මිනිස්සු ආවේගයෙන් යක්ෂාවේශයන් කෑ ගහනවා. කොච්චර ආවේගයෙන් ආවේශයෙන් කතා කරත් ඒක විරෝධතාවයකින් එහාට යන්නෙ නෑ. ගියොත් සාමය කඩකිරීමක් වෙයි, අත්අඩංගුවට පත් වෙයි. සමහර විට කඳුළු ගෑස්, වතුර වදින්නෙ ඒ සීමාවටත් කලින්. අවම බලය, එතනින් එහාට එසවෙන්නේ අවි, ආයුධ. ඒත් අයුක්තිය අසාධාරණයට එරෙහි හඬ නැගීම කළ යුතුමයි. අරමුණු පටු නොවී ඒ හඬවල් එකතු වුණා නම් ජන අරගලත් සාර්ථකයි.
බලධාරීන්, නිලධාරීන් ආවේගයෙන් ආවේශයෙන් කතා කරමින් ඉන්නවා. මාධ්‍ය ප්‍රකාශ, සාකච්ඡා, මහජනයා ඉදිරියේ, ප්‍රශ්න ගැටළු ඉදිරියේ රැවටීම සඳහා රඟපානවා ද ?
දේශපාලකයො ආපහු ඡන්දෙ ඉල්ලනවා. ප්‍රතිමල්ලවයා හම ගහනවා. ප්‍රශ්න යට ගහනවා.
ඔවුන්ට ආවේගයෙන් ආවේශයෙන් දෙඩීමට එහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමත් බලයක් තියෙනවා. එසේ නම් ඒ වගකීම දැරිය නොහැකි තැන ඉල්ලා අස්නොවන්නේ, රටම වංකගිරියක අතරමං කොට තවදුරටත් ගිරිය හඬවමින් සිටින්නේ ඇයි ? රට ජාතියේ ඉරණම කීප දෙනෙකුගේ යාතු කර්ම උදෙසා බ්ලි දෙන්නේ ඇයි ?
හෘද සාක්ෂියත් ප්‍රතිව්‍යූහ ගත කරණයට සුදානම් එවන් වංක ගිරි සිංහ ගිරි තුළට බිලි වීම දකිනු යෙහෙකි.
No comments:
Post a Comment