Tuesday, May 15, 2018

විලි තේර...ඉල්ලෙෙ

පොත් පිරෙන්න ලකුණු දමාගෙන
සේප්පු පිරෙන්න සල්ලි දමාගෙන
ලිපිගොනු මිටියක් සල්ලි මිටියක් මවිල්
එනකම් කිහිල්ලෙ ගසාගෙන
කව්දැයි බොලේ යන්නේ මේ වටේ රට?

අපි ගත්තා අපි දුන්නා ලකුණුත් අපිටම ලැබුනා
චෝදනාද යෝජනාද නඩු අවනඩු බඩුම තමා
කළු සල්ලියි අපෙ මල්ලියෙ පිහිට තමා පිනම තමා පෙර කරුමය තොපට තමා
එන්නම් මල්ලි ආයෙ පාරක් යමුකො වටේ වැඩම තමා

Saturday, May 12, 2018

තරමට

නිවැරදි කමට එකඟවිය යුත්තේ ලකුණු දමා ගැනීමට නොවේ.
වැරැද්දට එරෙහි විය යුත්තේ වාසි තකා ද නොවේ.
එසේ කරන්නවුන් ඉන්නා තැන අපත් පිරිහේ, රටත් පිරිහේ.
අද සිදුවන්නේ එයයි. සිදුවෙමින් පවතින්නේ එයයි.
කිසිදා කිසි විට පගාව නොදුන්නවුන් අත් ඔසවන්න..
කිසිදා කිසිවිට පගාව නොගත්තවුන් අත් ඔසවන්න..
ඔවුන්ගේ පුරවැසි පොතට එක් ලකුණක් හිමිවේ.
තව කරුණු විමසන්න.. පුද්ගල, පක්ෂ, පාට, පිල් වාසි තකා කරුණු නොවිමසන්න. තමන් රවටා ගන්නට උත්තර නොදෙන්න, මම දන්නා හැටියට හෘදය සාක්ෂිය අවැසි කෝටු පහර ලබන පාසල් වයසේ නොව වමතට නොදැනෙන්නට දකුණෙන් මිනීමරණ මහ වැඩිහිටි වයසටය.
කරුණු කරළියට එන විට අවසන තම තම පුරවැසි පොතේ ඉතිරිවන ලකුණ ඔබ රට වෙනුවෙන් කළ ආයෝජනය බව තේරුම් ගන්න, අපගේ වයස අනුව ඒ ඒ පමණට අප මේ භුක්ති විඳින්නේ ඒ ආයෝජන ප්‍රතිලාභ බව වටහා ගන්න. ඡන්දය යනු ඒ පොතේ සටහන් වන තවත් එක් ලකුණක් පමණක් බවද සිහියට ගන්න.

Wednesday, May 9, 2018

මෙහෙව් රටක නපුංසක අඩව් (කාලකණ්ණින් කවුරුද)

මීඩියා රට හදති
රට හරක් ගොම දමති
ගොම ගොඩෙන් දේශපාලුවෝ නැගෙති
රටට වින හෙණ දෙවා තම පක්ෂ උන් නගති...
කැළණි විහාරය නොවැඳම විපක්ෂයෙ වාඩිලා සියළු පව් උන් නසති
හුරේ ලා කරේ ලා ඇරගනිව් උන් ලවා
කේතුමතියේ වැසිකිළි දොරක්වත්...
දනා දද දම දමා
හපා ගනිති තම තමා
කළ යුත්ත නොතකනා
තෙක් තාන තම් දෙනා

Saturday, May 5, 2018

මම ඉගැන්වීමටම උපන්නෙමි (පළමු දිනය නොමිළේ, ශාලාවේ ඒ සී ඇත.)

මගේම කියා දෙයක් ඇත්ද?
මගේම කියා මම හිතනා සිතිවිලි මගේමද?
මගේ කාය මනෝ කාය කියා මා ආත්මය කොට ගන්නේ කිමෙක්ද?
මගේ ඇලීම ඇලීමක් කොට ගැනීමක් පමණක් නොවෙද එය...
සුළඟෙන් හුස්ම උරාබොන්නේ කෙසේද? පසෙන් ගසත් ගසෙන් සත්වයාත්, සත්වයාගෙන් සත්වයාත් පෝෂණය වන්නේ යම්සේද මොළයේ ස්නායු සංජානනය කරන ඉන්ද්‍රිය ගෝචරයන්ගේ පිළිබිඹු මොළයේ ඉන්ද්‍රියන්ගේ හෝ මගේ වන්නේ කෙසේද? නැතිනම් ඉන්ද්‍රිය ගෝචරයන්ගේද ඒවා?
මේ සියල්ල ගැන දැනගන්න
ජීවිතය ජයගන්න
එන්න මගේ පාසලට

Monday, April 30, 2018

ලෝකෝත්තරයෝ සිතක සතියට විදිති? (බඩගෝස්තර ලාබ බාල වෙසක් මැද)

වෙසක් තොරණේ පෙන්වන්නේ බණ කථාය. අපේ ප්‍රබුද්ධත්වය මත අපි සාධු.. සාධූ.. නොකීවත් කීවත් බණ කතාවෙන් සමාජය පිරිහෙන්නේ නැත. ජාතක කතාවේ සතුන් කටින් කතා කළත්, හිතෙන් කතා කළත් එයින් වන්නේ සමාජ සංස්කෘතික පෝෂණයකි. ආගමිකයාගේ පහන් ශ්‍රද්ධාව ඉහළ නැංවීමකි.
එතකොට ටී වී තොරණ්.. ඒවායේ පෙන්වන්නේ බණ කථාද? ඥාන කථාද? මාධ්‍ය ප්‍රවර්ධන කථාද? ලාබයි, ලාබයි අපෙන් ගන්න කියන කථාද?
වර්තමාන මාධ්‍ය ව්‍යාපාර මෙහෙවර අතකින් හරි වටිනවා සේම මුදල් බෙදා මිනිසුන්ගේ කටින් තමන්ගේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කර ගන්නා බොහෝ මාධ්‍ය හැබෑ ලෝකයේ ලෝකෝත්තර ගේමක් මේ දිනවල ප්‍රවර්ධනය නොකරයිද? යන්නත් විමසනු වටින්නේය.

කව්ද මේ ලෝකෝත්තරයා... සැබෑවටම නම් ලෝකය පිළිබඳව ආධ්‍යාත්මිකව උත්තර සොයායන්නා සරලවම ලෝකෝත්තර මාර්ගයක යන්නෙකු යැයි කිව හැකි. නමුත් අපේ ව්‍යවහාරයේ ලෝකෝත්තරයා යනුවෙන් හඳුන්වන්නේ එහි සැබෑ අර්ථයට ප්‍රතිවිරුද්ධ අර්ථය දරන්නාය. එවිට ලෝකෝත්තරයා යනු ශූර කපටියෙකි, කෛරාටිකයෙකි. ඒ අරුතින් බොහෝ මාධ්‍ය මේ දින දෙකේ ලෝකෝත්තරයාගේ භූමිකාව කරති. ඊටම සරිලන බඩගෝස්තරවාසීන් පිරිසක්ද මාධ්‍යට ආල වඩන සඳ බුද්ධාලම්බන ප්‍රීතිය ලාබ වී බාල වී අදට වඩා හෙටට අඳබාල වෙසඟක පෙර ලකුණු පෙනී පෙනී නොපෙනී යයි.
අර මහා ජාති මාමකයෝ, නායකයෝ මේ දින දෙක වෙසක් නිවාඩු පිට නොහිටියා නම් අදම ඔවැනි මාධ්‍ය විරෝධී තවත් සිංහල බොදු බලවේගයක් රටේ අනාගතය වෙනුවෙන් හදනවා නිසැකය.

ඒ සියල්ල පසෙක තිබේවා! මේ රටේ සියල්ල අර්ථයෙන් බැහැරට යන්නේය. අධ්‍යාපනයේ අරුත, අධ්‍යාපනයේ නැත. ආරෝග්‍යයේ අරුත සෞඛ්‍යයේ නැත. කලාවේ අරුත කලාවේ නැත. දේශපාලනයේ අරුත දේශපාලනයේ නැත. ඉතිං දහමේ අරුතත් එයින් ගිලිහුණු පසු කාට බැන්නත් ඵලක් ඇත්තේද නැත. එනිසා  වඳින්න, පුදන්න බුදුන් බුද්ධියෙන් ශ්‍රද්ධාවෙන්, මාධ්‍ය සරණං ගච්ඡාමි නොකියා. ඒ අදාළ දුරස්ථ පාලකය පාලනය කරන්නේ ටී වී එක පමණක් නොවේ. සමාජයක ඉරණමට බලපාන සිකුරු, සෙනසුරුත් ඔබේ අතයට, හිතයට බව තේරුම් ගන්න.

Sunday, April 29, 2018

ස්පෙල් (සිම්පල් නැති සරලත්වයේ කැපිටල් දහම)

ලෝකයේ ලොකුම මැජික් කරු නොහොත් මායාකරු  ස්වභාව ධර්මයාය. අප ඔහුගේ ඉත්තන්ය.
ඒ මැජිකකරුට නැතිනම් මායාකරුට  තුන්කල් අභියෝගයක් වූ එකම තැනැත්තා බුදු රජාණෝය. උන්වහන්සේ ස්වභාව ධර්මයාගේ ඉත්තෙක් හෝ ගැත්තෙක් නොවීමට මාර්ගයක් කියාදුණි.
නවීන විද්‍යාව යනු ඒ මැජික් කරු නොහොත් මායාකරුගේ නරකම, හොඳම ගෝලයාය.

ස්වභාව ධර්මයා නොනැවතී සදන්නේය. උපදවන්නේය. නොනැවතී නසන්නේය. මරාදමන්නේය. ඔහුගේ කැමැත්ත එයය. ඒ මායාවේ ඉත්තන් අපය.
බුදුරඳුන් ඒ මායාව නැසුවේ කිසිවක් නැවත තැනීමට ඉඩක් නොතබමිනි. මරණයද ඊට හේතුවන උපතද ඉක්මවා ගිය උන්වහන්සේ විඳවීමත් විඳීමත් වදදීමත් වදවීමත් ඉක්මවා ගියෝය. එය ස්වභාව ධර්මයාගේ මහා මායා බන්ධනය කැඩීමක් විය. උන්වහන්සේ තවදුරටත් ස්වභාව ධර්මයාගේ ඉත්තෙක් නොවීය. එනිසා බුද්ධියේ රජාණෝ ගුරුන්ගේද ගුරුවරයා විය. කෙසේ නමුත් බුදුරඳුන් ස්වභාව ධර්මයා හා තිබූ සබඳ කම බොහෝ අගනා එකක් විය.
නවීන විද්‍යාව ස්වභාව ධර්මයා ගෙන් උගත්තේය. ඒ දැනුමෙන් නොයෙක් දේ අත්හදා බැලුවේය. ගුරා අනුමත නොකළ දේ කළේය. ඉන් ගුරාට අත් කළ විනාශය අති මහත් වූ නමුත් නවීන විද්‍යාව නැමති මැජික් කරුවා බිහිවුණි.
මේ විද්‍යාව ගුරාගේ මැජික් හෙළි කරමින් ගුරා අභිබවා යන්නට වූ බැවින් තවදුරටත් ගුරු චරිතයේ වටිනාකම හෑල්ලු වූ අතර නවීන විද්‍යාව පොර වන්නට විය. නමුත් අදටත් ඔය විද්‍යාවට සිය ගුරුවරයා වු ස්වභාව ධර්මයාගේ මහා මායා බන්ධනය විග්‍රහ කර ගන්නවත් හැකියාවක් ඇත්තේ නැත. හෙතෙම කොයිතරම් පාරම්බෑවත් තව දුරටත් ස්වභාව ධර්මයාගේ ඉත්තෙකි. එලෙසින්ම ගුරු උපකාරයෙන් සපුරා මිදී පැවැත්මක් නැති අප වැනිම ගැත්තෙකි

(නවීන විද්‍යාව නැමති මැජික්කරුගේ මායා දැල භාවිතයෙන් සැකසුවෙමි)

එව බලව, කීවා මිස ලාබයි ලාබයි නොකී සනාතන දහම(කාලීන බණ ගැන නොවේ)

සම්බුදු දහම නොතිබිණි නම් අපි, අපේ රට කෙබඳු තැනක් ගන්නට ඉඩ තිබුණාද? හිතන්නට වටින දිනයකි අද. ඒ හේතුඵල ඔස්සේ පමණක් බැලුවත් සම්බුදු උපතක වටිනාකමට අපට විකල්ප ඇත්තේ නැත.

Monday, April 16, 2018

තෙල් දමා ලිහිසි - ලිස්සා නොයනු යෙහෙකි (නැකතට මොළේ පොඟවා හෝ...ගත යුතුය ලක් සිරි)

යන්ත්‍ර වලට තෙල් දමන්නේ සුනම්‍යව තියුණුව වැඩ ගන්නටය. තෙල් ගලෙහි නියන පණ පෙවෙන්නේ කැටයම මටසිලිටි කරන්නටය. හැබැයි තෙල් දැම්ම පමණට කිසිවක් සිදුවන්නේ නැත. යන්ත්‍රය මෙහෙය වන්නේ කව්ද? වඩුවා කව්ද? වැඩේ සපුරා ඔවුන් අතය. අත වැරදුණොත් වැඩේ කොට උඩය.
තෙල් දැම්මාට හිසට, හිත ඇත්තේ ඔබ ළඟය. හිත ඇත්නම් හිස ඔසවන්නට මෙන්ම හිත කැත හෝ කැත හිත නිසා හිස ගැස්සෙන්නටත් පුළුවන.
මහ ජනතාවකගේ හිස්, ඒ ජනතාවගේ නියෝජිතයන්ගේ හිස්, පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි, අගමැති, ජනපතිගේ හිස් .. මේ සේරම හිස් ඒ ඒ හිත් අනුව හිස් හෝ පිරුණු ඒවා වෙත්ද, රටේ දියුණුවත් පසුබෑමත් වන්නේ එතැනය.
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු එන්නේ හිසෙනි, ඊට ජවය බලය දෙන්නේ හිතෙනි. චින්තනයක් හැදෙන්නේ එබඳු වූ හිසත් හිතත් එක්වීමෙනි. එබැවින් රටකට ඇවසි චින්තනයක් උදෙසා හිසතෙල් චාරිත්‍රයේ සැබෑ වටිනාකම සොයනු වටී. එය අපේ සෞඛ්‍යයේ සේම සෞභාග්‍යයේ චින්තනයකට දොරගුළු හරින්නක් කර නොගන්නාතාක්, පරම ලාභය ආරෝග්‍ය හෝ පරම ධනය සන්තුෂ්ටිය හෝ අපට උදා වෙතැයි හිතනවා නම් එබඳු වූ ඔළුගෙඩි වලට නැකතට වුව රජාගේ වුව තෙල් උලා ඵල ක්ද නැතී.
එබැවින් හිසේ නැකත රටේ ලකේ ශ්‍රියාවේ  නැකත කර ගන්න.

