විශ්වයේ පැවැත්ම යනු ආලෝකයයි. නැවැත්ම යනු අඳුරයි. එහි ජීවයක් යනු ආලෝකයේ මුදු බව මත අඳුර නැමති කඩතොළු ඇති කරන්නා වූ පමණක ඝර්ෂණයයි. ඉන් ඔබ්බේ ඇතිවන සෙවණැලි ඒ ඝර්ෂණයේ සංගුණකයයි. ඒ රූප සෙවණැලි විටෙක රමණීය බිතුසිතුවම් නිර්මාණය කළත් එහි ඇති පරමත්වය කුමක්ද? සදාකාලික හෝ අකාලික බව කුමක්ද? නැත, ඒ එක්තරා සංගුණකයක් පමණි.
උගත්කමින් ඒ සංගුණකයට ලොල් වී ඊට ආල වඩන්නෝත් මුග්ධත්වයෙන් ඒ සෙවණැලි රූප වලට පෙම් බඳින්නෝත් යනු සැබෑ ජීවිතය නොදැන සැබෑ මරණයද නොදැන අතරමඟ වූ සෙවණැලි මත අතරමංව අන්තගාමී වූවන්ය. අන්තවාදය යනු සැබවින්ම අන්තයක් නැති මිරිඟුවක දිය සෙවීමක් පමණය. කාන්තාරයක ක්ෂේම භූමි නොසොයා මිරිඟුවක් ලුහු බඳින ඔවුන් ලබනා කිසිවක් නැත. එබැවින් කිනම් හෝ අන්තවාදියෙක් යනු සැබවින්ම අන්තයක් දැකීමට අසමත් කෙනෙක් පමණි. මිථ්‍යා දෘෂ්ටියේ ගැඹුරුම ආඝාධයද මනුෂ්‍යත්වයේ ගැඹුරුම ආඝාතයද එතැනින්ම ඉපදීම එහි ඇති ගැඹුරුම ඛේදවාචකය මෙන්ම එහි ඇති අති ශෝචනීයත්වයද වන්නේය.
Friday, April 26, 2019
අතරමං වූවෝ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment