ප්‍රතික්‍රියාව ගැන තේරුම් ගන්න භෞතික විද්‍යාව දැන ගන්නම උවමනා නැහැ. වට පිටාව අපි වැඩ කරන යන්ත්‍ර සූත්‍ර විතරක් නොවෙයි, අපේ ශරීරය ගැන හිතුවමත් වචනාර්ථය ගැන දැන ගෙනම පමණක් වුනත් ප්‍රතික්‍රියාවේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඉතිං එතකොට තේරෙනවා ප්‍රතික්‍රියාව පටන් ගන්නෙ ක්‍රියාවෙන් කියන එක. එතකොට ක්‍රියාව ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. දහමෙ හේතුවයි ඵලයයි හරහා යන්නේ මේ කතාවේ ලොකු ගැඹුරකට. පනින්න පෙර හිතා බලන්න කියල කියමනක් තියෙන්නෙත් ක්‍රියාවට කලින් ප්‍රතික්‍රියාව ගැන හිතන්න කියලනේ.
නමුත් අපි පුරුදු වෙලා තියෙන්නෙ ප්‍රතික්‍රියාවට වඩා අපේ ක්‍රියාව ගැන හිතන්න. සමාජයේ මෙපමණකටම ආරවුල් , වාද භේද ඒ නිසාම නොවෙයිද?
ප්‍රතික්‍රියාව ගැන හිතන්න සමහරු දන්නෙ නෑ. ඒ මේ වගෙයි. ඉටිපන්දම් දැල්ලකට කටින් හයියෙන් පිම්බොත් දැල්ල නිවෙනවා. ලිපකට හයියෙන් පිඹලා ගිනි අවුලනවා. ක්‍රියාව සමානයි. ප්‍රතික්‍රියාව වෙනස්. ඒ ඇයි? ප්‍රතික්‍රියාවට බලපාන්නේ ක්‍රියාව පමණක් නොවෙයි. හේතුන් එකක් නොව කීපයක් තිබිය හැකි බව එවිට තේරෙනවා. හේතු ඵල කියන දහමේ ගැඹුර එතැනින්ම ඇරඹෙනවා. අපි දන්නා, සොයාගත්, විග්රහ කොට ගත් දේ පදනම් කරගෙන කතාකරන විද්‍යාවේ ක්‍රියාව ප්‍රතික්‍රියාවට වඩා දහමේ සංයුක්ත දැක්ම ගැඹුරුයි. විද්‍යාවෙන් වියුක්ත දේ සංයුක්ත කරන ප්‍රබලත්වය නව දැනුම සමග සංශෝධනය වද්දී දහමේ සංයුක්ත දැක්මේ ගැඹුර තවත් පැහැදිලි වෙනවා.
ඒ නිසා ප්‍රතික්‍රියාව ගැන ගැඹුරෙන් හිතන්න වෙනවා. සරලයි, ජීවිතය. ඒත් ගැඹුරක් හොයා ගන්න තියෙනවා. ඒ ගැඹුර හොයාගන්න තරමට ජීවිතය තවත් සරල වෙනවා. කවදාහරි ඒ ගැඹුරට පනින්න වෙන්නෙ පතුල ගැන හොදට දැනගෙන. පනින්න පෙර හිතා බලන්න කීවෙත් ඒ නිසානේ.
සමහරු ප්‍රතික්‍රියාව ගැන නොහිතා නොදන්නා ගැඹුරට පනිනවා. හැබැයි ඒ පිම්මෙන් සිද්ධවෙන්නෙ තමන්ගෙ විනාශය විතරක් නම් ජීවිතය අවදාමේ දැමීම හිස් වැඩක්. ඒත් පනින්න පෙර හිතුවෙ නැත්නම් ඒ ටික තේරුම් ගන්න කෙනෙක් තවදුරටත් ඉතිරි නෑ.
ඒයයි වැදගත්කම හිතුවොත් ප්‍රතික්‍රියාව ගැන,
ඒ නිසා පනින්නට පෙර හිතා බලන්න පුරුදු වුනොත් සමහර පිමි නොපැනම ඉන්න පුළුවන් වෙයි. ඒකෙන් හතර හංදි නොකඩාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි.
No comments:
Post a Comment