොහොමත් මේක රබර් බෝලයක් බලෙන් වතුරෙ ගිල්වුවත් ආපහු උඩට එන, එහෙම නැතිව යට යන්නෙ පලුද්දක් ඇති පන්දු විතරයි. කාටත් ඔය විදිහටයි බොහෝ දේ මතකයේ තියෙන්නෙ.
මතකය නැතිවීම එක්තරා රෝගයක්, බලෙන් අමතක කර දැමීම නම් රෝගයක්ම නොවේ. නමුත් මතකයේ තබා ගත යුතු දේ අමතක කිරීමත් අමතක කළ යුතුදේ මතකයේ තබාගෙන හිදීමත් තවත් රෝගයක් යැයි නොකියන්නේ කොහොමද?
හරියට, හරි වැරැද්ද පටලවා ගන්නවා වාගේ. වැරදි දේ හරි දේ හැටියටත් හරි දේ වැරදි හැටියටත් දැකීම වගේ. සමහරු අහන්නේ මේ හරි වැරැද්ද තීරණය කරන දර්ශකය මොකද්ද කියලා. එය කාලය හා අවකාශය කියලයි කියන්න වෙන්නෙ. අතීතයේ කළ කී දෑ වර්තමානයට ගෙනැවිත් තිබෙන සමස්ථ හා ශුද්ධ වටිනාකම් මොනවාද?, වර්තමානයේ හරි වැරැද්ද අනාගතයේදීත් එලෙසින්ම පැහැදිලි වනු නොඅනුමානය. පෘතුවියේ වේවා සත්ව හෝ මානව වශයෙන් වේවා ඉතිහාසයේ යුග යුග නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙන්නෙ සත්‍ය සමග හැපෙමින් බිදෙමින් නොවෙයිද? එනිසා පැහැදිලි කාරණය නම් කුමන ප්‍රපංචයක් වේවා සත්‍ය හා යුක්තිය හරි වැරැද්ද පහදා දෙන ගුරුන් මෙන්ම යහපතේ දෙමාපියන්ද වන බවයි. එබැවින් කිසිවිටකත් කිසිවෙකුටත් තමන්ගේ සැළකිය යුතු මතකය මකා දමා සත්‍යයෙන් රිංගා පලා යන්නටවත් නොසැළකිය යුතු මතකයන් මත සත්‍ය හෝ යුක්තිය ප්‍රතිනිර්මාණය කරන්නටත් අපහසු වනු ඇත්තේමය. එහිදී ඔය අවස්ථාවාදය නැමති ළාමක නිවට ගතියේ නොපිහිටා ගුණාත්මක අවංකභාවයේ සිට බැලූවිට දියයට බලහත්කාරයෙන් එබ්බවූ බොහෝ රබර් බෝල නිදහස් විය යුතුබැව් පෙනෙනු ඇත.
(මේ කතාව වඩා ඇඩ්වාන්ස් ලෙස ධාරණය කර ගැනීමට දැන් ඔබට හැකියාව ඇත. ඒ සදහා අදාළ ස්ථාන වලදී සිංහලෙන් නම් පාරිභාෂික වදන් හෝ දමිළ / ඉංග්‍රීසි සදහා පූර්ණ පරිවර්තනයක් භාවිත කරන්න. සැ.යු: කෝන්දේසි සහිතයි.)
Thursday, March 16, 2017
කොඩි තුවක්කු කෙබර ලෝ.. මැද(තාධී)
තුවක්කු කටවල්
මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි
මාර ඇඩ්වාන්ස් ලු
කට පුංචියි
සුදු කලු කොඩි
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට
හැම ඉස්සෙන්නෙ
කොළ ගාණට
ජාතක පොත් වහන්සේ
මොන්ටිසෝරියි ලු
මැතිණිය
මොන්ටිසෝරියි ලු
මැතිණිය
ගස් ගල් මල් හිතිවිලි
හරි සොදුරුයි
ඇස් පියාන
හරි සොදුරුයි
ඇස් පියාන
නීතිය හරි ගණන්
ගිනි පනහලු
ඒ කාලේ
ගිනි පනහලු
ඒ කාලේ
ඔයා ළාමකයි
මං ප්‍රබුද්ධ
කබරයාට
මං ප්‍රබුද්ධ
කබරයාට
තව තව
තව..