Saturday, April 14, 2018

මැරෙන්න පෙර


නැකත හොඳයි, අවුරුද්ද ලබයි.. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! රටටම කිරි ඉතිරේවා!

ජාතිය වෙනුවෙන් මැරෙන හැටි නොපෙන්වා මරණ හැටි පෙන්නූ ජාතිවාදීන්
+
ආගම කියාදුන් ඉවසීම නොතකනා වැනසීමේ මග කියාදෙන ආගම්වාදීන්
+
දේශපාලනයේ ශූරත්වය නොපෙන්වා කූටත්වයෙන් රට නසන දේශපාලකයින්
+
ජනතාවකගේ බලය නොපෙන්වා හිස නවන නිකට කසන පරමාධිපත්‍යධාරීන්
=
උත්තරය බිංදුවයි, දැන් ඒක සිංදුවයි, උදානයේ ගීතයයි, කැවුම් කොකිස් අති රසයි...අවුරුද්දෙ රස රැසයි

Wednesday, April 11, 2018

පිංවතුන්ගේ කතා වස්තුව,(පාපකාරී වූ නූතන අප උදෙසා)

එදා මෙදා කවදා මුත් දමිළ, මුස්ලිම්, සිංහල වශයෙන් ජාතීන් ලෙසින්ද, හින්දු, ඉස්ලාම්, කිතුණු, බොදුනු ලෙස ආගමික වශයෙන්ද අප උදෙසා, රට උදෙසා දිවි දුන් සියළු පින්වතුන්ට මේ පිං අනුමෝදන් වේවා (ලෝක වාසීන්ටද සුදුසු ලෙස වේවා)

70 ගණන් වල සිට ඊයේ පෙරේදා දක්වා වූ නූතන ලක් සමාජයේ කාලකණ්ණින් ගේ පර්යේෂණ උදෙසා නියමින් හෝ අනියමින් පර්යේෂණාගාර මීයන් බවට පත් පාපකාරී  සියළු පිංවතුන් ගේ ජීවිත වේදනාවන්ට  සැනසීම අත්වේවා! (ලෝක වාසී එවැන්නන්ටද ලෝක යුද්ධ කාලේ සිට සුදුසු ලෙස වේවා)

කාලකණ්ණි සතුටෙන් ඉදිමුණු මිනිස් සිත සිහිබුද්ධියේ තියුණු සැතෙන් සැත්කම් කොට ඕජස් හරණය කෙරෙත්වා! (ඇමෙරිකාවද මානව හිමිකම් සුරකිත්වා)

පාපී වූ අප උදෙසා පිංවතුන් මිහිමත ජන්ම ලාභය ලබත්වා! (සිරිලකට වැඩි වැඩියෙන් යේවා!)

කාලකණ්ණි සතුට! (විනාශයක පෙර නිමිත්තයි)

රටක කාලය නාස්ති කරමින්
ජනතාවගේ කාලය නාස්ති කරමින්
සමහර විට අපි ජීවත්වන මීළඟ අවුරුදු 50ත්
අප ජීවත් නොවන ඊළඟ අවුරුදු 50ත්
අද දවසේ වගුරන බේගල් ගොහොරේ ගිල්වමින්
ආණ්ඩුවලට උගුල් අදිමින්
තුච්ඡ ප්‍රයෝග ටොන් ගණන් හලමින්
දේශපාලන පක්ෂ ප්‍රතිරූප තර කරමින්
ජනතාවගේ පෙට්රෝලියම් තෙල් නිකරුනේ පුළුස්සමින්
නැති වාද හදමින්
ඇති ප්‍රශ්න ගටමින්
තම ජාම බේරාගනිමින්
තව ජීවිත බිලිදෙමින්
උන් සොයන්නේත්
අප පතන්නේත්
දරුවන්ට උරුම කරන්නේත්
අපේ ප්‍රවේණිගත

ආත්මාර්ථී
වි+සාදය යි.

Sunday, April 8, 2018

නවතිමි...දැන් ඇති

නිහඬ වෙමි
හඬ වෙමි
හැඬවෙමි
හඬවමි
හැඩ වෙමි
වද වෙමි
වද දෙමි
වද බඳිමි
පොර බදමි
රොද බඳිමි
හොර කරමි
සොරි කියමි
සැක කරමි
සැර කරමි
මහත්මයෙකු වෙමි
ටයි කෝට් පළඳිමි
කෝට් යමි
කෝට් වෙමි
ලෝඩ් වෙමි
ගෝඩ් වෙමි
ගෝට් වෙමි
ෂේප් වෙමි
ෂේක්ස්පියර් වෙමි
නොනවතිමි
අර අඳිමි
අං අදිමි
කන් පලමි
කල් බලමි
වෙඩි තබමි
.....................

Wednesday, April 4, 2018

දේශගුණික ප්‍රශ්න මෙව්වා! (අපිට ප්‍රශ්න නොවේ)

මහින්ද ගෙ සදාචාරේ
රනිල් ගෙ සදාචාරේ
මෛත්‍රි ගෙ සදාචාරේ
පාර්ලිමේන්තු සදාචාරේ
අපේ සදාචාරේ
රට අනාචාරේ..

ඌරන් ඌරන්ටම ඌරන් කියා අපහාස කරගනිති අද, ඔන්න දැන්වත් පෙනෙනවාද ඌරන් ඌරන්ම බව..

මේ රට හදන්න නම් මකලාම ගන්න වෙයි,

Wednesday, March 28, 2018

කියමන්

"දෙදහස් පන්සීය දෙකයි පනහට දැම්ම තිත වාගේ"

වසර 2500 ක එෛතිහාසික අත්දැකීම් තිබුණත් තිතටත් මත ඇති රටක ඒ තිත 2500 වුව 2.50 කරන්නට අතරමැදට පැන්න හැකි බව, තිරසාර දැක්මක්, ඊට සරිලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන අවිනිශ්චිත, අතීරණ හා අජීර්ණ ජන සමාජයක කිසියම් වැඩපිළිවෙළක් සකස් වෙන්නේද තවත් වැඩපිළිවෙළකට තිත වැටහෙන්නේද සැබෑ තක්සේරුවකින් හෝ අවබෝධයකින් නොවන බවත්, ඉන් සිදුවන විනාශයත් (සරලවම අපේ ආණ්ඩුවල ස්වභාවය) මින් අදහස් වන බව කවරෙක් නොසිතත්ද.........!

පොතේ නැතත්

"නහයට විකල්පය කට වුනා වැනී"

ගන්ධයෙන් හඳුනා ගත යුතු වසුරු මළ සෙම්ප්රතිශ්යාව හේතුවෙන් අනුභව කොට ප්රත්යක්ෂ කරගැන්මට යාම, යමකට විකල්පය හැමවිටම ඊට ආසන්නවම නොවන බවත් යම් විටෙක ප්රබුද්ධ නොවන විකල්පය කොතරම් විනාශකාරීද යන්නත් මෙයින් අදහස් වේ.

Tuesday, March 27, 2018

අලුත් කියමන් (පොතේ නැති ඒවා)

"කූඹියෝ රහදිව කෑවා වගේ"

සීනි, තෙල් අධිකව ආහාරයට ගත් කෙනෙකුගේ රහදිවේ තැවරුණු සීනි, තෙල් වල ඉවට ඇදුනු කූඹියෝ ඒ දිව හපාකෑවෝය. රහදිව ඉදිමුණු තැනැත්තාට ඉන්පසු දැනුනේ කූඹි රස පමණි. කිසියම් හේතුවකින් කෙනෙකු මෙලෙස එකම රසයක සිරවීම මෙයින් අදහස් වේ.

Monday, March 26, 2018

භාෂාවේ අළුත්ම කියමන් (පොතේ නැති)

"සරම අස්සේ කඩුව වැනුවා වාගෙයි"

දූෂණයට එරෙහිව බලය ක්‍රියාවේ යොදන්නට ආ පිරිසක් තම නොහැකියාව මත දූෂකයින්ට යටවී සියතින්ම තම විනාශය අත් කර ගැනීම , ඔසවා සරඹ කළ යුතු කඩුව සරම අස්සේ වනන්නට ගොස් වරිගය(පුරුෂ නිමිත්ත) නසා ගැනීම ලෙස මෙයින් අදහස් කෙරේ.

Thursday, March 22, 2018

වද වෙන්න

යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි

දම් සකට අට ලෝ යටව
මිරිකී සැලී බිය වී  පෙළුණු සිත
සිනා සයුරේ සතපවා
නළවා පිනෙන් ඒ නිදි වැදුණු සිත
දකින සිහිනෙන්
පිබිද එන්නට කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි

සෙනෙහෙ ගංඟා හරස් කරවා
තැනු දිය කඳ වේලි උතුරන
වෛර යේ චෛතසික අවුලා
ගිනිකන්ද  දුම් වළලු නංවන
එකට ගැටුමෙන්
නිවී සනහන කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි

වද වෙන්න එපා

 දෙවියන්වහන්සේ, පිස්සෙක් හා මනස්ගාත අතර රීතිය ද? නීතිය

Sunday, March 18, 2018

තව තවත් බෙදී මද? (සරලවම වළපල්ලට)

🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾
ද්‍රවිඩ දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
මුස්ලිම් දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
සිංහල දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
අපි බෙදෙද්දී දේශපාලකයෝ වශයෙන් උනුන් එක්ව වසර පහකින් නිර්ලජ්ජිතවම පාර්ලිමේන්තු විශ්‍රාමය ද ගන්නෝ වරප්‍රසාද උපරිමයෙන් භුක්තියට ගන්නේ එය ඡන්දයෙන් ලැබෙන පරම උරුමයක් සේ ගෙනයි.
ආගමික නායකයින් කියනා කොටස් තම ආගමිකයන් අතර යම් බේදයක් වපුරද්ද, ඔවුන් අවසන කරන්නේ තම පුද්ගල අරමුණු වෙනුවෙන් පිරිස් බලය හදාගැනීමට සිය ආගමික කතෘන් බිලි දීමයි.
රාජ්‍ය නොවන සංවිධාන යම් බේදයක් පොදු ජනයා අතර වපුරත්ද, යුද්ධය මෙන්ම සාමය ද ඩොලර් ඉපයිය හැකි තමන්ගේම බූදලයක් කොට පවත්වා ගැනීමයි ඔවුන්ගේ අවශ්‍යතාවය.
තවත් රටක් අපව බෙදන්නට හදනවා නම් ඒ ඉන් ඔවුන්ට වාසි ලැබෙන නිසාමයි.
මේ සියල්ලන්ගේ උවමනාවන් පරිදි අපි බෙදනවා නම් ඒ අපට ලැබෙන වාසිය තකායි.
ඒ වාසි මොනවාද?
සුදුසුකම් වලට එහා රස්සාවක්
නීති විරෝධී අනුමැතියක්
වරදකින් නිදහසක්
සල්ලි
නම්බුවක්
ඉතිහාසගතවීමක්
වෛරය පිරිමැහීමක්
නන්විද කාරණා...
සර්ව සාධාරණ නැති නන්විධ පුද්ගල අවශ්‍යතා මත බෙදි බෙදී අපි රටක දියුණුවක් ගැන කතා කිරීම තව දුරටත් ඵලක් නැති දෙයකි. විද්‍යාත්යාමක නැති දෙයකි. විහිළුවකි. එනිසා කපටින්ගේ ගුණ්ඩු මත නොබෙදීම පමණි රටත් අපත් දියුණුවක් පතන පළමු පදනම විය යුත්තේ, සුද්දා දුන් නිදහසට පෙරද පසුද අප නොහැරුනු හැරවුම් ලකුණ ඔතැනයි.
🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾

Saturday, March 17, 2018

තීරණ හා තීන්දු අවශ්‍යයි(මගේ ඉල්ලීම්)

↔රටේ තීරණ, තීන්දු,

අප වෙනුවෙන් රට වෙනුවෙන් විය යුතුයි.

ඒවා නිවැරදි, යුක්ති සහගත හා සාධාරණ විය යුතුයි.

කලට වේලාවට ගන්නා සජීවී ක්‍රියාකාරී ඒවා විය යුතුයි.

මම සිංහල යැයි කීමට, මම මුස්ලිම් යැයි කීමට හෝ මම ද්‍රවිඩට යැයි කීමට, කරට අත දමා ගෙන අපි ශ්‍රී ලාංකිකයැ යි කීමට බාධාවක් නොවිය යුතුයි.

ආගමික නිදහස ඇතිවා මෙන්ම බලහත්කාර හා වංචාකාර පෙළඹුම්, වංචනික අරමුණෙන් ආගමික අල්ලස් දීම්ද වැළැක්විය යුතුයි.

අන්තවාදයකට දඬුවමක් තිබේ නම් සියලු අන්තවාදයටම ඒ දඬුවම පොදු විය යුතුයි.

සිංහල ප්‍රකාශ ගැන සිංහලෙන් වද වෙන පමණටම දමිළ හෝ ඉංග්‍රිසි ප්‍රකාශ ගැන ඒ ඒ භාෂාවලින් අතිශයින් වද විය යුතුය.

සුළු ජාතීන් හා සුළු ජාතික අයිතිවාසිකම් කියා යමක් ඉස්මතු කෙරෙත්ද මහ ජාතිය හා මහ ජාතීය අයිතිවාසිකම් කියා දෙයක්ද නිරායාසයෙන් ඉස්මතුවන බව දත යුතුයි.

එබැවින්, පොදුවේ රට වැසියා සළකා යුතුකම් අයිතිවාසිකම් ප්‍රාථමික අවධියේ සිට සියළු පුරවැසියන්ට එන්නත් කිරීමට කටයුතු කළ යුතුයි.

සැ.යු.-අපට අනන්‍ය, රටට අනන්‍ය අපේ, රටේ එෛතිහාසික සංස්කෘතික පදනම හා පසුබිම විකෘති නොකර අනාගත පරපුර වෙත ශේෂ කළ යුතුයි.

