යන්ත්‍ර වලට තෙල් දමන්නේ සුනම්‍යව තියුණුව වැඩ ගන්නටය. තෙල් ගලෙහි නියන පණ පෙවෙන්නේ කැටයම මටසිලිටි කරන්නටය. හැබැයි තෙල් දැම්ම පමණට කිසිවක් සිදුවන්නේ නැත. යන්ත්‍රය මෙහෙය වන්නේ කව්ද? වඩුවා කව්ද? වැඩේ සපුරා ඔවුන් අතය. අත වැරදුණොත් වැඩේ කොට උඩය.
තෙල් දැම්මාට හිසට, හිත ඇත්තේ ඔබ ළඟය. හිත ඇත්නම් හිස ඔසවන්නට මෙන්ම හිත කැත හෝ කැත හිත නිසා හිස ගැස්සෙන්නටත් පුළුවන.
මහ ජනතාවකගේ හිස්, ඒ ජනතාවගේ නියෝජිතයන්ගේ හිස්, පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි, අගමැති, ජනපතිගේ හිස් .. මේ සේරම හිස් ඒ ඒ හිත් අනුව හිස් හෝ පිරුණු ඒවා වෙත්ද, රටේ දියුණුවත් පසුබෑමත් වන්නේ එතැනය.
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු එන්නේ හිසෙනි, ඊට ජවය බලය දෙන්නේ හිතෙනි. චින්තනයක් හැදෙන්නේ එබඳු වූ හිසත් හිතත් එක්වීමෙනි. එබැවින් රටකට ඇවසි චින්තනයක් උදෙසා හිසතෙල් චාරිත්‍රයේ සැබෑ වටිනාකම සොයනු වටී. එය අපේ සෞඛ්‍යයේ සේම සෞභාග්‍යයේ චින්තනයකට දොරගුළු හරින්නක් කර නොගන්නාතාක්, පරම ලාභය ආරෝග්‍ය හෝ පරම ධනය සන්තුෂ්ටිය හෝ අපට උදා වෙතැයි හිතනවා නම් එබඳු වූ ඔළුගෙඩි වලට නැකතට වුව රජාගේ වුව තෙල් උලා ඵල ක්ද නැතී.
එබැවින් හිසේ නැකත රටේ ලකේ ශ්‍රියාවේ නැකත කර ගන්න.
No comments:
Post a Comment