තව..
සියලු අඩබෙර රණබෙර
රබන් තාල රැප් මැද්දේ
රබන් තාල රැප් මැද්දේ
තාදී ගුණයෙන් යුත්තෝ
කවදත් එක ලෙසට
මනුදම් ගුණදම් යහදම් රැක
අවසන සතුටින් පරලොව වඩින්නාහුය.
Sunday, March 12, 2017
ම යන්න..
පහත මාතෘකා අතරින් කැමති ම එකක් තෝරා වචන සියයකට නොඅඩු රචනාවක් ලියන්න. (මාතෘකාවට අදාළව ඔබ ලබාගන්නා අවබෝධය ම ඔබට ලැබෙන ලකුණු වේ.)
- මව් බසින් ම කොන්ද පණ නැති වීම එක්තරා රෝගයකි.
- පොදු බසයෙන් ම ගමන් යාම එක්තරා ඉංග්‍රීසියකි.
- සාධාරනීකරණයට ම හේතු හැදීම එක්තරා විහිළුවකි.
- අතීතය විකෘතියෙන් ම දකින්නා එක්තරා නිවටයෙකි.
- පොදු බසයෙන් ම ගමන් යාම එක්තරා ඉංග්‍රීසියකි.
- සාධාරනීකරණයට ම හේතු හැදීම එක්තරා විහිළුවකි.
- අතීතය විකෘතියෙන් ම දකින්නා එක්තරා නිවටයෙකි.
Saturday, March 11, 2017
බෝ පැළ සේ - ඒ කාලෙත් අපි ඉන්න ඇති, අමෘතෙ බී ඇන ගන්න ඇතී (පේමතෝ ජායතී සෝ කෝ? නොහොත් අබුද්දස්ස කවි සීපද)
අනිමිස ලෝචනයෙන් ඇයිදෝ...
නොබලන්නේ
නුඹ පිට දී නැතිවද සෙවණේ උන්නේ
බෝ පැළ වාගේ මිනිස් ගුණේ
එය රැකීම අප උරුමේ.... සුහදේ
නොබලන්නේ
නුඹ පිට දී නැතිවද සෙවණේ උන්නේ
බෝ පැළ වාගේ මිනිස් ගුණේ
එය රැකීම අප උරුමේ.... සුහදේ
නා පැළ බෝ පැළ සේ සෙත් පා සෙත්
පරම සුවද රැදි උරුමය නිකළෙස්
කෙලෙසද කෙළෙසුන් පරදන්නේ..
අපගේ ගුණ කද පුන්
සද සේ බබළන්නේ..
පරම සුවද රැදි උරුමය නිකළෙස්
කෙලෙසද කෙළෙසුන් පරදන්නේ..
අපගේ ගුණ කද පුන්
සද සේ බබළන්නේ..
වැද වැද වැද වැද
ගෙනම සිටිනවා අප
සංස්කෘතිය අපගේ රන් කද
රැකගෙන අප හැම තාක්ෂණෙන්
මේ කප් සරණින් තිරිහන් කරදේවා..
ගෙනම සිටිනවා අප
සංස්කෘතිය අපගේ රන් කද
රැකගෙන අප හැම තාක්ෂණෙන්
මේ කප් සරණින් තිරිහන් කරදේවා..
Thursday, March 9, 2017
ෆීලීන් ඕසම්..
කථානායක නියෝගයට අනුව පාර්ලිමේන්තුවෙන් එළියට මන්ත්‍රීන් වඩම්මන පොලිස් නිළධාරීන් තරු පටි පදක්කම් අංකතහඩු ගලවන් එන්නේ ඒවා වැදීමෙන් මන්ත්‍රීන්ගේ ශුද්ධ කාය සීරීමට පවා ඉඩ තිබෙන බැවිනි.
ලංකාවේ පොදු මහජන සත්කාර සේවාවන් කෙතරම් මානුෂීය වන්නේද යනු ඒ ඇසුරින් වටහා ගත යුතු ගැඹුරු සත්‍යයයි.
ලංකාවේ පොදු මහජන සත්කාර සේවාවන් කෙතරම් මානුෂීය වන්නේද යනු ඒ ඇසුරින් වටහා ගත යුතු ගැඹුරු සත්‍යයයි.
-පාර්ලිමේන්තුව ඇසුරිනි.
