සෑම රාජ්‍ය සේවාවක්ම ආණ්ඩු විසින් පවත්වාගෙන යන ජනතා සුභසාධන සේවාවන්ද? එසේ නොවේ. රාජ්‍ය පරිපාලනය මෙන්ම තම පුරවැසියන් වෙත රාජ්‍යයේ ඇති වගකීම කුමන ආණ්ඩු යටතේත් ජනතාවගේ නීතිමය අයිතිවාසිකමකි. එය ඉටුකිරීමට රාජ්‍යට ආයතන පද්ධතියක් ඇත. විවිධ අණ පනත් සම්මත කොට ඇත. ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ඒ ක්‍රියාවලි උදෙසා ජනතා නියෝජිතයන්ට බලය ලබා දී ඇත්තේත් අපමය. එනමුත් අදටත් බොහෝ අවස්ථාවන්හීදී ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළම රාජ්‍ය ආයතන දක්වා ඒ තුළින් ජනතාව වෙත ඉටුවිය යුතු වගකීම් සහිත කාර්යභාරයන් ඉටුකෙරෙන්නේ ජනතා සුබ සාධනය සඳහා ආණ්ඩුවෙන්, ඇමතිවරුන්ගෙන් කෙරෙනා සුබ සාධනයක් පරිද්දෙනි. ඒ තුළ දේශපාලකයා සේම නිලධාරීන්ද අනිසි අධිකාරිවාදී මානසිකත්වයකින් ජනතාව පෙළන, රස්තියාදු කරන අවස්ථා බොහොමයකි. සමහර පොලිසි, ප්‍රාදේශීය ආයතනවල කටයුතු පිංපිණිස පවත්වන්නාක් මෙනි.
විශේෂයෙන් සාම්ප්‍රදායිකව රාජ්‍ය මාධ්‍ය ඒවා අර්ථකථනය කරන්නේද මහා දේශපාලකයෝ ඡන්ද වේදිකාවල තම කෙරුවාවල් ලෙසට පාරම්බාන්නේද මේ සියල්ල වගකීම් නොව සුභසාධනයන් ලෙසින් පෙන්වමිනි. ඒ නිසාම ජනතාවද නිකන් දෙන දේ ගන්නට හුරු මනසින්ම රාජ්‍ය ආයතන වල වගකීම වෙනුවෙන්ද යදින්නන් පුලන්නන් බවට පත් කර ඇත.
වෙනසක් විය යුතු මේ හීන දීන ආකල්පයි, මේවායින් පොර වෙන දේශපාලකයායි, ඒ තුට්ටු දෙකේ මහා අව ජාතික දේශපාලනයයි.
ඒ සඳහා නීතිය, යුතුකම, වගකීම මෙන්ම අයිතිවාසිකම් ගැන හිතන කතාකරන ජනයාගේ අවදි වීම විද්වත් මහප්රාණයේ සිට සාමාන්‍ය ජන මනසේ අල්පප්රාණයටම සන්නිවේදනය විය යුතුයි. ඒ සන්නිවේදනය තවත් දේශපාලනයක් වීමට එහා ඥානනයක් විය යුතුයි. ඒ ඥානනය අත්පත් කර ගැනීම හා ඒ උදෙසා තම පරමාධිපත්‍ය මෙහෙයවීම අද රටේ සාමාන්‍ය පුරවැසියන් වන අප කොයිකාගේත් පළමු පුරවැසි වගකීමයි.
No comments:
Post a Comment