Thursday, January 14, 2016

නොපෙනේද සකි!


මල ක් වුව 
කලක් යන විට
මළක් වන සැටි

රස ක් වුව
අධික වන විට
විසක් වන හැටි

බස ක් වුව
විකන විට එය
මසක් වන හැටි

රට්ටු වුව 
පිල් බෙදීමෙන්
පවිටු වන සැටි

Friday, December 25, 2015

Monday, November 9, 2015

මුනිවතට පෙර වදනක්!

පාතාල ලෝකයත් මතුපිට ලෝකයත් අකාස ලෝකයත් එකම පොලෝ තලයක පිහිටියේය. කලු මිනිසාත් සුදු මිනිසාත් තළෙුලු මිනිසාත් එක්ව වාසය කරන්නේය. දිග් විජයත් ධර්ම විජයත් එකම බිමක දළු ලන්නේය. අතීතයත් වර්තමානයත් අනාගතයත් එකම ලොවක ගතවන්නේය. එකම විශ්වයක වෙනස්වීමට සාපේක්ෂ කාලය අනුව එකම යයි කීවාට එකම නොවන මොහොතින් මොහොත අලුත් වන වෙනස් වන සියල්ල තුළ සදාතනික කිසිවක් නැත්තේය. සදාතනික වන්නේ ඒ සදාතනික නොවන්නා වූ බව පමණි. ඒ නිසා මේ මහා විශ්වයක ජීවත්වන්නාවූ කෙටි කාලයේ තමන්ගේම වූ වර්ගයාගේ කලු සුදු තළෙුලු බවට තවදුරටත් සාප නොකර අපේ වටිනාකම් හොයමින් මතුකරමින් මානව වර්ගයා හා වර්ගයා නොවන්නා වූ සියලු ජීවීන්ද අජීවීන්ද සමගින් තමන්ටත් අනුන්ටත් අර්ථයක්ම සිද්ධ කරගන්නට අපි හැම වෙහෙසෙමු.
සැමට සමානාත්මතාවයෙන් සළකන්නට වෙහෙසෙමු. අරෝග්‍යය පරම ලාබය වන්නේ යම් ලෙසටද එලෙසම පරම ධනය නම් වූ සතුට සොයමු. විශ්වාසයෙන් යුතු සබදකම් සොයමු. වැරදි දහසක් හුවා දක්වා යටපත් කරන්නට හදන එක් නිවැරදි අරමුණකට සවිය දෙමු. අනාගතය හා අනාගත පරපුර වෙත කරුණාවෙන් නෙත් යොමමු. 
පටු දේශපාලනයේත් ආර්ථිකයේත් වාණිජත්වයේත් බමුණන් නොවී ඉන් ඔබ්බේ අනාගත මිනිසුන් ගැන හීන දකිමු. විද්‍යා වාණිජ ගණිත කලාවත් ඉන් ඔබ්බේ ඇති සත්‍යත් කරා එළැඹ අවබෝධයෙන් සතුටින් ඉන්නට මේ අවශිෂ්ඨ ධර්මද්වීපය තුළ ඔවුන්ට අඩි පාරක් තබමු. 
අපෙන් ඔබ්බේ වන දයාබර වැඩිහිටියනේ, අනුන්ගේ දුගද අධෝමුඛ වලට ඇගිලි ගසන්නට ගන්නා ඔබගේ කාලයෙන් වැඩි කොටසක් ඔබේ අනාගතයත් යහපත් කෙරෙන නූතන පරපුරේ අනාගතය ගැන හිතන්නට යොදවාපල්ලා! පුරුද්දට ගිය ඔබේ නිදහස් අධ්‍යාපනිකමය ප්‍රමුඛ දායාදය වන කුණු ඇවිස්සීම මතු පරම්පරාවට කුණු ශුද්ධ කිරීමක් ලෙස දායාද කොට දීමට තරම් කාරුණික වෙයල්ලා. නිමා කළ යුද්ධයක් හෝ දේශපාලන වෙනසක් ගැන තවදුරටත් පාරම් නොබා මුනිවත රැකපල්ලා. 
එක එකා පස්සේ, රජවරු ඇමතිවරු පස්සේ නොනිසිව වැද නොවැටෙන, දෙපයින් ඉන්න පරපුරක් හදාපල්ලා, පියවරුනේ. 
සංස්කෘතික සංදර්ශන පසෙකලා වැඩ කරපල්ලා රට හදන්න, රටේ මිනිස්සු වෙනුවෙන්....
අඩුතරමින් දැන්වත්...
පටන් ගනිල්ලා, 
කට වහන් වැඩ කරන්න.

Wednesday, November 4, 2015

වචනත් මරල 

වචන වල වටිනාකමත් මැරිල

මුනිවත හොදයි ඒ හන්දා, ඒ හින්දා

මුනිවත දිනේවා! මුනිවත දිනේවා!

හිස් බස් භංග වී මුනිවත දිනේවා!