Wednesday, March 8, 2017
ෆීලිං...ජොලියට
කියාදෙන්න
චංගුමී
හරියටම
කටුව ගසන හැටි
නිලයට..
හරියටම
කටුව ගසන හැටි
නිලයට..
විනය කඩති
වෘද්ධයෝ
හිටගෙනම
තැන නොතැන
නිළ යට..
වෘද්ධයෝ
හිටගෙනම
තැන නොතැන
නිළ යට..
ගල් ගසමු
මල් නෙළා
ස්වර්ගයම
උගස් කර
නිරයට..
මල් නෙළා
ස්වර්ගයම
උගස් කර
නිරයට..
Sunday, March 5, 2017
ඉතිං අපිට මොකද? (සංස්කාර හා සංස්කෘති)
සහස් වරක් විවාහය?
එයාගේ පුද්ගලික අයිතිය..
රහත්වීම බුදුවීම?
ඒක එයාගේ පුද්ගලික අයිතිය..
ඉතිං අපිට මොකද?
මේක අපේ අයිතිය..
එයාගේ පුද්ගලික අයිතිය..
රහත්වීම බුදුවීම?
ඒක එයාගේ පුද්ගලික අයිතිය..
ඉතිං අපිට මොකද?
මේක අපේ අයිතිය..
නවක වදයෙ ප්‍රශ්නයක් තියෙනවා
බාල අපචාර ප්‍රශ්නයක් නීතියේ සිදුරු ලොකුවුනොත් ඒක ප්‍රශ්නයක්
ගලන සංස්කෘතියෙ ඇද්ද ප්‍රශ්නයක්?
බාල අපචාර ප්‍රශ්නයක් නීතියේ සිදුරු ලොකුවුනොත් ඒක ප්‍රශ්නයක්
ගලන සංස්කෘතියෙ ඇද්ද ප්‍රශ්නයක්?
Friday, March 3, 2017
no victory - ලැජ්ජ නැති කතා ඇසේ. (නිදහස තකා අතිශයින්ම මානුෂීය නොවෙමි)
හාමුදුරුවො බණ කීවත්, පූජකයො දේශනා කළත්, ගුරුවරු අවවාද කළත්, අපි කතා කළත් අඩු වැඩි වශයෙන් කොයි මිනිසා ළගත් වැරදි තිබෙනවා හොද ලෙසම. මේ වැරදි වැරදි හැටියට පිළිගන්නෙ ශක්තිමත් මිනිස්සු. වැරදි දේ වැරදි බව දැනකියාගෙන කිරීමෙන් හොදක් නොවුනත් අඩුතරමෙ කළේ වැරද්දක් බවත් ප්‍රතිඵල ගැනත් තමන් දන්නවා. බොහෝසෙයින් හයහතර නොදන්නා වයසට පසු අපි වැඩකරන්නෙ තරමක් හෝ දැනගෙන, ඒවගෙ හරි වැරැද්ද ගැන උවමනා පරිදි දැන කියාගන්න හැකියාවත් ඕන තරම් නිදහස් තර්කනත් අද තිබෙනවා. එතනදි අපි ජීවත්වෙන රට ලංකාව, අපි හිතිං කොහෙ ජීවත් වුනත් පදිංචිය මෙහේ නිසා මෙහේ සංස්කෘතියකට හැඩ ගැහෙනවා. ඒක ඉරි ඇදල කොටු ගහල පෙන්නන්න බැරි වුණත් ජීවත් වෙද්දි අපි යම් පොදු මට්ටමකින් ඒකට හුරුවෙනවා. අපේ රටට ඉර පායන කෝණයේ සිට වහින වැස්ස, හැදෙන ගහකොල පවා අපේ සංස්කෘතික පරිසරය හැදෙන්න බලපානවා. ඊලගට මේකෙ ජීවත්වෙන මිනිස්සු, වටාපිටාවෙ මිනිස්සු. අල්ලපු රටෙන් ආව බුදු දහමත් පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසින් ගෙන් ආ රෝමානු කතෝලික, රෙපරමාදු මෙන්ම එංගලන්ත සබා විතරක් නෙවෙයි, වෙළදාමේ ආ මුස්ලිම් ප්‍රජාවගේ ඉස්ලාම් දහමත් හින්දුන්ගෙන් ආ හින්දු දහමත් ප්‍රධාන වශයෙන් අපේ සංස්කෘතියෙ යම් යම් තැන්වල ඉන්නෙ ඒ නිසා, අපේ භාෂාව අස්සෙ පවා. අපේ දෙමාපිය දූ දරු සබදකම් හැදුනෙත් ඒ සංස්කෘතියත් එක්ක. වදින්න පුදන්න පුරුදුවුනේ ඒ අනුව, ඒකෙ අපි අද විචාරන අඩුපාඩුම අපිව කාලයකදි යම් උවදුරු වලින් ආරක්ෂා කළා වෙන්නත් පුලුවන්. ඉතිං අපි සතෙක් මසට ගන්නට හම ගසන පරිද්දෙන් අපේ කැමත්ත පරිදි සංස්කෘතියේ සමස්ථ සළුපිළි මුදන්නට හැදීම විහිළුවක්, ගැලවෙන්නේ අපේ සළුපිළි. සංස්කෘතිය වෙනස් වෙන්නට කාලය සමග සමාජය ගැටිය යුතුයි. හැකි සහ ගැලපෙන වගේම කළ යුතුම දේ හැර අපි බලහත්කාර සංස්කෘතික පෙරළි වෙත ආවැඩිය නොයුතුයි. ඒ නිසා මගේ අදහස සීයලාගේ ආච්චිලාගේ පාලුව මැකීමට ඔවුන්ට දෙවන විවාහ කරදීමට කාලය මෙය නොවන බවයි අපේ රටේ. මන්ද ආච්චී සීයාගේ ඇසුර විදි යුගයක් තිබූ අපට ඔවුන්ගේ දෙවන විවාහයක් ගෙනෙන්නේ වැරදි හා අපුල හැගීමක්. මේ නිසා ඔවුන්ගෙන් අපි ඇහූ කවි කත්න්දර එක්ක ඒ මතකයම මැරෙන්න පුලුවන් චරිතත් එක්කම. ඒකයි වත්මනේ හැබෑ තත්වය. (දෙමාපියන් ගැන හොදින්ම දැනෙන්නේ දරුවන්ට. ඊලගට ඔවුන්ගේ දරුවන්ට) එවැනි හැගීමක් නොමැති පිරිසක් සමාජයේ බහුතරය වන දාට අපි අප්‍රිය කළත් ඒ දේ සිදිවේවි. ඒ නිසා අපේ කාලයේ දික්කසාද සංස්කෘතිය සේ හැත්තෑපහේ දී අති සංවේදී දෙවන ආදර විවාහ සංස්කෘතියක් ඇති නොවේවා! සමාජයට කතා කියූ වැඩිහිටියෝ ලාබ කතා නොවී අඩුතරමේ තම නම රැකගනිත්වා, තම දරුවන්වෙනුවෙන්වත්!! සමාජයම තවමත් බලාසිටී හිස නමන්නට හැබෑ ජේෂ්යින් සොයා මෙහි!!!
Tuesday, February 28, 2017
ඒක හරි සරලයි, (දසමාසේ වර්ධනය හා විකසනයේ වැදගත්කම)
පොඩි හුළගකින් ගුවනට නැගි පඩරැල් සිනාසුණේලු මහ පොළවේ මුල් ඇදි තණ පදුරු වෙත කියමින් වහසි, ඔන්න අපි නම් ඇල්ලුවා අහස..
ගලන ගගේ දිය පහරට අසුව ඔහේ ගසාගෙන යන රොඩුබොඩු සිනාසුණේලු ගං පතුළේ රැදුණු ගල් පර වෙත දොඩමින් රහස, ඔන්න දැන් අපි යන්නෙ හයිවේ..
....................................
අඩුමාසයකින් එළි බට දරුවෙකු කීවාලු හඩ හඩා සිනාසී ඇස්වලින්, ලැබුණ මට ප්‍රමෝෂන් ඉක්මණින්..
බුද්ධියක් කීවාලු පුපුරවා න්‍යෂ්ටියක්, දියුණුවේ හිණි පෙත්තෙ අපි ඉන්නෙ ලෝකයම ඇගිලි අග බටන් එක මගේ ළග, ...
ගලන ගගේ දිය පහරට අසුව ඔහේ ගසාගෙන යන රොඩුබොඩු සිනාසුණේලු ගං පතුළේ රැදුණු ගල් පර වෙත දොඩමින් රහස, ඔන්න දැන් අපි යන්නෙ හයිවේ..
