පාරක් හංදියක් ගානේ මේ පාරෙන් එන්න කියන උදවිය ඕන තරම්. පාර යන්නෙ කොහාටද, අපි යන්න ඕන කොහාටද?
අපි දන්නෙ නැත්නම් යන්න ඕන තැන පටන් ගන්න තැන ඉදන්ම හැම පාරකම අපිට යන්න වෙන්නෙ රස්තියාදුවක. එතනින් පස්සෙ තව දුරටත් ශක්තියක් ඉතුරුයි නම් පමණයි අපට අපේ පාර හොයාගන්න පුළුවන් වෙන්නෙ.
අහම්බෙන් වගේ කීප දෙනෙකුට හරි ඔය රස්තියාදුව අතරෙ තමන්ගෙ පාර හම්බවෙනව වාසනාවට. තවත් සමහරුන්ට මේ ජීවිතේට පාර හොයා ගන්න ලැබෙන්නෙ නැහැ. පව් අවාසනාව. තවත් බොහෝ දෙනෙක් මේ පාරෙන් එන්න කිව්වම ඒක තමන්ගෙ පාර කියල හිතාගෙන යනව. පාර කියල දෙන්න කෙනෙක් නැත්නම් වෙන මොනව කරන්නද?
හැබැයි, ඊලඟ මොහොතෙ අපි යන්නෙ කොහෙද කියල නොදන්න ගමන බොහොම අවදානම්. හිතට කිසිම නිදහසක් නෑ. මොකද ඒත් කරන්නෙ? මේ පාරෙන් එන්න කියනව මිසක් තමන්ගෙ පාර හොයාගන්න උදව් දෙන කිසිම කෙනෙක් හොයාගන්න නැත්නම්.
කල්පනා කරල බැලුවොත්, සමහර විට කලින් ඔය පාරවල් වල ගියපු අය ඇදපු සිතියම් තියෙන්න පුළුවන්. එහෙම සිතියමක් හම්බුනොත් තමන්ට තමන්ගෙ පාර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ කිසිවක් නොදන්න තරමට වඩා. ඒත් ප්‍රවේශමෙන් බොරු සිතියම් විකුණන අය ඕන තරම්.
හරි පාරෙන් හරි තැනට යන්න හරි අමාරු වෙන්න ඒකත් ලොකුම හේතුවක්. ඒත් හරිම පාර හොයාගන්නකම් උත්සාහය අතනාරින අයට නම් වරද්දන්න බෑ කාටවත්. කවදාවත්.
No comments:
Post a Comment