විදේශ සහනාධාර පලමක් ලෙවකමින් ගැලරියේ හිඳ පාර්ලිමේන්තු ෂෝ එකක් බැලීමෙන් ලැබෙන ආස්වාදය වැන්නක් මෙකල්හි ලාංකේය වැඩිවයස් පුරවැසියෙකුට අන් කිසිඳු ව්‍යායාමයකින් ලද නොහැකිය. පන්දුවෙන් පන්දුව විචාරමින් නරඹන ජාත්‍යන්තර පිති පන්දු ක්‍රීඩා තරඟයකින් වත් එවැනි ආස්වාදයක් ඔහුට ලැබිය හැකි දැයි සැක සහිතය. බටහිර යථාර්තවාදය පරදන ලාංකීය දේශපාලන නළු නිලියන්ගේ අනගි රැඟුම් නැරඹීමෙන් ලැබෙන ආශ්වාදය, අඥාත කතෘවරුන් විසින් ආගාධයකට ඇද දමන ලද රටක තම ජීවන අරගලය මොහොතකට ඔහුට අමතක කරවයි. ජවනිකා තුළ ඇති අන්දා මන්ද රසය, පාර්ලිමේන්තු ක්‍රමය නඩත්තුව උදෙසා වෙන් කෙරෙන අති මහත් මුදල් කන්දරාව පිළිබඳ පුරවැසියාගේ සිත් තුළ ජනනය කරන්නේ කෝපයක් නොවේ. ශෝකයක් හෝ කළකිරීමක් ද නොවේ. තමන් විසින් නඩත්තු කෙරන ක්‍රමය පිළිබඳ අසීමිත භක්තියක් හා හද කුල්මත් කරන ප්‍රීති ප්‍රමෝදයකි. පාර්ලිමේන්තුවේ අනගි දසුන් නරඹන අතර "අනේ අපොයි!" නොකියන්නෙක් ජනතා ගැලරියේ නැත. ඒ ලෙසින් නිරායාසයෙන් කිසිවෙකුට කියවෙන්නේ නිකමට නොවේ. ඒ අතර "අනේ මුන්නැහෙලාව දෙවියෝම බලා ගන්ට ඕනෑ !" තවකෙකුගේ මුවගින් ප්‍රාර්ථනා පිරි වදන් ගුවනට එක් වන්නේ අහේතුවකටද නොවේ. ලාංකේය ගති සිරිතට අනුව හදවතෙහි ජනිත වන්නා වූ ළතෙක් හැඟුමන්ගේ නිර්ව්‍යාජ ප්රකාශනයක් වශයෙනි. නොසෑහෙන්ට රට වැසියා සතුටු කරන ප්‍රජාවක් වෙනුවෙන් සිරිලක වැසි අනන්‍යතාවේ හද පතුල අව්‍යාජත්වයෙන් ඇවිලෙන්නේ එලෙසිනි.
2 comments:
එළ යැ!~
තුටු වැ!~
Post a Comment