Friday, March 16, 2018

ජේමිස් බංඩෝ, 007(අමුඩෙන් ටයි අදින අභිමානවත් අපේ මීළඟ සන්තෑසියට පෙර දන්න හිංගලෙන්, වදවෙමි)

කියවති, ලියති, පෙරළති.. මුව දෙති
මීළඟ දශකයේම දීමට සිදුවන්නේ පොතට පමණකී???
මුහුණ පොතට දීමෙන් නොනැවතී අදහස්ද පොතට වගුරතී
රටේ ණය පොත තර වේ, අපේ සම්පත් හිඟ වේ.
වර්ගවාදය කටට ගෙන පරිසරය අතට ගෙන ප්‍රතිරූප හදාගෙන, බදාගෙන නොයෙක් දේ හිතාගෙන විනාශය වඩාගෙන කොහෙද මේ යන්නේ,
ඊළඟ දශකයේ පත්තු වෙන්නේ අද හදන බකට් නම්... කූඩු නම්..
නීති හෝ රීති පමණද ඡන්ද කතිරය ඵලක් නැත දෙන්නේ
දාසයේ මාසයේ බෝම්බ - කාගේද වග වීම
හෙට වෙන්න සරුසාර කරනවද පස සාර?
කොහෙද මේ බිංකුණ්ඩෝ..
අඩෝ,
මං දන්නව බෘෘස්ලිගෙ
ජිට්-කුංඩෝ...
ඇප් ටික දීපන් ඩෝ
ප්රී එක දීපන් ඩෝ
අපි කෙළින් ඩෝ
රජ වෙන්ඩෝ
අපේ  ගොන්ඩෝ
අපිට ඕන
අපෙ බංඩෝ
ජයවේවා!

Thursday, March 15, 2018

ස/අ-ඵල

 අතීතයේ දැල්වූ සේවානූල වර්තමානය දවා හළු කරත්ද
 අද වපුරන බීජ හෙට ඵල දරනු නැත්තේද
 දශකයක් වැගිරූ දහදිය ශතකයක් ආරෝග්‍ය නොගෙනෙත්ද
පහනින් පහන් සිය ගණනක් දළුලත්ද

Sunday, March 11, 2018

බයිට් මිනිස්සුද? ආණ්ඩුවට පිස්සුද? (තාක්ෂණ අන්තවාදය? වයි fly)

ගමන් කෙරූ බෝම්බයට මාර්ග බාධක වැටුනා
ජාල ගතවු බෝම්බයට FB බාධක වැටුනා
මව් රට වෙනුවෙන් හුස්මත් නැවතුණු මිනිසුන් හිටියා
දෙවි පිහිටෙන් මෙහෙව් ජාල ඇදහීමක් මට නැතුවා

එහෙම කියා මට කොයින්ද වෙනම නීතියක්
මාර්ග බාධක වල තිබුණිද වෙනස් නීතියක්
මව් බිම, සාමය හදගත් පළමු තැන අදත්
බාධක නාමෙන් අප නම් හඬනු නැහැ හෙටත්

කිරට හඬති ළමයි...කොහේ

සිහළ ගෙදර උන් බිළිඳා
ද්‍රවිඩ ගෙදර උන් බිළිඳා
මුසළි ගෙදර උන් බිළිඳා
එකම හඬින් ඉකි බින්දා

බිංදු බිංදු ඉරුව බිංදු
කිරට හැරුන රුධිර බිංදු
නැළවිල්ලට ගැයුව සිංදු
වෙනසක් නෑ කඳුළු බිංදු

දායාදය කර පින්නා
දෙමාපියන් බර දන්නා
අනාගතය දුර පෙන්නා
මිනිසුන් වඩපන් ලංකා

Friday, March 9, 2018

මුත්තාගේ අඹ පැළය-මගේ මහ මොළය

මුත්තා මුණුපුරා දෙස බලා යුතුකම ඉටුකිරීම අපි කුඩා කළ බෙහෙවින් රසවිඳි ''මොනවද මුත්තේ” ගීතමය පද්‍ය පංතියෙන් උගත්තෙමු. ඒත් ඒ යුතුකම වෙනුවට අප දුටු දේ කුමක්ද? බලය, නිලය, ආත්මාර්ථය උදෙසා කට දෙකොනින්ම කෙළ වගුරුවන කා කොටා ගන්නා මුත්තන් රොත්තකි. ඒ මුත්තන්ගේ දෑත් ශක්තිමත් කළ ගොට්ටන් රොත්තකි.
අපිට හැබෑවටම පාර වැරදී බොහෝ කල්ය. දැන් ඇත්තටම සිදුවන්නේ කටු අකුල් වලට පැටලීමේදී සිදුවන බෙරිහන් දීම පමණය.
නමුත් බොහෝ දෙනා ඒ සරල වැටහීමට අනුගත වීමට කැමති නැත. ඒ ඔවුන්ගේ දැනුම අප්රමාණ නිසා වෙන්නට ඇත. නැත්නම් බොර දියේ මාලු බෑමට ඇති හැකියාව නිසා වන්නට ඇත. දැන් දැන් දශසීලයම අරගන්නා සමහරුන්ට තමන් අතීතයේ වැපිරූ වැපිරීම මතකයේද නැත.
එදා සිට ජාතික දේශපාලනය කියා තමන්ගේ ජාතියත්, ආගමත්, පවුලත්, පරම්පරාවත්, පක්ෂයත් තනතුරුත් බදාගෙන තමන්ගේ ආත්මාර්ථය උදෙසා ඔවුහු රට බෙදුවෝය. රටේ සාමාන්ය මිනිහාට තම අසැල්වැසියා සමඟ හැමදාම තිබුණේ සරල ප්‍රශ්න ටිකකි. ඒ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කොට ඒවා ජාති, ආගම්, කුලමල, පක්ෂ ප්‍රශ්න බවට පත් කළේ කවුරුන්ද?
එය දවසකින් දෙකකින් හෝ දශකයකින් සිදුවූවක් නොවේ.
එහෙව් යුතුකම් නොදන්නා අයිතිවාසිකම් ගැන පමණක් සිතූ මුත්තන්ගෙන් බිහිවූ වූ මුණුපුරන් දැන් හොඳින්ම බුරන වයසේය. එකිනෙකා බුරා ගන්නා විට අහල පහළ රටවල උන් බල්ලෝ එලවන්නට කියා ගල් ගසන්නටද පුළුවන. මන්ද ඔවුන් මෙහේ ඉන්නා වල් බල්ලන්ට වඩා තවත් රටවල දඩෝරියන්ට බයක් දක්වන නිසාය. ඒ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගසා තිබෙන නිසා ප්‍රශ්නයක්ද නැත.
ඉතිං වල් බල්ලන් ගානට වැටුනත් අපිට දැන් කමක් නැත. ඒවා හුරුය. මගේ අයිතිවාසිකම් මිස මට දැන් යුතුකම් කියා දෙයක් නැත. අඹ සිටුවන්නට ඉඩක්, වෙලාවක් හෝ උවමනාවක්ද නැත. බැරිම තැනක් ආවොත් දඩෝරියන් ඉන්න හෝ සත්තුන්ට බලපත්ර නොදෙන රටකට පනිමි මම. ඉතිං ඒ සඳහා දැන් සිට යොදවමි මගේ මහ මොළය. එහෙමද?

සරලවම, ... (අවබෝධයෙන් යමු)

පුළුල් අර්ථයෙන් හැබෑ විද්‍යාව යනු සියල්ල පිළිබඳ සත්‍යය විග්‍රහයයි. ඒ අර්ථයෙන්ම මිථ්‍යාව යනු විවිධ ධාරාවන් ඔස්සේ පැමිණි විශ්වාසයන් ගොනුවකි. පරිපූර්ණ වශයෙන් විද්‍යාව හා මිථ්‍යාව බෙදා දැක්විය හැකි භෞතික බෙදුම් රේඛාවක් නැති හෙයින්ම වඩා තාර්කිකව විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම කවදත් ලෝකයේ පවතීවි. අපි විශ්වාස කළාට මිථ්‍යාව ඵල දරන්නේවත් අවිශ්වාස කළ පමණින් විද්‍යාව යටපත් වෙන්නේත් නැහැ. සිදුවන්නේ නිවැරදි අවබෝධය ලබන තාක් අපි වාසි අවාසි මත විටෙක විද්‍යාවටත් විටෙක මිථ්‍යාවටත් ආවැඩීම පමණයි. නමුත් ලොව පවතින සත්‍ය ඔබටත් මටත් දෙකක් නොව එකක්මයි.
ජීවිත වල වටිනාකමක් ගැඹුරක් අරුතක් නොදකින තරමට අපි ආ වඩන්නේ අපිට කැමති මිථ්‍යාවට යි. ඒ ආස්වාදයට ඇති ලොලීත්වය රැකෙන්නට නම් අපි ඊට අදාළ විද්‍යාවේ ආලෝකය මතුවන්නට ඉඩ නොදිය යුතුයි. නමුත්  විද්‍යාව අවබෝධකොට ගත්තෝ විසඳුමකට මිස ගැටුමට නොයන බැවින් ගැටෙන්නේ ප්‍රතිවිරුද්ධ මිථ්‍යා භක්තිකයෝය. අපේ අන්ධ විශ්වාසයන්ගේ ගැටුම එතැනය. එබැවින් අතිමහත් විනාශයන් ලොවට ගෙනාවේ බුද්ධියෙන් අරගල කළ විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම් නොව ප්‍රතිවිරුද්ධ මිථ්‍යාවන් අතර ගැටුම්ය. විවිධ සංස්කෘතික වෙනස්කම් වලට හේතු වුණු ඇදහිලි විශ්වාස ගැටුමට හේතු වන්නේ අපේ මිථ්‍යාව වඩා උසස් යයි කියාපාන්නට යෑමෙනි. තමන්ගේ විශ්වාසය වඩා සත්‍යයැයි ඒත්තු ගන්වන්නට යෑමෙනි.
විද්‍යව අමතන්නේ අවබෝධටයි. මිථ්‍යාව අමතන්නේ හැඟීමටම පමණයි. එබැවින් හැබෑ විද්‍යා අවබෝධය විසඳුම් වෙත පාර කපද්දී මිථ්‍යාව හැඟීම ඔස්සේ විශ්වාසයට පමණක් පාර කපයි. අවසන තවත් විශ්වාසයක් හා ගැටුමට යන්නේ විද්‍යා අවබෝධයෙන් තොර එවැනි අන්ධ විශ්වාසයෙන් යුතු අන්තගාමීයාය.
කුමන විශ්වාසය මත සිටියත් අන්තගාමී, අන්තවාදීන් සියල්ලෝ එකම මිථ්‍යා දෘෂ්ටික පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් විද්‍යාවකින් පුනරුත්ථාපනය කළ යුතු මනුස්ස කොට්ඨාශයක් බැව් සංවේදීව අප කල්පනා කළ යුතුය. සාමාන්‍යය සමාජයේදී සිරයේ හෝ ඔවුන්ගේ විශ්වාසය ලෙස නිරයේ හෝ මේ පුනරුත්ථාපනයද සිදුවෙනු ඇත්තේමය, මන්ද විද්‍යාත්මක සත්‍ය නම් ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක්ද පවතින බවය.

Thursday, March 8, 2018

-මිනිස්සු-නම්, (වගවෙනු ව)

ඒ-
බී-
ඒබී- ඕ-
ප්ලස්,
මයිනස්...
අපි දන්න-
මිනිස්සු ඇතුළෙ-
කකියන්නෙ එච්චරයි..
කාලයක් වපුල බිජුවට මොනවදැයි?
ඒ බැව් වැපිරූ උන්ට අමතකයි?
වෙනසක් අවැසි ගම රට තොට නොවෙයි,
හදවත මනස නුවණැස ඇරඹුමයි.

Friday, February 16, 2018

ජීවිතය යනු,

ජීවිතය යනු අනාගත දැක්මෙන් අතීතයට යුක්තිය පිරිසිඳීමයි

Thursday, February 15, 2018

ගමකට රැවටෙන්න කැමතිද? වඩා ලාභදායී ම වට්ටම් දැන්

සීතාම්බර සළුව නැතිවත්
සිඹපල්ලා
නිරුවත කැමති යටිසිත
සඟවාපල්ලා
දුන්න අරන් කැටපෝලයෙන්
විදපල්ලා
අපත් සමඟ තොපි සෙලුවෙන්
සිටපල්ලා

Wednesday, February 14, 2018

☺😊😃💘💘💘💘💘💘💘💚💛💜♥

නීලහරිත ආදරයක්
වැලන්ටයින් කමිටුවක්
මල්සරා අපේ
අනාගතය ඔබේ අතේ
ඒත්
හැබෑ ආදරේ
සිරිලකටමයි මගේ

Tuesday, February 13, 2018

බුදුන්ගේ සරණ ද, සොරුන්ගේ සරණද

(නැණස පෑදීම) සත්‍ය වැපිරීම උතුම්ම දානය නම් මිථ්‍යාව වැපිරීම (නැණස වැසීම) තිරශ්චීන ම සොරකමයි.
මිනිසුන්ගේ බුද්ධිය වසා ඒ ගොනුන්ගෙන් තම ගැල් ඇද ගැනීමට කවරෙකු හෝ සිතත්ද නුදුරේ ම ඔවුන්ටද ගොනුන් වී තමන් විසින් නොමඟ යවන්නට යෙදුණු මිනිසුන්ට වන්දි ගෙවන්නට ම සිදුවේවි.

කළ කර්මයේ ප්‍රතික්‍රියා ව ඔබ අප නටවන හැටි ! ක්රිකට් වගේමය..
බලන්න අවසන් පන්දුව තෙක්ම, තවම එක් පිළක් තරඟයේ ලකුණු රැස් කළා පමණය..