....................................
අඩුමාසයකින් එළි බට දරුවෙකු කීවාලු හඩ හඩා සිනාසී ඇස්වලින්, ලැබුණ මට ප්‍රමෝෂන් ඉක්මණින්..
බුද්ධියක් කීවාලු පුපුරවා න්‍යෂ්ටියක්, දියුණුවේ හිණි පෙත්තෙ අපි ඉන්නෙ ලෝකයම ඇගිලි අග බටන් එක මගේ ළග, ...
Monday, February 27, 2017
............ -------------- ................
............
--------------
...............
නිරූපණය
අනුකරණය
අනුවර්තනය
පරිවර්තනය
රස භාව රංගනය...
----------------------------------
අනුකරණය
අනුවර්තනය
පරිවර්තනය
රස භාව රංගනය...
----------------------------------
Tuesday, February 21, 2017
kiනිසි..
පමණ දැන
අමන ලෙස
ඉවසිය යුතුද නැත
අමන ලෙස
පනින රිළවුන්
කොහෙත් ඇත
ලෙසට නිවැරදි
කම් කියුවත්
ඵලක් නැත
වදින තැන
අකුණු විදුලිය
පැරද නැත
Monday, February 20, 2017
මිල්ටේරිකාරයෝ (පුංචි විකිපීඩියා පොත්)
95 දී මනුක ජයතුංගගෙන් (පාසල් මිතුරෙකි) ලබාගෙන කියවූ රසවත් පොතකි. මෑත කාලීනව අප අත්විදි 30 ස් අවුරුදු යුධ මානසිකත්වයට පෙර ලෝකයම කදවුරු කල දෙවන ලෝක යුධ සමය පාදක කොට සැකසුණු ගැටවරයන්ගේ කතාවක් වූ එය, එදා සේම මෙදාද මතකයේ පිටුවක තදකුරු සටහනක්ව තිබේ.
පොලාරිස් .. කතාවේ කථකයා ඔහුයි, මගේ මතකය නිවැරදි නම්.... අවසනාවට මෙහි රචකයා මතකයෙන් ගිලිහී ඇත. කෙසේ නමුත් ඔහුට පින් සිදුවන්නට දෙවනලෝක යුධ සමයේ ලංකාවේ ගැටවරයෙක්ව හිදින්නටත් අපට පුලුවන් විය.
සල්ලි කොලය දෙකට ඉරා වටිනාකමෙන් අඩක් භාවිත කළ හැටි, දිය යටින් ගිය අමුතු කාරය, ප්‍රතිඋපකාරයට අපේ උදවියට ලැබුණු සිගරට් පැකැට්ටු, මිනීමස් කතැයි බිය ගෙනදුන් කාපිරි සොල්දාදුවෝ, පාසැල් භූමියේ යුධ අභ්‍යාස, කොළඹ වරායට ඉහළින් අපේ ගුවන් සීමාව බිදගෙන ගිය ජපන් ගුවන් යානා.... ගැන මගේ මතකය නිවැරදි නම් මේ පොතේ සදහන්ව තිබුණාමය.
තවත් බොහෝ විස්තර එහි තිබුණි. මිල්ටේරිකාරයෝ නාමයෙන් හැදින්වූයේ මිත්‍ර පාර්ශ්විකව අප රටට පැමිණි පාර්ශ්වික හමුදා කණ්ඩාම් ය. සුදු සහ කලු දෙපිරිසම ඒ අතර විය. ගම් වල කදවුරු ගසා ගත් ඔවුන් ඒ යුධ සමයේ අපේ පහර ලැබීමේ අවධානම පහවන තුරු මෙහි රැදී සිටියෝය. බෝම්බ වැටෙන විට ලී කැබැල්ලක් කටේ ගසාගෙන අගලකට පල්ලම් බහින්නට අප මුලින්ම පුරුදු වී ඇත්තේ ඒ සමයේද?
ඒ අයුරින් එකල තතු නිර්මිත කාතාවක් හා ගලපා දුන් ඒ පොත අද වෙළදපොලේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දත්ත විස්තර වලට එහා යන රසවත් කතා පොත් නිමක් නැතිව කියවන්නට ඉඩ දුන් අයටද එබදු පොත් කියවන්නට දුන් අයටද ඒ පොත් රචකයන්ටද අපි වෙළදපොළ පොත් වටිනාකම නොතකාම බොහෝ කොට ණය ගැතිය.
