පැරණි කවියක් තියනවා.
"වනේ ගිජිදාය .............. ඌ කාය. ළිඳේ පණිදාය වැටුනොත් ඌ කාය, අතකින් කරවලෙකි අතකින් දඬුබෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"
මොකක්ද මෙකෙ තේරුම? ඒ කියා ඇත්තේ පුරාණයේ සිට අපගේ රජුන් රට කරපු හැටි.
හැමදේකටම ඉතිහාසයක් තියෙනවා. දෙව්ලොවේ මුල් ඇත්තෙ අපායෙ නම් අපේ මුල් කොහේ තියෙන්න බැරිද? අපේ මුල් තියෙනවා ඒ කවියේ. මරණ තුනක් දකිමින් පැරණි කනවා යනු කිසි රටක කිසිම පාලකයෙකුට ලේසියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. නොහැකි දෙයක් බවට මේ ඇඳිරි නීතිය තුළ වුනත් නොබියව අභියෝග කරන්න මට පුළුවන්. බොරුනම් නම් කාල පෙන්නන්ඩ. උපරිමයෙන් මරණ දෙකක් පෙනි පෙනී පැණි ටිකකට දිවදායි. නමුත් මරණ තුනක් දිහා උපේක්‍ෂාවෙන් බලමින් කිරිත් සමඟ හරි පැණි කන්න ඔය කාටවත් බෑ. හොඳින් පදම් වුණු ලෝකෝත්තර සටකපට බවක් ඔය කාටවත් නෑ අපිට තරම්. පරංගියාව කෝට්ටෙට යැවුවෙත් අපි, ඉඟුරු දීල පිරිස් ගත්තෙත් අපි, එතකොට උන්ගෙ ආයුධ වලින් උන්ටම ගහන්නෙ නෑ කිව්වෙත් අපි, තව එක පාරින් බෙල්ල කපන්න, අයියණ්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි කිව්වෙත් අපේ අය. එහෙව් අපිට මරණය මොකක්ද? අද වෙනකොට ඒ පරිණාමය මරණ තුනක් නොවේ, මරණ දහදහක් දැක දැක වුනත් අපිට පැණි කන්න පුළුවන් බව පහුගිය වසර තිහක් හතළිහක් ඊටත් එහා අපි ඔප්පු කොට අවසානයි. තිරසාර දියුණුව කියන්නේ ඒකටයි. ඒ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්න බෑ.
-ඉතිරිය ඉදිරියට-
No comments:
Post a Comment