Monday, February 12, 2018

මඩ සෝදා ගෙන ගොවියා නැවත රජ විය යුතුය

මඩ සෝදා ගැනීම නම් නිවැරදි වීමයි. රජ වීම නම් අපේක්ෂා ඉටුකර ගැනීමයි. සරලවම කියන්නේ නම් තමා සතු බලතල නිවැරදි ලෙසම භාවිතා කොට රටේ අවකෙළි තුරන් කිරීමට සරල ජනපති දැන් සංකීර්ණ විය යුතුය.
මඩ නැහැවෙන්නේ කුඹුරු කරන්නට යෑමෙනි. නමුත් මඩ කළ කුඹුරෙන් ඵලක් නැත. අතහැරියහොත් එහි වැඩෙන්නේ වල් පැළය. වී වපුරා ඉතිරි වතාවත් සියල්ලම අවසන් කොට අස්වැන්න නෙළා ගතහැකි විය යුතුය. අකලට වගා කරන්නට සිදු වුනත් කලට වැසි නොලැබුණත් වල් ගලවා, පොහොර යොදා, පැල් රැක හෝ වල් (ඌරන්,අලියන් වැනි) සතුන්ගෙන් වගාව බේරා ගෙන, අස්වැන්න ලද හැකි උපරිමයෙන් ගත යුතුය. බලතල ඇත්තේ ඒ වෙනුවෙන්ය.
එක් එක් අභියෝග ජයගන්නට යාමේදී ඇතිවන බාධක ස්වභාවිකය, වැරදි විය හැකිය. දීර්ඝ කාලීන ව සම්ප්රදායට එක් වූ දෝෂ වහා  භංග වී නොයන මුත් ඒ සඳහා සාධාරණ උත්සාහයන් නැවත කළ යුතුය. ඒ සඳහා තිබෙන කාලය උපරිම ලෙස යොදා ගත යුතුය. නොවැටී නොනැගිටිය නොහැක. වැටුනු හැටි අවබෝධ කොට ගතහොත් නැවත නොවැටී සිටිය හැක.

උපුටා ගැනීම, මගේ උපදේශක සභාව පළකල "දේශපාලන ත්‍රිකාස්ථිය නොකඩාගෙන කුඹුරු කරන හැටි" ලිපිය ඇසුරිණි.

Sunday, February 11, 2018

ජයවේවා! (දිනුම හා පැවැත්මේ අත් නොහළ හැකි බැම්ම, ඇම්ම හා ගැම්ම...)

ඒක හරීම ප්රණීත අනුරාගයක්, හරිම ජාති   එකක්.. බත් පැකට් එකෙයි බෝතලෙයි ලොල් බවෙන් ජාති අනුරාගය උත්කර්ශයට නැංවීමක් ඒක, තව පොඩි ගතමනාවක්. විශ්වාසය එක්ක එන පොරොන්දු...එතනින් ලැබෙනව මරාගෙන මැරෙන්න හයිය, ඒ හයිය නැති ගැහැණු, පිරිමින්ටත් එතනින් ඒ හයිය ගන්න පුළුවන්. එතනින්මයි රට ගොඩනගන හටනේ පාදම හැදෙන්නේ, සටනට අවශ්‍ය වෙෙරය අවුලුවන්නේ.
කිසියම් දේශපාලන පක්ෂයක් තමන් මහජන මුදල් ගසා කන බව පිළිගෙන, මුත් එහි ප්‍රතිශතයක් පාක්ෂිකයන් අතර බෙදා දෙන බව පැවසුවත් ඒ ගනුදෙනුව නොහොත් ඩීල් එකට ජනමතය ක්ලෝස් කළහැකි දේශ්ප්රේමීන් සිටින රටක්, පක්ෂ සමිතියේ බස් එකේ රැළියට යන ගමනේ... එහෙමයි රටවල් දියුණු කළ චින්තන රැළි නැංවුණේ. එහෙම නැත්නම් ඒතැන පැවැත්මක් තිබිය හැකිද මිත්‍රවරුනි,......
හෝව්..හෝව්..පොඩ්ඩක්.ඩ්රෝන එක ඔහොමම උස්සන්න... අඩි දාහක්, වනන්න දැන් වනන්න තව හයියෙන්, හරි. දැන් හරි..

අපි ඊළඟ පරපුරට නොදීම රට හදමු.

දේශපාලන රදළයින්ට ජඩයින්ට වන්දනාමාන කරන ගාථාවක්, පිංදෙන ගාථාවක් නිර්මාණය කළ යුතුය.
රාජ්‍ය ආයතන වල උදෑසන වතාවතට එය ශුද්ධ සිංහලෙන් සජ්ජායනාව අනිවාර්ය කළ යුතුය.
මෙතෙක් නීතිගත නොවූ ජඩකම් වහ වහා නීතිගත කළ යුතුය.
නීතිගරුක මිනිසුන් වෙත නීතිය නවා බරපතළ වැරදි, ඩීල් කරුවන්ගේ කුජීත නිදහස් අයිතිය සුරැකිය යුතුය.
ජයලලිතාව ඇදහීමට නූගත් ඉන්දියානුවන්
තව තවත් දිරිමත් කළ යුතු අතර දෙවන ලෝක යුද සමයේ ජපන් බෝම්බ වලින් රට ගලවාගත් වීරයන්ගේ පරම්පරා වලට ගම්වර සහ විශ්‍රාම වැටුප් හිඟ දීමනාද සහිතව දිය යුතුය.

(මේ ප්රමුබතාවයන් කිහිපයක් පමණි.)

දේශපාලන රදළවාදය (තොරණ් බලමු, රබන් ගසමු)

නොදැන හා දැනගෙනම දේශපාලන රදළවාදයට  උඩගෙඩි දෙන ප්‍රජාවකට උරුම ධනය, බලය ඇත්තන්ගේ දෙපා සිඹීම් පමණය. ඒ සිඹීමේ වටිනාකම තම ජීවිතයටත් වඩා වටනේ යැයි සිතන්නෝ ඒ උදෙසා මරාගෙන මැරෙන තාක්  වෙෙවර්ණව බබළන්නේ දේශපාලන රදළවාදයේ තොරණයි.
ඉතිං, වෙෙවර්ණව තොරණ් බලන්න, හිතේ හැටියට රබන් ගහන්න... සුබ දවසක් ඒවි ඔබේ තොරණට...

Saturday, February 10, 2018

හිටි අයත් ඉන්න අයත් කව්රුත් මට එකමය (රදළයාත්, ගොවියා පුතුත් මේ සිරිලකට පහළය) 👇

රදළ වාදයට එරෙහිව
කැරැල්ලක් ගසමි තනිවම
දළකාර හෝ චණ්ඩින්ට මැර
බිය නැත ඊයෙත් අදත් හෙට වෙද

කුක්කො වී ලතවෙන
සොක්කො සේ ලෙවකන
ගති පුරුදු නැති අප
පි දිය යුත්තන් හැර පියා නැත

මන්ත්‍රී ඇමති ජනපතී
මට නොවේමය අධිපතී
වේ නම් රටට හිතවතී
කරනු කව්රුත් රටට වැඩ නිසී

වා! 👏

ග ම ධ ස රි යේ
සත්‍ය ට ජයවේ
සාධාරණය ඉටුවේ
යුක්තිය ම රජවේ

Friday, February 9, 2018

රතු වීම 💯

යථාර්තයේදී  නිබඳ රතු වෙති මිනිස්සු
උපතේදී රක්තයෙන් නැහැවෙති
විපතේදී එපැහැයෙන් ම තෙත් වෙති
තවද හැබෑවටම වරද නිවැරදිව අවබෝධ කොට ගත් තැන ද විලියෙන් රතු වෙති,
කනටම වැදුණත්, නැතත්
රතු පලස් උඩ
රතු ඇපල් කන
රතු දෙතොල් ද
රතු කමිස ඇඳ
රතු මලක් ගෙන
පෙම් කරත් ද
නැතිද නව රතු අරුත්
"....෴........."
සොයා ඒ අරුත්
රතු වෙන්න ඔබත්...

Thursday, February 8, 2018

ඔබට දිවුරා කියන්නම්.. මටම ජන්දය දීපන්...

ඔව්, අපි තමයි මේක හදන මිනිස්සු.. අපිට, මට ඡන්දෙ දෙන්න. මම යි පොර රට රකින.. මමයි මිනිහා ... අපි කොරා, කව්ද අපිට කොරන්නේ, කොරල බලමු.. මේක අපේ රට..... අපේ ලේ කකියනවා, රෑට නින්ද යන්නෙ නෑ.. කවදද රට ගොඩ නැගෙන්නේ.... මේක හදන්න අපිට ඡන්දෙ දෙන්න.

Monday, February 5, 2018

හිස් තැන් - (👄 දනකවි)

හිස්තැන් මහතැන්ය - මහතුන්  දැන් බොස් ය
පොෂ් තැන් උස්තැන්‍  ය - උස් තැන් දැන් පුස් ය
පුස්තැන් අපමණ ය - උස් තැන් දැන් හිස් ය
හුන්තැන්‍ අවතැන් ව - හිත් පිත් එක්තැන් ය

Sunday, February 4, 2018

🎶 ගා ගා රී නි රි සා 🎶

එනිසා
හැමදා
සමරා
ගහමරා
කියමූ...හා හා...
ගා ගා රී නි රි සා

Saturday, February 3, 2018

🇱🇰 🇱🇰 🇱🇰

කාලය ගෙවෙයි
ආලය තේරෙයි
හෙටට හැත්තෑවයි
පෙම නුඹට බාරයි

Friday, February 2, 2018

සාධාරණ මිනිස්සු - රජම නොවෙති!(රජ/මජර/ජාගර-චින්තන පරදවන යුක්තිය සොයමු)

උඩරට ගිවිසුමෙන් පසු ඉංගිරිසිංගෙන් රට මුදාගන්න තිබුණු අවස්ථාවන් ගිලිහෙන්නට හේතුවුණු ප්‍රධාන කරුණක් වූයේ අධිරාජ්‍ය විරෝධි කැරලිවල නායකත්වය ගැනීමට රාජ උරුමය ඇත්තෙක් නොසිටීමයි, අදටත් මිනිස්සු රාජ උරුමය නැතත් රාජ ලීලාව ඇති මිනිස්සුන්ව හොයනවා රට ගොඩ නගන්න.. ඒක හරිම විහිළුවක්. තමන්ගෙ දාස මානසිකත්වයෙන් ගොඩ එන්නට තමන්ටම ඇති නොහැකියාව නිසා රාජ ලීලාවට හේත්තු වෙලා තමන්ගෙ හීන මානය වහගන්න හදනවා. බොරුවෙන් මුළාවෙන් මිදෙනවා වෙනුවට ඒක සාධාරණීකරනය කරගන්ඩ කතාවක් ගොතනවා. රටේම ඉදන් රට කන මදාවි රැළ එලවනව වෙනුවට රාජ ලේ ඇත්තෝ රට රැකගන්නකම් බලාන හිටියොත් වෙන්නෙ වත්ත බදදට දී ඇස්සට දත නියවන්නට පමණයි.
රජ වරුන්ටත් වඩා භයානක රාජ ලීලාවට ඇදගත්ත රාජ රාජ ප්‍රතිරූපධාරීන්. විජ්ජාකරුවන් ඉන්ද්‍රජාලිකයන් වගේ ප්‍රතිරූපයෙන් රගන ප්‍රතිපත්තියක් නැති ඔය මිනිස්සුගෙ අන්තිම ඉලක්කය තම වාසිය විතරයි. ඇත්ත මේකයි. තම වාසිය පමණක් හිතන, ඒක සාධාරණීකරණය කරගන්න හදන, පොදු යහපත නොතකන, නොහිතන කාටත් දිනකදි විදවන්නට වේවි. ඒක සහතිකයි. යුක්තිය වෙනුවෙන් බොරුව විදවිය යුතුමයි...!

Monday, January 29, 2018

හැටට හැටේ බෑන්ඩ් 🎶 චූන්... (🍭 ලොli ද POප් 🍭)

පෙරාපු රත්තරන්ද ඉස්තරම්
මනුස්සකම් ගිණිගණන්
විනෝදකම් පෝලිමෙ එනවා

ඒවට ගෙවන්න මට ඇති තරම්
හොයාගන්න සල්ලි දැන්
තව තව මං වලි කනවා

රටතොට යන හැටියට යන
ජීවිත අපෙ පොදිබැදගෙන
ජය ටැඹ නගින්න වෙනවා

ඒකට ගැලපෙන්නට මට
සමාජයේ වැජඹෙන්නට
තව අය මඩින්න වෙනවා

උත්ඝෝෂණ වැඩවර්ජන
සම්භාෂණ ඕන දෙයක්
එකටෙක කරන්න වෙනවා

අද රජ වෙන හෙට බලු වෙන
බව දැනුනත් ඕන දෙයක්
ඒක නිසා කරගෙන යනවා

දෙල් උනදා ඔය හැමදේ
පොල් කරන්න ඕන තරම්
බඩු අපි ලගම තියෙනවා

උගත මනා ශිල්ප දමා
මතු රැකෙනා එහෙම තමා
මුළු නිදහස නවා ගන්නවා

ජී විතේ ජීවිතෙ
ජීවක මමයි ජීවිතේ
යනදා එනකම් අපි දෙවන ජීවිතේ

පා ඩුවේ පාලුවේ
ඉන්නට බෑනෙ යාලුවේ
නොදැනම යනකම් අපි ලැබුව ජීවිතේ

Friday, January 19, 2018

(අ)සිරිමත් 🇱🇰 ලංකා-thinking center in the country

සිරිමත්‍ ය දිරිමත්‍ ය
ඒ රටේ මිනිසුන්
සවිමත්‍ ය බලවත් ය
ඒ රටේ මිනිසුන්
ඔදවත්‍ තෙදවත්‍ ය
ඒ රටේ මිනිසුන්
අසිරියකි අසමසම
ඒ රටේ මිනිසුන්

කවුරුන්ද වින කළේ
ඒ වගේ මිනිසුන්ට
සෙළවුනේ බිය වුණේ
ඒ රටේ මිනිසුන්ද
එක එකා තරගයෙන්
භින්න වුණෙ මිනිසුන්ද
අසිරියත් මරිසියත්
පටලැවුණෙ එතැනින්ද

සිංහයෝ ගත යුතුය
පිට උඩට මිතුරන්
තරණ කළ යුත්තේය
ගග සිටින කිඹුලන්
එතැනදිත් පිල් බෙදී
නොවීයන් සතුරන්
පැරදවිය යුත්තේම
රටේ පොදු සතුරන්

වංචාව දූෂණය
නියගයද පරදන්
පරිසරය මිනිස්සුද
සිරිමතුන් කරපන්
නිවට ගති සතුරුවන
දියුණුවට නසපන්
අසිරිමත් අසමසම
සිරිලකක් හදපන්

Thursday, January 18, 2018

මෙතෙක් කතාව-

දෙවියන් කවදත් ආදරේ කළේ අසරණ දුප්පත් මිනිසුන්ට. මේ නිසා අසරණ දුප්පත් මිනිසුන් නිතර දෙවියන්ගෙ මන්දිරය ඉදිරිපිට රැස්වුනා, කන්නලවු කළා, අනේ! අපිට පිහිට වෙන්න. මේ නිවෙස පාරේ හිටි හැමෝම වගේ බොහොම පොහොසත්තු. ඔවුන්ට මේ අසරණ දුප්පතුන් ගේ අදෝනා මහත් හිසරදයක් වුනා. පාරෙ තොටේ නිදහසේ ගමන අපහසු වුනා. ඔවුන් කල්පනා කළා මේ කරදරයෙන් මිදෙන මගක්. ඔවුන් රැස්වුනා මහ හෝටලයක, මධුවිත තොලගාමින් කතා වුනා මේ ගැන.. අවසනදී ඔවුන් තීරණක් අරගත්තා. ඒ දෙවියන්ට හාත්පස විරුධ ගති ඇති දෙවියන්ගේ මලණුවන් මේ කාරණයට අතරමැදි කරගන්න.. දෙවියන්ගේ මල්ලී ගත් තීරණය කුමක්ද? දෙවියන් අහක බලාවිද? දුප්පතුන්ට අත්වන ඉරණම කෙබදුද? අද එතැන් සිට!..

Sunday, January 14, 2018

බොරුවට මැරෙමි, ඇත්ත මරමින්(18/36/72+++කුකවි)

අට පහ නොදනිතත්
සිස්ටම් එක දනිත් මං
දරුව පහ සමත් නම්
ඒකම වේය මගේ නිවනත්

මං ගෲෂා නොවේ
Sms දරුවට ඕනේ
ඒ නිසයි ඇද්දේ
අල්ලන්නට තරු වලිගේ

අපේ ගොනා දීපල්ලා
ලණුව අතේ තබපල්ලා
නාස් ලණුව කපපල්ලා
තරුණ අපිට නවපල්ලා

අප්පොච්චිලා පොට්ටu වෙනකොට
මොට්ටු tv පුප්පවනකොට
පිට්ටු සේරම තට්ටු වෙනකොට
බොරුව වෙනුවෙන් නොමැරි කොහොමද?

Friday, January 12, 2018

හිත්...

රවන්න ගොරවන්න
ඔරවන්න ඕනත් අපි
නීති හදන්න
රකින්න වෙනස් කරන්න ඕනත් අපි
නො දන්නවනම් දැනගන්න
දන්නවනම්
පටන් ගන්න
වෙනස්කරන්න
කලුපාට

Saturday, January 6, 2018

කාලකණ්නින් භංග වේවා, පළමුව, දෙවනුව, තෙවනුවත්

ජන්ද වෙනුවෙන්
රටම චූන් කරන
කොන්දක්
ප්‍රතිපත්තියක් නැති
නිර්ලජ්ජිත
නිවට සත්තු
තොලොංචි වී යේවා!

Sunday, December 31, 2017

කණුව ගලවපන්, ලණුව අතටගන් (හරකා නිදහස් කොරන නව වසරක්!)

රතු ගොනා
නිල් ගොනා
කොළ ගොනා
මොන ගොනා
පසුපසින් දැක්කුවත්
නොගලවා ඔය කණුව
ගොන් බදින එකම තැන
කැරකෙන්නෙ එකම වට
ඒ නිසා ගලවපන්
ලණුව නොව
කණුව ඔය

Sunday, December 24, 2017

උ ගත නු ගත දෙගත ගතං..

අකුරු අහුලන්න
වචන අමුණන්න
ව්‍යාකරණ මිරිකන්න
බසේ රස ගන්න
පොතෙන් පැණිබොන්න

Wednesday, December 20, 2017

බඹාට කෙටූ ....

ඩිජිටල් අවිහිංසකකම
චයිනීස් නිවන
ප්රිමියම් හෘද සාක්ෂිය
බිට්කොයින් ජීවිතය

Thursday, December 7, 2017

පොඩ්ඩක් ඉස්සුනා - හොදටම ගැස්සුනා - ඇතුළත තිරිසනා - නොදැනම හිනැහුණා

එ්වා අපිට නොතේරේ
ඇඩ්රිනලින්ට තේරේ
බසය ස්වභාවේ
මනරංජනය භාවේ

පොල් සහ තල් කිතුල්
කීරි කීරී නැතිය තල තෙල්
ගාගෙන අත ඉදුල්
කෑවේ අපිත් ඔය බත්

බඹර කැරකෙනවා
බබා නළවනවා
බබී නැළවෙනවා
ඔන්න ඔහෙ යන විදිහ යනවා

Tuesday, November 28, 2017

බටහිර අහසේ පීනික්ස්

මුල් නොකැඩුණු සරු ගස් යළි දළු දමයි
මල් නොපිපුණු ගස් වල යළි මල් පිපෙයි
පල්ලම එන්නේ කන්දක් නැගි විටයි
මල්ලව ගති දන්නෝ යළි නැගිට එයි

Wednesday, November 8, 2017

මං පරණ සේපියන් මිනිහෙක්

මුල අමතක මිනිසුන්ගෙන් ඵලක් නැත
වාසියට මුල් හොයන මිනිස්සු අගේ නැත
අනුන්ගේ පානෙන් එළිය බලා උඩට ගිය
ඔය බොරුවේ කෙළවර උඹ වැටෙනු ඇත

Saturday, October 14, 2017

මාර්කට්ටු

මා කට් වෙන මාර්කට්
මා කට් නැති මාර්කට්
මාර කට් මාර්කට්
මාර්කට්

Friday, October 13, 2017

අනුනාද

වැනසුමට මං තනන්නෝ 
සැනසුමට ලංසු තබද්දී 
දසතින්ම අත්පොළසන්
අතකින් නොව, අත් දෙකෙන්ම

Tuesday, October 3, 2017

එක් වෙනු ජාතික දියුණ පතා...

කොළ නම් ගහකොලයි මිහිමව පුබුදන්නේ
නිල නම් ගගනතයි අණසක පතුරන්නේ
රතු නම් හදගැබයි රුධිරය කළතන්නේ
හැත්තෑවත් පෙනෙයි ඇයි තව ළතවෙන්නේ

නොදන්න වෙලාවක් - අපේ වෙලාව

ජීවිතය කියන්නෙ ඉපදෙනකොටම වෙලාව තියපු වැලි ඔර්ලෝසුවක්, හැම කෙනා‍ටම තමන්ගෙම වෙලාවක්, අන්තිම වැලි කැටයට පෙර ඒක කළමනාකරණය අමුතු කලාවක්

Thursday, September 28, 2017

මියෙන මග නිවෙන මග නොවේමය

හිරුගෙන් නොව සදුගෙනුත් දැවෙන මිනිස්සු
ගෙල කඩාගත්තද දිය කදක මුහුණ සගවාගත්තද
මරණයත් නොදමන අමර ගින්නේ දැවෙන මිනිස්සු

Sunday, September 24, 2017

සුභාසිත මං

සුභාසිත


නැණති දනන් හට මද ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබද
විමති දනන් හට කළ කිසි ගුණ නොමද
ඒ නැති වේය දිය පිට ඇදි ඉරක් ලෙද


මං


උපයන දෙයය පරිභෝජන වාදයය
වැජඹෙන සිහිය පමණට හරි නාටකය
අමතක කර දමා මුල් හා සිල් පදය
අමුතුම පද ගෙනා මේ සකි කලියුගය

Saturday, September 23, 2017

මගෙන් තුණ්ඩුවක්

මං ලොකුත් නැත
මට ලොකුත් නැත
හොර බොරුත් නැත
හිත කැතත් නැත

Friday, September 1, 2017

ස්වර්ණවාදය


ඕනෑම දෙයක තුන් පැත්තක් තිබෙයි, නෝනා හෝ පොල්ල නොවැටී කාසිය හිට්ටවුණු දා මම එය වටහා ගත්තෙමි. කලු හෝ සුදු ලෙසට සියල්ල පෙණුනු කලුසුදු රූපවාහිනියක  වැඩිපුර පෙනුණු අලුපාට රූප නැවත එම සත්‍ය මගේ සිහියට ගෙනවුත්දිණි. බුදුන්ගේ මැද මගත්, තිරසර සංවර්ධනය සඳහා මගත් එක සමාන්තරදැයි එවිට මට සිතේ. ඒ පැත්ත මේ පැත්ත රට කෙරූ ආණ්ඩු හා විපක්ෂ අතරමැදත් ආණ්ඩුවක් පවතින්නට හැකිනම්, මගේ සැකය සනාථය. ඕනෑම දෙයකට ප්‍රධානවම පැතිතුනකි. අහස පොළොව අතරමැදි අපේ ලෝකයද එවැන්නකි. අහසෙහි පහළ සීමාවාසිකයා අපය. පොළොවේ ඉහළ සීමාවාසිකයා අපය. එනම් අහස පොළව මැවූ සර්වබලධාරියා ඒ අතරමැද්දේ තබා ගියේ අපවය. අහසෙහි සැරුවාට අහසටත් අයිති නැති, පොළොවේ සැරුවාට පොළොවටත් අයිති නැති ඒ අතරමැදි තෙවන පාර්ශ්වය අපය. එහෙයින්ම ජයත් පරාජයත් ඒ අතරමැදි තරඟයත් කුමක්ද යන්න වටහා ගැනීමට අප උත්සුක විය යුතුය. මිනිහාගේ ඇරඹුමේ හා නැවැතුමේ අතරමැද පැවතීමේ සැබෑ සාධකයන් එතැනය. ඒ සාධකයන් නිවැරදිවම විග්‍රහ කොටගන්නා, තමා නම් වන මිනිසා පිළිබඳ  නිවැරදිම අවබෝධයක් ලබයි. මිනිසා සැබෑ වර්ණයන් දකින්නේ එතැනදීය. බොහෝ මිනිස්සු ස්වකීය වර්ණය හඳුනාගත්තේ වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. බොහෝ රටවල් ස්ව වර්ණය හඳුනාගත්තේද වැටීම නැගිටීම් අතරමැද කාලයේයැයි මම කියමි. ඔවුන් සිය වර්ණය තම අනන්‍යතාව ලෙස ප්‍රකට කර ඔප් නංවා ලෝකය ඉදිරියේ තැබුවා යැයි මම කියමි. දේශපාලනික කඳවුරු ගැන පැරණි කතා මම නොකියමි. තම ජානගත ශක්තිය දේශයේ වර්ණය හා බද්ධකොට තම රටවල් තමන්ගේම පැහැයකින් ලොවට විවෘත කරගත් ගමනක් ගැන මම කියමි.
කුමක්ද මේ වර්ණය? වර්ණය යනු එකම මානවීය ආලෝකයේ විභේදනය විශේෂ්ණයැයි මම කියමි. අපට අනන්‍යව එය හඳුනා නොගැනීම අපේ අසාර්ථකත්වය යැයි මම කියමි. රටේ අසාර්ථකත්වයද එයමයැයි මම කියමි. දුගීභාවය, විරැකියාව, අධ්‍යාපනයේ අර්බුධය, සමස්ථ සංවර්ධනයේ අර්බුධය එතැන යැයි මම කියමි. කලු සුදු ලෙසින් ප්‍රශ්න වල දෙපැත්තක් පමණක් දකින, ජය පරාජය ලෙස විසඳුම් වල දෙපැත්තක් පමණක් දකින, වර්ණ අන්ධ බහු මතයක් ජනමතයක් බවට නිරතුරු පත්වන, පවතින දේශපාලනයේ වර්ණය රටක වර්ණය වූ බැව් පමණක් කියමි. දේශපාලනයේ වර්ගයේ වර්ණයන්ගෙන් දේශයක් විනිවිදින්නට හදනා ඔවුන්ට දැකිය හැකි විනිවිද බවක් නැතිබව කියමි. තමන්ගේ හැබෑ වර්ණයන් නොදන්නා තරමට ඔවුන් දුර්වර්ණ වී සිටීම ඊට හේතුවයි. විශ්වයේ මහා කළුකුහර සේ සියලු වර්ණයන් ගිලදමන්නන් ඔවුන් වීම තවද ඊට හේතුවෙයි.
කළ යුත්ත කුමක්ද? එහා ඉවුරෙන් මෙහා ඉවුරට මාරුවීම නොව සුදුසු තැන ඉවුරු යා කොට හරස් වේළ්ලක් තැනීම නොවෙද..
එබැවින් පරදන්න ඔවුන්ගේ දීනවාද. ගන්න ඔබේ ස්වාධීන සංවාද.
සොයන්න ඔබගේ ස්ව වර්ණය.. තවත් වර්ගවාදයක්ට නොව, ස්ව රටේ ස්වර්ණවාදයකට..
තමන්ගේ වර්ණයෙන් පිබිද නැගී තම රටේ මදහස වඩන්නට නිසි රිසිම කාලයයි මේ!

Monday, August 21, 2017

ස් වා සි ලන්තයේ සිට..


*ක්‍රිකට් මේ දවස්වල මෙහේ උණුසුම්ම මාතෘකාවක්!!
ඕකට කරන්න ඕන දිවාරාත්‍රී සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක දවසක් එළිවෙනකම් පාලක, ක්‍රීඩක හා ප්‍රේක්ෂක හැම මණඩලයකම කට්ටිය එකට හිටන් තොවිලයක් නැටීම, ලංකාවෙ විදිහට. දහඅට සන්නියම නටන්න පුළුවන්නම් ඔය පොඩි පොඩි මානසික ව්‍යාධි එහෙම්පිටින්ම හේදිලා යාවි. 4/1ලෙස මෙදා ඉතිරිය දිනාවි, අත්දුටුවයි..

*හොරු ඇල්ලීම මේ දවස්වල මෙහේ ජාතික ප්‍රශ්නයක්!!
ඕකට කරන්න තියෙන්නෙ හොරුන්ට බය නැති නිළධාරි බලධාරි ටිකක් අදාළ තැන්වලට පත් කරල දේශපාලකයො පොඩ්ඩක් ඈත්වෙලා බලාන ඉන්න එක, ලංකාවෙ වගේ. රටේ නැති හොරුත් අල්ලාවි, සහසුද්දෙන්..

*නඩු නොවැටීම නඩු කල්‍ යාම වගේ දේවල්!!
අදාළ අයට පැමිණිලි පාර්ශ්වයක් වෙන්න වුණු දවසට නඩු දමාවි, නඩු කල් නොයාවි කියල විතරයි හිතන්න වෙන්නෙ, අපිට හෙම ඔහොම නඩු වැටුනොත් කෙළින්ම ගස් යෑම ෂුවර් නිසා ඔය කතාව දැනට ඇති. අම්මප.. ලංකාවෙ නෙවේනෙ.