දිනේවා!

Saturday, October 31, 2015

මේ අසිරිමත් සත්තු වත්තකි

කාලයක් සතුන් කූඩු කෙරු

කාලෙකදි එ් කූඩු කැඩු

මිනිසුන් කිසිවෙකුත් 

නැත, සතුන්මය

Wednesday, October 28, 2015

බමුණෝ...
උගත් බමුණෝ 
නූගත් බමුණෝ 
දේශපාලන බමුණෝ
දිළිදු බමුණෝ
පෙ‍ාහොසත් බමුණෝ
පොෂ් හා හද්ද බමුණෝ
හැම බමුණෙක්ම එක්වෙති
බමුණු පංතිය රැක්මට
සම්ප්‍රදාය රැක්මට
රැක්ක යුතුදේ හැර
රකින තාක් පුස් හිස් හා හිස් පුස්
විචාර නොවන තාක් ආර්ථිකයක් හැර
අප එකතැනමය ගමනක් ඇත්තේම නැත...
අපට!

Saturday, October 24, 2015

සුමට නැති ජීවිතය
ගොම මැටි ගෑ පොළොව වගෙයි
සාටෝපය නැති

අමදින තරමට
මුදුවෙයි
දිනූ ජීවිතයක් පරිදි

පහර වැදුනු තැන
බිදී විසිරී යතත් පස්
පිරියම් කළ හැක පෙර පරිදි

Wednesday, October 21, 2015

එයා ඉරක්
ඉරබටු තරුවක්
පැය විසිහතරෙන් වෙලාව නොකීවට
ඇය මට
නොපෑයු සදක්
තවමත්

Monday, October 19, 2015

මම මට බය නෑ
ඇස් පිය යටින් පේන තරහා රුස්සන් නෑ
මේක කීවෙ කාටද කවුරුත් දන්නෑ
අඩන්න ඕන විටත් හිනාවෙලා
ජීවත් වෙන්න ඕන නිසා
මිනිස්සු ජීවත් වෙනවා

Friday, October 16, 2015

අවසන් විනිශ්චයට (පාපෝච්චාරණ)

අභි‍ෂේකාට ටෙක්ස්ට් කළෙමි
උදාරාට චැට් කළෙමි
මතකයට අාලය කළෙමි
ළගින් උන්නෝ විශ්වාස කළෙමි


ටිකක් රස්තියාදු වුනෙමි
තව ටිකක් ජාලයේ සැරුවෙමි
ආයාලයට එබී බැලුවෙමි
බොහෝ වැඩියෙන් නිදි මැරුවෙමි


එක එකා නොඇන්දුවෙමි
දන්නා ඇත්තක්ම කීවෙමි
පැවරුණු කාරිය හරියට කළෙමි
නිවැරැදි දේ සොයා ගියෙමි


වැඩියෙන් ‍දුක මත නොගියෙමි
සතුට පසුපසත් නොගියෙමි
පෘතග්ජන බවින් සිතුවෙමි
ස්වාමිනී, මම වැරදිකරුවෙක් නොවෙමි

Tuesday, October 13, 2015

දරුවෙකුගෙන් තෑගි (පුවතක්)

මෙහෙ එන්න
බලු වෑන්
දාගන්න
තාත්තව

කැත කුණූයි
හැමතැනම
ලෙඩ වේවි
බල්ලන්ව

එ් නිසා
ඉක්මණින්
ගෙනියන්න
මා පියා

බල්ලන්ව
රැකගන්න
මා වින්ද
දුක් කන්ද

කූඩුවට
වී හිටිය
ඔය පියා
දන්නවද

ඉල්ලන ගාණක්.... දෙන්නම් - ෂෝ එකකට එනවද ඔබ (සෝ.. සෝ..දුක)

එන නිදහස් දිනය දවසෙ
හවසට අගනුවර පැත්තෙ
අලුත්ම තරු රැසක් එක්ක
ෂෝ එකකට එනවද ඔබ


එනවානම් මට කියන්න
ඉල්ලන ගාණක්.... දෙන්නම්
ඒ ගාණට එන් නැතිනම්
තව වැඩි ගාණක්.... දෙන්නම්


............................................
....................................................
..........................................
.......................................


ස්කූලුත් නෑ එදාට
ප්‍රශ්නයකුත් නෑ ඔයාට
හොද ෆුල් ෆන් එකක් ගන්න
අනිවා අග-නුවර එන්න


ඒ නිදහස් දිනය තමා
අගනුවරේ තැනක තමා
පහුවදාට එළි වෙනකම්
එකම පිස්සුවක්ය බබා


අල්ලට පහ පහ සිග‍ා
වල්කොල බිමදා නටා
කල්ගිය රෙදි වැරළි ඇදන්
ඇල්මෙන් ෆන් ගනු පුතා

Wednesday, October 7, 2015

ඩී.එන්.එ්. එල්ලා මරමු - පව්... මිනිස්සු

වැරදි එකා අල්ල ගන්න කලින්ම ඌ මරා දමමු
රැකෙනු පිණිස පගා දිදී අල්ලස් හොරු උලේ තියමු
ආතල් පිරි ජීවිතයේ රිසි නිදහස භුක්ති විදිමු
මිනිහා හැදී රට හදන්ට බැහැ! ඒ නිසා රට හදා මිනිහාට හැදෙන්න දෙමු!

