Tuesday, May 14, 2019

නොකියන් මුසාවාදා (පරණ කතාව)-1- කොටස

මහ දවල් ඇඳරි නීතිය දාලා, හිත ඇතුළෙන් සතුට  දෝරෙ ගලනවා. ඒ සතුටට රසවත් ගී පද මතකෙ එනවා.
බොරු කියන රටක්
බොරු අහන රටක්
තව මෙසේ නොවී කෙළෙසා
එය දන්න ඔබත්
මෙහි ඉන්න අපත්
තව කුමක් කියනු කා... හා...
උදේම කොඩිය උස්සලා ගීය කියලා පුරුදු කරපු පමණට පන්සිල් අරන් නැත්තම් තමන් අදහන ආගමේ වතාවත් කරලා අවුරුදු ගාණක් ඉස්කෝලෙ ගිහින් පස්සෙ තවත් තැන්වලට ගිහින් රට රට වල පවා ගිය මිනිස්සු අපි, මේකේන් එළි බැහැපු අය අද විවිධ තැන්වල විවිධ මට්ටම් වලින් ජීවත් වෙනවා. කරදරයක් නැතිව විවිධ ඉසව්වලින් දියුණු වෙමින් ඉන්න මිනිස්සු ගැන සන්තෝෂයි. තවත් විදිහකින් රටට විදේශ විනිමය ගෙනෙන පිටරට රස්සා කරන පිරිසකුත් ඉන්නවා. මේ වෙලාවෙ අපි ඔවුන්ද සිහිපත් කළ යුතුමයි.
මේ රට හරි ලස්සණයි. ලොකු ඉතිහාසයක් තියෙනවා. කොටින්ම ඔය අද දියුණුයි කියන සමහර රටවල මිනිස්සු එළිමහ නෙ කැත කරන කාලෙ අපි කැත කළේ කැසිකිළි ගල්වල. එතරම් දියුණු ජාතියක් අපි. ලෝකෙ අවුරුදු දෙදාස් පන්සීයකටත් එහා ශිෂ්ඨාචාරවත් ඉතිහාසයක් තියනව කියන්නෙ, ඒකම ඇති අපිට අභිමානයෙන් නැගී හිටින්ඩ. ලෝකෙ තියෙන උතුම්ම ආගම අද ඉතිරිවෙලා තියෙනෙ කොහේද? අපි භාණ්ඩාගාරයක් වුනේ ධර්මය අතින් පමණක් නොවේ. හැම අතින්ම. සමහර විට අද පවා. ලෝකෙ ඉන්න හොඳම හමුදාවෙ ඉඳන් ලෝකෙ බිහිවුණු දරුණුම ත්‍රස්තවාදී කල්ලිය දක්වා අපේ රටේ  මිනිස්සු මේ භාණ්ඩාගාරයේ ඉන්නවා. අද ඒක අයි සිස් කියන එකක් දක්වා ඉදිරියට ඇවිත්. ඒ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්න බෑ.
-ඉතිරිය ඉදිරියට-

No comments:

Post a Comment