*ඩෙංගු ප්‍රශ්න කුණු ප්‍රශ්න අයිටම් ප්‍රශ්න ගැන යමක් කීවොත්!!
ආණ්ඩු පෙරළන්න, ප්‍රයෝජනයට ගත හැකියි .. ලංකාවෙත් එහෙමයි..
ඊට පස්සෙ එන ආණ්ඩුව පෙරළන්නත් ඒ අයිටම්ම යාවත්කාලීන කරල ගන්න පුලුවන්, හැමදාම අරගල කරන්නයි, ආණ්ඩු හදන්නයි එත්කොට පුළුවන්. ජනතා පමාධිපත්‍යත් රැකෙනව ඒකෙන්..

*මහ බැංකු!!!
ඒකත් කලින් ප්‍රශ්න වලටම අදාළ එකක්නේ. මහ බැංකුව වෙනුවට රටට ගැලපෙන අතරමැදි කුඩා බැංකුවක් තිබුණ නම් වැඩේ ඉවරයි. ඕකෙ අධිපතියත් මෙහෙන්ම පත්කරන්න තිබුණ ලංකාවෙ වගේ..

*අනාගතය ගැන දැක්ම..!!
දැක්මක් ඕන නෑ. ජාති ආලයයි ආගමික ප්‍රේමයයි උගස් කරල ඕනම වෙලාවක ඕනම දහංගැටයක් දාන්න පුළුවන්, ලංකාවෙ වගේමයි. අනාගතේටත් ඒකමයි අපේ අනාහැනීම, මොකද රටට වඩා ජනතාවත් ඊට ඉස්සරහින් මාධ්‍ය වළල්ලත් තියෙනවනේ... අම්මා.. මාධ්‍ය තියනව කියන්නෙ තව මොනවද? ප්‍රශ්න උත්තර එච්චරයි. ආපහු ඔයා යමක් ඇහුවොත් මම උත්තර දෙනව.. යමක් වෙන්නම ඕන නෑනේ, අපේ බිස්නස් දුවනවනම්.. තේරුණාද... තේරුණා තේරුනා එච්චරයි.

Sunday, August 20, 2017

පිදුම!


හැබෑ වංකයන්
හැබෑ කුහකයන්
නොනිස්සන් කූනිස්සන්
කිසිදා නොපතන
හැබෑ අරුණෝදයක්
උදෙසා...ම'
හැබෑ ජයක්
උදෙසා ම.

Wednesday, August 16, 2017

පැතුම නොනසනු! සබඳ නැගිටිමු! (බිමට නැවෙන වී කරල්, තල්, පොල් සහ ක්‍රිකට් මැද... නැගිටිය යුතුම වේ...)

හිස් බිමට බරවෙන්නේ නිහතමානීකමටමද? තල් පොල් සේ කෙළින්ම ඉන්නේ ඍජු ගතියටමද? අප සමාජයේ මේ දෙකෙන්ම කෙරෙන්නේ බොරුවකි. පරදින්නෙ පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයෝ දෙකොටසම නොවේ. හොඳ ‍යහපත් අවස්ථාවන්... ඒ ලෙසම බයාදු නිහතමානිත්වයත් උද්දච්ජ ඍජු කමත් බොහෝ කොට තනි පැවැත්ම ආත්මාර්ථය හා අවස්ථාවාදය උදෙසාමයි. එයින් ගිලිහෙන්නෙ රටක යහමගක අවස්ථාවන්. එනිසා පාට ආණ්ඩු වෙනස් කළ පමණින් හෝ තම ජාමය බේරා ගැනීමටම තල් පොල් හෝ ගොයම් සේ සිටීමෙන් ඵලක් වන්නේ අධමයින්ට පමණයි. අපමණට එකම චක්‍රය කැරකෙන්නේ එකම විදිහටමයි. අවංකව කල්පනා කරනා ඒ අනුව ක්‍රියා කරනා බහුතරයක් නොතැනෙන තාක් සමාජයේ රජ වන්නේ රැවටිලිකාර මායාවක් පමණමයි. එක් එක් උතුමාගේ මනදොළ සපිරෙන අවස්ථාවාදය පරාජය කළ හැක්කේ එක අවංක කැපවීමට ගොනුවීමෙන්ම පමණයි. පුහුණු කරුවන්ගෙන් හෝ ක්‍රීඩයන්ගේ තේරීම් මතම ජය නොලැබෙන අපේ ක්‍රිකට් සේම සමාජයද ජය ගන්නේ අපේ ක්‍රමයක් තුළ උපයන උපායන් ජය ගැන්වීමට එකමුතුව කැපවීමෙන්ම පමණයි, විශ්වාසයකින්ම පමණයි.
සැබෑ ප්‍රතිපදාවක නොපිහිටා හුදු විවේචනයන්ගෙන් තමන්ම කකුල් පටලවාගෙන ඇද වැටෙන මිනිස්සු නැගිටින්නේ කෙසේද? හේතු සාධක සොයා ගත් කල ඵලය නිර්මාණය කරන ඒ හේතුන් වෙනස් කරන නිර්මාපකයා වන්නට ඔබට මට නොහැකිද? වල්පල් ගල්මුල්, සල්මල් පොල්තෙල් කොටගෙන පන්සල් යා යුතු අවදිය නොවෙද මේ.. හේතූන් වෙනස් කරමු, එක්වෙමු.. රොක්වෙමු.. කාටවත් නොවෙයි, රටට අවස්ථාවක් දෙමු. එය අපේ පරම්පරාවේ අයගේ යුතුකමයි. හැබෑ ශක්තිය නම් එයය යනු මගේ විශ්වාසයයි.
වාද සුංවී පාද නැංවේවා, බේද භංග වී භාග පූර්ණ වේවා... පූර්ණ ලංකාවක් ...  පැතුම නොනසන්න! සබඳ නැගිටින්න!

Tuesday, August 15, 2017

1 1 9


වළා පටලය ඉරාපන්
හොරා ගත් රැස් මුදාපන්
අහසෙහිම බැඳ තබාපන්
හවස ඇප දී යවාපන්

Wednesday, August 9, 2017

කිරි කැකිරි සිරි (න ග රේ අ ග)


වැස්සේ රස්නෙට දහදිය දමලා
ගිනියම් සිත මට කරදර කරලා
ඇසිපිය මානේ අකුණක් ගැසුවා
ගිනියම් වූ මේ මිගෙල් මද්දහවලේ

කැමරා අත ඉස උඩින් කරකලා
මනුස්ස හොරකම් සෝදිසි කරලා
අන්තර්ජාතික සීල් ගසාලා
සෙල්ලම් බඩු බඩු බඩු බඩු සල්ලන් සෙල්ලන් නේ

පාට කූරු පැහැ හැමතැන උළලා
ගොඩනැගිල්ල මත රැජිණක් මවලා
දිරවා ගන්නට බැහැ මේ බොරු සඳ
කහට කෝප්පය වමනෙන් වළකාපන් මා

යාචකයන් නැති ගුවන් මගින් නැග
අහස අල්ලලා මුහුදු හුළං විඳ
මරණය පරදන අමර පුරේ සුව
පොළ වේ යට නොව දෙවියන් මෙහි වැඩ ඉන්නේ

අන්ත්‍රාවෙන් සංතුෂ්ඨිය දළුලා
මුහුණේ පපුවේ පුෂ්ප පිපීලා
රතුවන් කලුවන් තොල් අතරින් හෙට
විකිණෙන තනුවට සද්දෙනි ගීත ගැයෙන්නේ

Saturday, July 29, 2017

ලංකා රාණී... (මස විකුණා කටු කෑම ද? වහල් හිවල් ලු ද? ගැලවුම ද? විසඳුම ද? මැජික් ද?)


පිපෙන හිනැහෙන මලුත් විල මත
සමනලුත් නෙත්කළුද කළ සඳ
අහේනිය කටු පතොක් විසමය
කුකුල් කොටුවකි රටක අරුමය

නරිම වාදං ගෙල දමාගෙන
ඒ දමෙන් ගෙල සිර කරෝ ගෙන
අතින් අල්ලා දිවත් ඇදගෙන
හඬ තලන්නේ මරු විකාරෙන

පාට පාටින් කහට කර හිත
මැර වඩා දත දතට ඉල්ලන
ලුණු දමා ජීවිතය වේලන
කට්ට කරවල රට්ටු තැනුමය

උගුලකින් ගැලවෙනුද නොමදත්
අරගලය උරගලය පැටලෙත්
මුරගලද උරගලට අරගත්
ඇනගෙනම මැරෙනවා අදටත්

රත්තරං ටික කටේ ගාවා
බෙල්ලෙ ගලකුත් ගැටේ ලෑවා
ඉංගිරිසියෙන් පදේ කීවා
අනේ තේරුම් යයිද මේවා

කවද කොතැනද පටන් ගත් දේ
කොතැන කොයිබින් නිමා වෙන්නේ
කාට කාටද දෙහි කපන්නේ
කාව කාවද රජ කරන්නේ

ගණන් හදලා හිලුත් වහලා
බද්ද හා තව සද්ද කරලා
අයිතියත් තව පොදි ගසාලා
සැවොම තර වෙමු බඩ වඩාලා

මැති ඇමතිගේ බඩට පාරක්
තනාගෙන අපෙ බඩට පාරක්
පනින්නට තව රටෙන් පාරක්
හදාගත්තම පොරක් තෙවරක්

රටේ හැමටම තොත්තු දුන්නයි
කොත්තු හා කලු සල්ලි දුන්නයි
ඇදිවතත් අමතක කෙරෙව්වයි
ජීවිතේ උන් ඇන්ද වෙව්වයි

සාගරෙන් ගත හැකිය ලුණු කැට
ආදරෙන් ගත හැකිය හදවත
කාලයත් අවකාශයත් තුළ
විසඳුමට මං මිස මැජික් නැත

Sunday, July 16, 2017

දේශපාලනයය!

අකුරු වචනය
වචන අරුත්ය
අරුත් උගැන්මය
උගෙනුම මුදල්ය
මුදල් බඩගෝස්තරයය
බඩගෝස්තර පැවැත්මය
පැවැත්ම තෘප්තියය
තෘප්තිය සතුටය
සතුට හැඟීමය
හැඟීම දැනීමය
දැනීම ඇලීමය
ඇලීම බැඳීමය
බැඳීම රැඳීමය
රැඳීම එකතුවය
එකතුව රැසය
රැස රාශියය
රාශිය ගොඩය
ගොඩ බරය
බර ඉසිලීමය
ඉසිලීම දුකය
දුක ශෝකයය
ශෝකය වේදනාවය
වේදනාව කඳුළය
කඳුළ ලවණය
ලවණ ඛනිජය
ඛනිජ සම්පත්ය
සම්පත් ස්වභාවිකය
ස්වභාව සෝබාවය
සොබාව සුන්දරය
සුන්දර ලස්සනය
ලස්සන වචනය
වචන අකුරුය

Wednesday, June 28, 2017

කර හරිමි (මදහස)



සම්ප්‍රදාය පැටවූ ඉදිරි කදත්
විකල්පයෙන් බරවූ පසු කදත්
යා කොට උරෙහි වූ රිටත්
වැර යොදා ඔසවා දෑතින් ම
බිම තබා යමි මං තනියෙං ම

Friday, June 23, 2017

බ්ලොක් බස්ටර් (අ.... වි..චාරය)


ගහපල්ලා
මරපල්ලා
කුඩේ කුඩු
කරපල්ලා

තර්ජනේ
ගර්ජනේ
වර්ජනේ
මර්ධනේ

මාධ්‍ය වර්ධනේ
අපේ සංවර්ධනේ
මේක සටනක්
මාර සටනක්

ප්‍රශ්න වැඩිකරන උත්තර අඩුකරන
ඉරාගෙන මරාගෙන ප්‍රතිපත්ති රකින
මාර මිනිස්සුන්ගෙ මාර
හටනක්

අපිට ගහනවා
උන්ට ගහනවා
උන්ගෙ වර්ජනේ
අපේ වර්ජනේ

උඹව මරනවා
මාව මරණවා
ම...ර....ණ...වා...
මරණවා

ප්‍රශ්නෙ ඉතිරියි
අපි අහවරයි
ඒත්
ගහන්නම ඕනෑ

ආපිට ගහන්නත් ඕනෑ
කෑගහන්නත් ඕනෑ
ඔලු පලන්නත් ඕනෑ
එකෙක් හරි මැරෙන්නම ඕනෑ

ගේම එතනයි
ගේමට ගේම
කෑමට කෑම
අපි එදා ඉඳල බෙදාහදාගෙන කන ජාතියක්

ආයෙ මොටද ලජ්ජාවක්
කන්න, තව වපුරන්න
ප්‍රශ්න පැළවෙන්න ඕනෑ
මිනිස්සු කා කොටා ගෙන ගහ මරාගෙන මහමග මියැදෙන්න ඕනෑ

අතීතයෙ වුනෙත් එහෙමයි
අනාගතයෙ වෙන්න ඕනෙත් එහෙමයි
සුද්දගෙන් භීෂණයෙන් යුද්ධෙන් සුනාමියෙන් නායෙන් ගංවතුරෙන් අමාරුවෙන් බේරුණු මිනිස්සු
සාමාන්‍ය මිනිස්සු තව ලක්ෂයක් දෙකක් මැරෙන්න ඕනෑ

කොහොමහරි මැරෙන්නම ඕනෑ
ඉතිහාසය එහෙමයි
ආයෙත් ඒක නොකළොත් මේක....
නැගෙයිද ඉහළටම

ලක්ෂගාණක් නිරපරාදෙ මැරුණු
බුදුන් අනු බුදුන් වැඩිය රටේ ඒ සංස්කෘතිය
රැකපල්ලා....
රකිනු පිණිස මරපල්ලා

පුලුවන් තරම් ගහපල්ලා
අහවල් එක දිනපල්ලා
පොඩිවුන්ටත් ඒ උරුමය
මේ විදිහට දීපල්ලා

ඉතිහාසෙත් එහෙමයි
ගහපල්ලා
මරපල්ලා
අනාගතෙත් එහෙමයි

අපේ ලේ කැකෑරෙනවා
මේක කොහොම මරාගත්තු රටක්ද
මරාපල්ලා
ගහපල්ලා

කුඩු කරපල්ලා
ගිනි තියපල්ලා
වර්ජනේ
ගර්ජනේ

තර්ජනේ
මර්ධනේ
වර්ධනේ
කරපල්ලා

මේකයි විදිහ
තව අවුරුදු සීයක් දාහක්
ලෝකය පවතින තුරාවට බෙදි බෙදී මරාගනිල්ලා
හැකි දේ ඔපමණක් නම්....

තුන්සිය හැටපහටම දෙන්නම්
සදුදට ජාතිය
අගහරුවාදට ආගම
බදාදාට කුලමල

බ්‍රහස්පතින්දාට ධනය
සිකුරාදට බලය
සෙනසුරාදට හෙම්බිරිස්සාවට
ඉරිදට ජොලියට

ගහපල්ලා
මරපල්ලා
තර්ජනේ
වර්ජනේ

ගර්ජනේ
මර්ධනේ
වර්ධනේ කරපල්ලා
මේක ෆුල් එපිඩෙමික් රටක් ඕයි

රාමු කඩපල්ලා
හෙලුවෙන් නටපල්ලා
අපි හදනවා
අලුත්ම රටක්.... ඒක..

ඒක තමා මේක
තව අවුරුදු සීයකට ජයවේවා
ම්ත්‍රවරුන්ට
සහෝදරවරුන්ට

පාක්ෂිකයන්ට ජනතාවට
ඕවට අයිති නැති අය
බකං නිලන්න
බඩම උලන්න

මේ වගේ ඉන්න
අපි බලමු මේ....
බ්ලොක් බස්ටර්
හැමදාම??

Wednesday, June 21, 2017

කුණු වලට තවත් කණු එපා...(කණු තියමින් කුණු කෙරූ රටක අනාගතය වැළළේවි..සදහට)


කුණු ප්‍රශ්නය දිනක අපිව කුණු කරන ප්‍රධාන ප්‍රශ්නයක් බව අප කලින්ම දුටුවා, ලකුණු දමාගන්න මිසක් දහදිය  දානවට වැඩි කැමත්තක් නැති මිනිස්සු බහුතර බලය වූ විට තාක්ෂණය යොදාගෙන ගත හැකි ඵලදායීතාවයන් ගැන නිසි තක්සේරුවක්, වෙහෙසක් නැති කොට ඔච්චරයි.. තමන්ගෙ අභ්‍යන්තරය වගේම බාහිරත් ඉඳහිට අතුගාල කොහෙටහරි දානව විතරයි. හැබැයි සැබෑ කුණු ඉවත් කිරීමක්, ප්‍රතිචක්‍රීකරණයක් නෑ.. ඕනත් නෑ. කුණු කටුවෙක් කෑව ගමන් පරල වෙනව එච්චරයි. ඕක තමයි අපි කීවෙ ඇතුළෙ කුණු වලින් පටන්ගන්න කියල. නැත්නම් ගේ දොර, ඇළ දොළ, පාරතොට විතරක් නෙවෙයි, ලැබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය පවා කුණු වෙලාම යයි දේශපාලනේ ගානටම. ඔය දේවල් වලින් තියෙන නාස් කොටය නැති වුනොත් අලි, හරක්ට අපිම පුරුදු කළා වගේ අපේම කටින් රහට කුණු කන දවස වැඩි ඈතක නොවේ..අපි..දැනටමත් ඒක සිද්ද නොවෙනවමත් නොවෙයි තැන් තැන් වල! ඒත් ඉස්සරහට ඒක ...... සපුරා නැවැත්විය යුතුයි. ස්වභාවික පරිසරය වගේම සංස්කෘතික පරිසරය සුරැකීමට නිසිවිට බලැතිව කටයුතු නොකළොත් පණ පිටින් වැළලීම සරල සාමාන්‍ය සරල දෙයක් වේවි මතුවට. අපිට අවශ්‍ය එවැනි අනාගතයක්ද? තීරණය ඇත්තේ ඔබ අතෙයි.

Tuesday, June 6, 2017

ජීවිත සිරි පා


..................................................
වේගයෙන් දුවන්නෝ
ඉක්මණින් හති හලද්දී
ආවේගයෙන් දුවන්නෝ
පය පටලා ගනිද්දී
සෙමෙන් ඇවිද යන්නෝ
අබිබවා කෙනෙක්
වේගයෙන් ඇවිදිද්දී
අරමුණ නිමාව තෙක් ගමනයි
තරඟය නොවෙයි
සිහි ඇත්තෝ විඩා නිවා
මග නොරැඳී එන්නෝ
පහසුවෙන් කාලය ගෙවා
සසර කතර තරණ කෙරෙත්
ඒ අල්පයකි
සැබවි,
ජීවිතයම ගිරි සිරියකි
වාරු පිණිස සැරයටි නැති

Monday, June 5, 2017

කුමකටද?



නීතිය රකින්න අකුරට...
ජරාව නොකන්න කනඅය...
දේශපාලකයිනි, කරන්න තමපාලනය...
පරිපාලකයිනි, කරන්න නිසිපාලනය...
ගුරුවරු ගන්න උගන්නන්න...
ළමයිනි, හොඳින්ම උගන්න...
දෙමාපියනි, අවුරුද්දක් ළමයින්ටම දෙන්න...
තරුණයිනි, වැඩ කරන්න...
පාලකයිනි, වැඩ හදා දෙන්න...
සංකල්පකයින්ට නිදහස දෙන්න...
කලාකරුවනි, මුළා නොකරන්න...
මුදලාලිලා කඩකළු නොකරන්න...
පූජකයිනි, කාර්ය පමණක් කරන්න...
පූජ්‍යයයිනි, පූජා ලැබීමට සුදුස්සන් වන්න...
ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් නැගෙන්න...
වාචාලයනි, රට වෙනුවෙන් නිහඬවන්න...
නිහඬ දැනමුත්තනි, ජාතිය අමතන්න...
තව අවුරුද්දකට ඔහොම යන්න දෙන්න...
කළ යුතුදේ කරන්න...
හළ යුතුදේ හලන්න...
ඉඩ දිය යුතු දෙයට ඉඩ දෙන්න...
වරද්දන්නන් සිපිරිගෙට ලන්න...
යුක්තියට හරි තැන දෙන්න...
තවත් අවුරුද්දකට යන්න දෙන්න...
යුතුකමට මුල් තැන දෙන්න...
වගකීම ඔබ හැම ගන්න...

(බැරිද දෙන ඡන්දෙත් රට වෙනුවෙන්ම දීගන්න...)

Sunday, June 4, 2017

-සත්‍ය- වීරයා කාඩ්බෝඩ් නොවේ!



හේදිලා
හේදිලා
හේදිලා
තේරිලා
තේරිලා
මූසිලා
දිනෙක,
ඉතිරිවේවි
-සත්‍ය-
වීරයා
බොක්කෙ
දඩමස් නැති
හක්කෙ
බුදුරැස් නැති
සද්දෙ
වස් දොස් නැති
කකුල්
කොන්ද පණ ඇති
තව...
අකුරුත්
ගුරුත් මතකැති
කැතනැති!!!

(බලා සිටිමි, මුරුගසන් වැසි අස්සේ තෙමි,තෙමී..)

Tuesday, May 30, 2017

ඇස් දෙක පියාන නිදාගන්න! (with sweet dreams)


මෙය බියකරු සිහිනයකි.
සාතිශය ආශ්වාදජනකය.
හැබහින්ම ගොස් බලන්නට තරම් ආස හිතෙනවාය.
මන්ද මෙහෙම හීනයක් හැමදා පෙනෙන්නේ නැත.
ඒත් ඇහැරුණොත්!!
නින්දෙන්ම ඇවිද ගොස් හෝ සෙල්ලිපියක් සේ සමරු සේයාවක් ගත යුතුමය.
'නායා විත් වෝටර්‍ රිං'
"ක්ලික්"
කොටසක්ම වතුරෙන් වටවෙලාය.
තවත් අය යටවෙලාය.
නමුත් හීනෙට මිස හැබෑවට අපේ ඇස් ඇරෙන්නේ නැත.
ඒ උත්ප්‍රාසය, සංත්‍රාසය නිසාය.
තදින්ම සෙලවුණත් ඇස් ඇරගන්නටම බැරිය.
අම්මේ වතුර.. කියා කෑ ගැසූ විට අවසාන වශයෙන් ත්‍රිවිද හමුදාවෙන් හෝ කිසිවෙකු පැමිණ හිස අතගා යනු දැනෙන හෙයින් ඇස් අරින්නට හිතෙන්නේද නැත.
යුද්ධය නැමති වීරත්වය කිරුළු පළන් සිහිනයේදීවත් අප දෑස් නෑරියෙමු.
සුනාමි සිහිනයෙන් ඇස නොහැරුණු අපි ගංවතුරක් නිසා අවදිවිය යුතුද?
දෑස වසාගෙන ජීවත්වීම අපහසුද?
සැබවින්ම පහසුම ක්‍රමය එයම තමා.
එවිට පෙනෙන්නේ සිහින,  දකින්නේ සිහින පමණයි.
කොතරම් වේදනාකාරී වුවත් කොනිති පහරක් හෝ නොදැනෙන තරමේ මර නින්ද අති ආස්වාදනීයයි.
සදාකාලික නින්දට ප්‍රවිෂ්ඨය ලබන තෙක්ම මර නින්දෙන් ජීවත්වීම ජීවිතය දිගුකාලීන වීමට හේතුවෙයි.
එකිනෙකා කලබල වී අවදිවන්නට යන මොහොතේ අපි හිස අතගා ඔහු/ඇය ආපසු නිදිකරවමු.
රටක් හැටියට එකට බදා වැළඳගන මර නින්දේ පසුවීම තරම් සුවයක් තවත් කොයින්ද?
හිටිවනම නින්දෙන් අවදි වී පොඩි කලබලයක් ඇති කිරීම වෙනසකි, එය හොඳය.
එහෙත් දිගටම අවදියෙන් සිටීම ස්වස්ථතාවයට හොඳ නැත.
නින්දෙන් ගෙරවීම හෝ ගෙරවීමක් නොමැතිකම අයිතිවාසිකම් පිළිබඳ සිහිනයකට අගනා මාතෘකාවකි.
විවිධාකාර මාතෘකා පිළිබඳ සිහිනෙන් දෙඩවීමත්, නින්දෙන් ඇවිදීමත් අගනා අරගලයකි.
එලෙසම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස ඕනෑම සිහිනයක් බලන්නට හෝ නොබලන්නට ඔබට අයිතියක් තිබිය යුතුය.
එනමුත් ඇස් ඇරීම තහනම්‍ ය.
එනිසා "ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ" යැයි කිසිවිට නොකියන්න.
කුමන හෝ දිනයක සදාකාලික නින්ද ඔබව අධිකතර ප්‍රේමයෙන් වැළඳගන්නා තෙක් දෑස් නම් නොමරින්න.
හොඳින් කලරින්න.
හෙට ගැන නොසිතා දෑස් පියා හොඳින් සැතපෙන්න.
රිසි සේ ජීවිතය විඳින්න.
ශ්‍රී ලංකා සංවර්ධනාත්මක නිදහස් චින්තනයේ එළඹෙන හැත්තෑවියට ආසිරි පතන්න.
ඒත් ඇස් අරින්න එපා!

Monday, May 29, 2017

හිස් තැන් .. නැත පිරවී (අසාර්ථක තණකොළ පෙත්තෝ)


අධ්‍යාපනේ නිදහස් ප්‍රතිඵල
අවිදිල්ලා ගේ දොරත් යටකරන්
රටෙන්ම ගන්නයි හැමදා සටනේ
රටකට දුන් දේ දන්නේ නෑ අපිවත්

වසන්තයේ ගී කිව්වා නටමින්
වස්සානේ දැන් වියරුව ඇවිදින්
මෙතුවක් අප ලද උස් දේ පවසන්
උස් තැන් පිරවූවා මිස වහසින්

කළ යුතුදේ කළ යුතු බව නොදනිති
රන්මය වටිනාකම් නොම හඳුනති
අඬුව තබා අත පුච්චා ගන් නිති
ලක නොව අප නම් සිහිනැති උන් වැනි

හැමදා පෙර මග කිව් අය සිටියෝ
ලොව ජය ගත් අප මිනිසුන් සිටියෝ
පවට පිනක් දෙන්නට නම් බැරියෝ
දැන දැන ඉල්ලාගෙන කති වැසියෝ

එකම දෙයයි තව කෙරුමට ඇත්තේ
හැම තැන හිස්තැන් පමණයි දැක්කේ
පුරවාලන්නට ඒ තැන් මත්තේ
පුරදු කරමු පෙර පාසල් වත්තේ

Saturday, May 27, 2017

මානස පේශිය හිරිවැටීම (හිරිවට්ටන ඉන්ජෙක්ෂන්)



අධි කම්පන මානස පේශිය නිදි කරවයි. ඉච්ඡානුග ප්‍රතිචාර අනිච්ඡානුග කරවයි.  එලෙස මානස පේශිය හිරිවැටීම සමහරුන්ට ආශ්වාදජනකය. මත්පැන් මත්ද්‍රව්‍ය තුළ මානස පේශිය අන්ඩකොන්ට්‍රෝල් නොවීම එහෙව් සමහරෙකුට ආතල් එකක්මය. තවත් කෙනෙක් තවත් කෙනෙකුගේ මානස පේශිය කොනිත්තා සතුට ලබන අතර තවත් කෙනෙක් අනෙකුකෙගේ මානස පේශිය සම්බාහනය කිරීම අපූරු ධනාත්මක සංයෝජනයකි. කෙසේ නමුත් ඔය කවර කාරණා තුළත් මානසය හිරිවැටෙන අතුරු ආබාධ හෝ තහනම් උත්තේජක තිබිය හැක. ප්‍රකෘතියත් විකෘතියත් අතර තහනම් දොරටු එකිනෙකාට වෙනස්‍ ය. විවිධ සංස්කෘතීන් තුළ හැඩගැස්සූ විවිධ මානස පේශී හරි පුදුමාකාරය. ශරීරය හා සමබර වීම යනුද මානසයට බැලුනක සුළං හා සමානය. සමහර බැලුමක තුනී බවත් තවෙකක ඝණකමත් අනුව එකම වායු ප්‍රමාණයෙන් වුව බැලුම්  පිම්බෙන තරම වෙනස් වන්නේ යම් සේද ශරීර වල සමානත්මතාවය එකිනෙකාගේ මානසයට බල නොපායි. නිඹුල්ලුන්ගේ පවා මානසය කොතරම් වෙනසකින් යුතුවේද? තමාගේ ශාරීරික දුබලතා මානස පේශිය ආධාරයෙන් ජයගත්තෝ කොතරම් න අප දැක ඇද්ද? ඒ අතරම මානස පේශියේ දුර්වලතා සදහා ශාරීරික අභ්‍යාස උදව් කර ගැනීම වෙනුවට සමහරු තහනම් උත්තේජක භාවිතාවෙන් මනස හිරිවට්ටාගෙන ඇබ්බැහියෙන් ජීවිතයම විනාශමාර්ගයට දක්කාගන්නා අයුරුත් අප අනන්තවත් අසා දැක ඇත. සමහරෙකුට මව් බසත් තවකෙකුට පර බසත් සමහරවිට මානසය හිරිවට්ටන එන්නතකි. කෝපය මෙන්ම ශෝකයත් ලෝබය හෝ මෝහයත් බය සැක සංකා මෙන්ම ලාබ කීර්ති ප්‍රශංසාද විටෙක ප්‍රමාණය අනුව උත්තේජකයක් හෝ උභතෝකෝටිකයකි.  මෙවැනි ලියවිලි හා කියවිලි මගින්ද විටෙක මානසය හිරි වැට්ටිය හැක. මානසය කීරී ගැසීයාමද හිරි වැටීමෙන්ම ඇරඹෙන්නට පුළුවන. එනිසා සුරකි න්න ඔබේ මානස පේශිය උවදුරෙන්, නිතැතින්.. එය ඔබ වෙනුවෙන් පමණක් නොව අනෙකා වෙනුවෙන්ද ඔබේ යුතුකමකි. මන්ද, හිරිවැටුණු මානස පේශිය යනු හැගීම් විරහිත හදවතත් අවදිනොවූ බුද්ධියේත් අකූල සුසංයෝගයක් වන බැවින්මය.
කෙසේ නමුත් මේ දිනවල  මානස පේශී පමණක් නොව මාංශ පේශී සියල්ලද බොහෝ කොට බොහෝ දෙනගේ හිරි වැටී කීරී ගැහී ඇත්තේ ගංවතුරේ අධි කම්පනයෙන් බව අපි දනිමු. සියල්ල යථාවත් කර ගැන්මට කවුරුත් එකාවන්ව සියලු පේශි ශක්තිය මිටිකර යොදවා වැඩ කළ යුතුය. මර ගී ගයමින් අහසට පොළවට දෙස්දෙවොල් තබා ඵලක් නැත. දැන් ඇත්තේ කළ යුතුදේ කිරීමටය.

