නිව්යෝක් ටයිම්ස් අපේ ටයිම්ස් වලින් වෙනස්ය. ටයිම්ස් කියන්නේ කාල යයි. බොසතාණෝ කල් බැලුවේ මිනිසුන්ගේ මනසට නැණස පාදා ගන්නට සුදුසු විවේකය සහිත කාලයක් උදාවන තෙක් ය. නිසි කාරණයට නිසි කාලය නොලැබීම අරගලයට කාරණයකි.
කොළඹ පදිංචිය දියුණුවට පහසුකම් සපයතියි අප රට වැස්සන් අතර අදහසක් වෙයි. බෝසතාණෝ තමාට සුදුසු පෙදෙස තෝරාගත්දේත් හොඳ ඉගෙනුමක් දියුණුවක් ලබාගන්නට විය යුතුය. සුදුසු පෙදෙසක නොවීමද අරගලයට කරුණකි.
අපේ රටේ බොහෝ දක්ෂයෝ සිටියත් අඩු තරමේ ඉංග්‍රීසියේ ප්රාගුණ්යයක් නැත්නම් ජාත්‍යන්තරය යනු අන්තර්ජාලය පමණක් වන්නේය. ජාත්‍යන්තරයේ පෘථුල ඇදහීමක් තබා පෘථුල ලෙස නම රැඳවීමත් අප වැනි චූල සංස්කෘතිකයන්ට අදද පහසු නැත. නමුත් ඒ අතින් ඉන්දියාව, ගැඹුරත් උසත් දිගත් පළලත් සරල සංකීර්ණ මෙන්ම සුන්දර අසුන්දර සීමා මායිම් වලින්ම මහා සංස්කෘතියකි. ඒ පිළිබිඹුවේ සුරක්ෂිතතාවය දැවැන්තය. පැතිරීමද විහිදීමද දැවැන්තය. බෝසතාණන්ට අවශ්‍ය හරබර ස්ථාවරත්වයට එය හොඳම තෝතැන්නක් නොවේද?.. සමහරු පදිංචියට එවැනි දේශ වෙත සංක්‍රමණය වන්නෝය. දේශය නොනැංවීමද නිරන්තර අරගලයට හේතුවකි.
කුල ගෝත්‍රයට අදට වඩා එදා තිබූ සමාජ පදනම නොකිවමනාය. හුදෙකලාව හෝ හිස ඔසවා ගන්නට, බත් මුඛය පාදා ගන්නට, විලිය තිබුණා වුව තමාට අවැසි ලෙස එය වසා නොවසා ඉන්නට අඩු කුලයන් ලෙසින් නම් දැරූවන්ට අවසර තිබුණේ නැත. බෝසතාණෝ මේ පදනමට පහර දෙන්නට සුදුසු තැන එතැන තෝරා ගති. කුල හීන නිහීන යටපෙළ අදද අරගලයකි.
මවගේ ඒඩ්ස් දරුවෙකුට නවීන සමාජයේද හදිකළ තරම්.මව් මතක් කිරීම නින්දිත ලෙස බුකියේද කෙරෙන්නක්. ගෙදර බුදුන් නම් අපේ ගෙදර ද අනෙක් ගෙදරද වෙනස්ව සිටින්නක. ඇගේ ගුණය දරුවාගේ ගුණය නංවන්නේය. මව අප සමාජයේ ප්රමුඛ ස්ථානයේ අදටත් වන්නේ එබැවිනි. ඉතිං බෝසතාණෝ ඒ ගුණයට සුදුසු තැනම ලබා දුන්නෝය. ජීවනය ලැබීම, කළලය නොමරා ගැනීමම නූතන අරගලයයි.
මේ බොහෝ අරගල වල මූලයන්ය. සසර පුරා මේ අරගලයේ නිමාවක් නැත්තේය.
බෝසතාණෝ උපතින්ම මේ සියළු අරගල වලින් මිදුණ නිසා නිවන වෙනුවෙන් අරගල කරන්නටත් බොහෝ දෙනා මේ අනවතර සසර අරගලයෙන් ගලවන්නටත් හැකිවිය. ඒ තමන් විසින්ම සසරේ උපයාගත් ශක්තියේම ඥානයේම අනුහසිනි.
පදාර්ථයෙන් ශක්තියෙන් සපිරි ලෝකයක එයින්ම සුසැඳි මිනිසා සියල්ල වෙනුවෙන් සොයන භෞතිකවාදයේ විසඳුම් අදටත් විග්රහ නොවූ පදාර්ථ හා ශක්තීන් වෙනුවෙන් අකාලිකව නම් වලංගු නැත. එබැවින් සසරේ ප්‍රශ්න සදාකාලික අරගල තුළමය-කියන්නට සිදුවේ.
No comments:
Post a Comment