පොලාරිස් .. කතාවේ කථකයා ඔහුයි, මගේ මතකය නිවැරදි නම්.... අවසනාවට මෙහි රචකයා මතකයෙන් ගිලිහී ඇත. කෙසේ නමුත් ඔහුට පින් සිදුවන්නට දෙවනලෝක යුධ සමයේ ලංකාවේ ගැටවරයෙක්ව හිදින්නටත් අපට පුලුවන් විය.
සල්ලි කොලය දෙකට ඉරා වටිනාකමෙන් අඩක් භාවිත කළ හැටි, දිය යටින් ගිය අමුතු කාරය, ප්‍රතිඋපකාරයට අපේ උදවියට ලැබුණු සිගරට් පැකැට්ටු, මිනීමස් කතැයි බිය ගෙනදුන් කාපිරි සොල්දාදුවෝ, පාසැල් භූමියේ යුධ අභ්‍යාස, කොළඹ වරායට ඉහළින් අපේ ගුවන් සීමාව බිදගෙන ගිය ජපන් ගුවන් යානා.... ගැන මගේ මතකය නිවැරදි නම් මේ පොතේ සදහන්ව තිබුණාමය.
තවත් බොහෝ විස්තර එහි තිබුණි. මිල්ටේරිකාරයෝ නාමයෙන් හැදින්වූයේ මිත්‍ර පාර්ශ්විකව අප රටට පැමිණි පාර්ශ්වික හමුදා කණ්ඩාම් ය. සුදු සහ කලු දෙපිරිසම ඒ අතර විය. ගම් වල කදවුරු ගසා ගත් ඔවුන් ඒ යුධ සමයේ අපේ පහර ලැබීමේ අවධානම පහවන තුරු මෙහි රැදී සිටියෝය. බෝම්බ වැටෙන විට ලී කැබැල්ලක් කටේ ගසාගෙන අගලකට පල්ලම් බහින්නට අප මුලින්ම පුරුදු වී ඇත්තේ ඒ සමයේද?
ඒ අයුරින් එකල තතු නිර්මිත කාතාවක් හා ගලපා දුන් ඒ පොත අද වෙළදපොලේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දත්ත විස්තර වලට එහා යන රසවත් කතා පොත් නිමක් නැතිව කියවන්නට ඉඩ දුන් අයටද එබදු පොත් කියවන්නට දුන් අයටද ඒ පොත් රචකයන්ටද අපි වෙළදපොළ පොත් වටිනාකම නොතකාම බොහෝ කොට ණය ගැතිය.
Sunday, February 19, 2017
ගුනේ ජය ගෙනේ..
අරමුණ අතනෑර අවසානය දක්වා සටන් කරන ගුණැති එකෙකුට වුව කණ්ඩායමක් ජයෙන් ජයට එසවිය හැකි බව මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේදී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔප්පු කර සිටියේය. ජයවේවා කොල්ලනේ..ගුනේ නම් ගුණේ..
Saturday, February 18, 2017
මට තනි නැත නුඹ නාඩන් - (තාලම්පට..)
දොන්ත බබක් කන්
පිනට බිබික් කන්
නොගෙන පදක්කන්
- ගසමි රබන් දැන්
පිනට බිබික් කන්
නොගෙන පදක්කන්
- ගසමි රබන් දැන්
තකිට තකිට තක
හිතට ගතට ගට
නැගිට නැගිට හිට
- වැටෙන වැටෙන විට
හිතට ගතට ගට
නැගිට නැගිට හිට
- වැටෙන වැටෙන විට
තැබුව තැබුව පය
ගිලුණු ගිලුණු තැන
ගොඩට ගොඩට ඇද
- ඔසව ඔසව ගෙන
ගිලුණු ගිලුණු තැන
ගොඩට ගොඩට ඇද
- ඔසව ඔසව ගෙන
බාහු බාහු සවි
පාද පාද විරි
සටනට අවි දිරි
- හරි මග නැත තනි
පාද පාද විරි
සටනට අවි දිරි
- හරි මග නැත තනි
Subscribe to:
Posts (Atom)