Wednesday, May 24, 2017

මානස පේශී හා අකල විකල (තව ටිකක් පද වැල් වට්ටාරමෙන් වන්දනාවට)


සමහරු අප මඩින්නට උත්සාහ කළෝය. සමහරෙක් නිසා අප මැඩවුණිද? ඒ කිසිවක් අප නොදැනම සිද්ද වූ කාරණාවන් නොවුණි. අපි ඒ පිළිබද දැනගෙන සිටියෙමු. ඉවසීමෙන් සිටියෙමු. අපේ මානස පේශිය ශක්තිමත් වීම එයින් තවත් ඔප වැටුණි. ශක්තිය ජනනය, විභවය මෙන්ම දීප්තියද මානස පේශිය කෙරෙහි අන්‍යන්ගේ ආසක්තභාවය වැඩි කරයි. තවදුරටත් ඉවසමි. එය හැබෑව, දුහුනන්ගේ එදිරිවාදී, පසුබානා, දුර්වල මානස පේශීන් පිළිබද අවබෝධයෙන් කෙරෙන ඉවසීමකි. එක් විභවයක් චාලකයක් බවට පත්වද්දී තවත් චාලකයක් විභවයක් බවට පත්වෙයි. ඒ විදුලියෙන් මෝටරයත්, මෝටරයෙන් විදුලියත් බල ගැන්වෙන්නාක් මෙනි. මානස පේශියේ විභවය වැවක, ජලාශයක මෙන් සපිරෙන තරමට ගැඹුරින්ද වැඩිවෙයි. එමෙන්ම කාළය හා අවකාශය අබිබැවීමේ හැකියාවක්ද මානස පේශියට ඇති බැවින් එහි භාවිත දිශානතිය යනු තම තමන්ගේ පමණක් නොව අවසන රටේම වර්ධනයේ දිශානතියයි. ලෝකය තුළ විවිධ රටවල්, ජාතීන් තම අනන්‍යතාවය පෙන්වීමට මොන තරම් මේ පේශිය භාවිතා කරත්ද? එතරමට ඔවුන් විවිධ කුසලතා තුළින් ලෝකයේ අන්‍ය ප්‍රජාවන් අභිවවා සිටී. එහිදී පෙනෙන වැදගත්ම ඉස්මතුවීම කවරක්ද යත්, මානස පේශියේ හැඩ තලය සිරුර හා දක්වන අන්තර් සබදතාවේ පමණයි. දරදඩු සිරුරක් මානස පේශියේ භාවිතාවෙන් පමණක් සුනම්‍ය කළ හැකිද? මේ වෙනුවෙන් දැක්විය හැකි පැනයකි. ජාන රටාවෙන්ම නම්‍ය සිරුරු සේම ව්‍යායාමය තුළ නම්‍ය කරගනු ලැබූ සිරුරුද එකම ස්වරූපද? උපන් හැකියාවෙන් ගයන්නෝත් නූපන් හැකියාවන් නිලීනව යා නොදී දැඩි පුහුණුවක් තුළ ගායනයන් ඉදිරිපත් කරන්නෝත් සිටිති. මේ කවර කාරණයේදීත් සිරුර හා මානසය එකිනෙකට සමබර වියයුතු බැව් සරලවම අප දන්නා වූ කාරණයක්.

එබැවින් මානස බිල්ඩින් යනු කායික බිල්ඩින් වලින් සපුරා බැහැර වීමක් නොවේ, සමබරවීමක අවශ්‍යතාව, වැදගත්කම කියාපාන්නකි. නිරෝගීතාවය වෙනුවෙන් තමන්ටම කරගත හැකි, කරගත යුතු කරුණු කාරණා එළි දැක්වීමකි. සාමාන්‍ය සරල විද්‍යාවේ ඉගැන්වෙන පේශිය සංකෝචනයෙන් හා ඉහිල්වීමෙන් සම්බදිත දෙකොන සමීප හා දුරස්ථ කරයි. මානස පේශිය සම්භන්ධ කරන්නේ මොළය හා හදවතයි. එනම් සිරුරක ප්‍රධානතම මර්මස්ථාන යි. ලේසි නැත, අදෘශ්‍යමාන මානස පේශියේ තරම! එය ඔබේ පාලනයට සපුරා නතු වීම කොතරම් වටිනවාද? යනු.. නමුත් ඒ ඔබේ පාලනයද යහ පාලනයක් නොවෙනවා නම්, ඇත්තෙන්ම ඔබ දිනක අදුරු රූකඩයක්ම වනු ඇත්තේ ඔබවත් නොදැනම වීමට ඇති හැකියාව උපරිමයි. එය ඔබ තරයේම මතක තබාගත යුතු...

Friday, May 19, 2017

මාංශ පේශී හා මානස පේශී



දෙකම අතිශයින් ම වැදගත්ය. පළමු එකට වඩා දෙවන එක සාතිශය වැදගත්ය. අප නොසිතන ශක්තියක් ඇති එහි ශක්තිය සීමිත දර්ශකයකින් දැක්විය නොහැකිය. සියුම් ලෙස අන්වේශණය කිරීමෙන් හැදිනගත හැකි සියුම් බව වටහාගන්නා තරමට මානස පේශියේ ශක්තියත් බලයත් උපරිමයෙන් සඵලදායී කරගත හැකිය. එබැවින් ජිම් යන්න මානස බිල්ඩින් සදහා!

Sunday, May 14, 2017

දිස් + පරණ කවි+ස්ටයිලේ... (තෝරන්)




ස රි ග ම ප ධ නි සා'
අතමිට සරුවෙලා
ලාබ ගැනම සිතා
බාල වැඩට ගියා

හද්ද ගමෙන් ආවේ මං
පට්ට නගරෙ කෑවේ මං
පොස් ගතියට වාසේ දැං
කිති සේරම ගොසින් නිවං

සල්ලි බෙදන අයියලාට
වාසි බෙදන මල්ලිලාට
හුරතල් වෙන නංගිලාට
ජීවිතයම විකිණිලාය

පවා දෙන්නෙත් හිටගෙන
අමතක කරමින් කන්දෙක
ලොකුකරගෙන ඔය අංදෙක
ඇනගන්නෙත් දියුණුවෙන්න

Thursday, May 11, 2017

හැදුනුම් පත (තෝරන්)





මා මළපසු
ලියනු පිණිස
දුක් ගීයක්
සොහොන් කොතේ
සටහන් කොට
තබමි කලින්
පරිගණකයෙ
නෝට් පොතේ
පාර්ස්වර්ඩ් එක
ඇත්තේ මගේ
පරණ නෝට් පොතේ
ඒක නැතිවුණොත්
හොයලා බලනු
මේස ලාච්චුවේ
ගාංචුවක් ඇත
දමලා පරණ පොකට්
එකට මගේ
ඒක ඇතුළේ
විසිටින් නම්
කාඩ් එකක
පිට පැත්තේ
තද අකුරින්
කළු පාටින්
පාර්ස්වර්ඩ්
එක ඇත්තේ
ඒ යතුරෙන්
පසු හඹන්න
මගේ දුක්ඛ
ගීය සොයන්
සොහොන් ඵලක
මස්තකයේ
ඒ පදවැල්
කොටා දමන්
මගේ දුක්ඛ
ගී පබැදුම
ඔබේ වෙහෙස
ගැනම තමයි
මරණෙන් පසු
සත් දිනකදි
සසර දුකත්
අමතක වෙයි
යළිත් මෙහේ
නොම ආවත්
ඔබේ මතක
මා සතුවෙයි
මගේ මතක
නොම ගත්තත්
හැදුනුම් පත
ඔබ සතුවෙයි

Monday, May 8, 2017

තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)



විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිය  හෙළිදරව්ව ගෙනෙන්නේය. අතීතයට වඩා වර්තමානයේත් වත්මනට වඩා අනාගතයේත් විද්‍යාව යනු එකම දැනුමක් නොවේ. දිනෙන් දින එහි හැඩය වෙනස්ය. එබැවින් කලින් කලට විද්‍යාවේ අර්ථ දැක්වීම් එකක්ම නොවෙයි.
බුදු දහම ධර්ම මාර්ගයක් ඔස්සේ තම  හෙළිදරව්ව ගෙනෙන්නේය. එහි අතීත වර්තමාන අනාගත කාල බේදයක් නොවේ. ඉන් ගෙනෙන දැනුම එකක්මය. එහි හැඩය නොවෙනස්ය. 
සියල්ල අනිත්‍ය බව පැවසෙන දහමක ස්ථිර බවක් නම් කුමක්ද?
එනම් මේ පවසන්නේ දහමක් සමාජය තුළ පැවතීමේ ස්ථිර බවක් නොව එහි අන්තර්ගතයේ නොවෙනස් බවයි. එවිට ඒ දහම තුන් කලටම එකක්ම වෙයි. 
විද්‍යාව වයනය මහත්කොට සළකයි. එනම් අතටත් වඩා මොළයටයි. බුදු දහම ප්‍රත්‍යක්ෂය මහත්කොට සළකයි. ඒ මොළයටත් වඩා අවබෝධයටයි. මොළයට ස්පර්ෂය බුද්ධිමය තාර්කිකත්වය වෙද්දී අවබෝධයට ප්‍රත්‍යක්ෂය මොළයේ බුද්ධිමය තාර්කිකත්වය අබිබැවූ පරිපූර්ණත්වයක් වෙයි.
බුදුන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ එබදු පරිපූර්ණ අවබෝධයේ පරිසමාප්තියට පත් අයෙකු හැටියටයි. 
එබැවින් බුදු දහම අපේ විද්‍යාවෙන් පරම ලෙස විචාරන්නට යෑම අන්ධයන් ඇතුගේ හැටි කියනවාට දෙවැනි නොවේ. හේතු ඵල දහම, ජීවිතයේ උපත, විපත, වෘද්ධභාවය, රෝගීභාවය  ආදී අපට මගහැරිය නොහැකි ගැඹුරු සත්‍යන් මත බුදුදහම විචාරය ඊට වඩා සුපැහැදිලි මගකි. 
තෙමගුල සැමරීම යනු සැබවින්ම බුදුන් දැකීමයි. බුදුන් දැකිය හැක්කේ ධර්මය දකින්නාටයි. ධර්මය දැකිය හැක්කේ කාටද? බුදුන් දේශනා කලේ උන්වහන්සේගේ දහම නැණතියන්ට බවයි. ඒ නැණ නම් ප්‍රඥාවමැයි. 
බුදුරදුන්ගේ උපත සම්බුද්ධත්වය හා පිරිණිවන නැවත ආපසු බොදුනුවාට ඒ  ප්‍රඥාවට එළැඹෙන්නට වසරකට වරක් දෙන මතකයයි. 
ඔබ ගන්නේ ඒ මතකයද? ඒ ගැන වගවෙන්නා ද ඔබට ඔබමයි.


Wednesday, May 3, 2017

ආපස්සට යමි 3


ආර්ථික, තාර්කික, ආකර්ශනීය, සුනම්‍ය, කපට විලංගු තුළ සිරවීමෙන් හදාගන්නා ජංගම සිරගෙයි වින්දනයෙන් මිදීම පිණිස..
පරම ලාබය ආරෝග්‍ය හා පරම ධනය සන්තුෂ්‍ටිය පුද්ගලිකවම උපයනු පිණිස .. අනුදැන

ආපස්සට යමි 2


සියල්ලෙන් වියුක්තව සත්‍ය, යුක්තිය, ආගම හෝ විද්‍යාව වැළදගැනීමට ඉදිරියට පැමිණෙන්නාගෙන්  බිහිවන්නේ සැබෑ සත්‍යවාදියෙකු, සැබෑ විනිශ්ච කරුවෙකු, සැබෑ ධාර්මිකයෙකු හෝ සැබෑ විද්‍යාඥයෙකු නොවන බැව් හා එමගින් බිහිවිය හැකි ත්‍රස්තවාදියා, ඒකාධිපතියා, මූලධර්මවාදියා හෝ අපරාධකරුවා වළක්වනු පිණිස..අනුදැන

Monday, May 1, 2017

ආපස්සට යමි


තවත් ඉදිරියක් නැත. ජීවිතයේ ආපස්සට යාමට දැන් කාලයයි. සෙනග අතරින් ඉදිරියටම ආවේ කරළියේ අසළම හිද රැගුම් නැරඹීමටයි. දැන් හොදින්ම පෙනෙන්නේ වේශ නිරූපණයයි. එබැවින් යමි ආපස්සට යමි ජීවිතයේ රැගුම් බලන රිසියෙන්... අනුදැන