Saturday, October 3, 2015

නටමු...

වතුර නටන තුරු
වතුරෙ නටමු අපි
වතුර නටන යුරු
බලා නටමු අපි
වතුර උණු උණූ
තව හොට්ව නටමු අපි
කකුළු අඩු තබා
දිය සැලියෙ නටමු අපි

Monday, September 28, 2015

කමු...

පාප වලට
සාප වලට
තියෙන පබ්ලිසිටි
එ්වා හොදට විකිණෙනවා
බයිට් වගේ

රහට කනව
තවත් කනව
හපල කනව
හොදට බිබී බොමින් කනව
බයිට් වගේ

තව ගේන්න
පාප ටිකක්
සාප නැතිද
තවත් ටිකක් කන්න අපට
බයිට් වගේ

Tuesday, September 15, 2015

කෙකෙර ගගා හිටියා ඇති බිත්තරයක් දාපන් රන්!

නිදහසින් පස්සෙ නැගිට්ටද?
සුනාමියෙන් පස්සේ නැගිට්ටද ?
යුද්දෙන් පස්සෙ නැගිට්ටද ?
ජනවාරි අටෙන් පස්සේ ?
දාහත් වෙනිදයින් ?
කවදද නැගිටින්නෙ,,,
දුක වේදනාව විතරක් නොවෙයි. වීර කමත් චණ්ඩිකමත් දවස් දෙකතුනයි.
හැබැයි, ඉතිහාසය දෙදහස් පන්සීයයි.
කතාවට සෙට් වුනහම පට්ට පදිරි දෑ හිතකාමීන්,
පක්සෙ, වාදෙ අල්ලගත්තම මාර පාක්සිකභාව
තමන්ට දිරවන්නැති එකාට ගහන්න ලැබුනම ගහන්නෙ උඩ පැනගෙන
රටේ ඉන්න තිරිසනුන්ගෙ වැඩක් එලියට ආවම ඉන්නෙ මල පැනගෙන
මොනවද උඹ කරපු කැප කිරීම රට වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම සමාජය වෙනුවෙන්,
මොනවද උඹ කරපු කැප කිරීම හරිදේ වෙනුවෙන්,
ඒක අහන්න ඕන උඹ උඹගෙන්ම?
අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න ඕන කාලයක් මේක.
දෙසන්න ඕන එකෙකුට පුළුවන්, නමුත් කරන්න පුළුවන් එයිනුත් ටික දෙනෙකුට.
එතනදිත් හරිදේ හරියටම කරන්න පුළුවන් කී දෙනෙකුටද මේ බිමේ...
කයිවාරු, පණ්ඩිතකම්, රටටත් වැඩී...
සතුන් අතර නැති තිරිසන්කම පමණක් නොව තිරිසනුන් බිහිකරන සියලු සාධකයන්ට එහෙහිව අවංක යුද්ධයක් කරමුද? ලෑස්තිද කරන්න ?
විවෘතව කතා කරමුද?
තිරිසන්නු බිහිවෙන්නෙ අකලටද?
පුංචි කිරිකැටි දරුවෙක් වෙනුවෙන් බිහිවෙන සානුකම්පිත දයාබර මනෝභාවය විකෘතියකින් තිරිසන් වෙන්නෙ කාගෙ වරදකින්ද? තිරිසන් වරදකරුවාට දඩුවම් දීමෙන් විතරක් වැඩක් නැහැ,
සමාජයක් තිරිසන් වීම වලක්වන්න නොහිතුවොත්
ඒක ලේසි නෑ
ඒත් මේක මිනිස්සු හිටපු රටක්
දහමක් රැක්ක රටක්
පින් බිමක් වුනු රටක්
නැගිටින්න තවම ප්‍රමාද නෑ
මූණට හිනාවෙල අපි හරිම ජාතියක් කියල අත් බැදන් එලියෙ රැගුවටම වැඩක් නෑ
කොරයිද බලමු වගේ හැමදේ හරහට දැක්කත් ඵලක් නෑ
අදින් පටන් ගන්න ඕන
යහපත වෙනුවෙන් හිතන දේ වෙන්න ඕන
ඒ දේවල් කරන්න ඕන
අඩු තරමින් මට පුළුවන් දේ
මම කරන්න ඕන.

Monday, September 14, 2015

දරුවෝ..දරුවෝ... දරුවෝ

ළදරුවන් නොවන කාටත් එරුවන් රැකගැගීමට කළ හැකි යමක් ඇත. රකිමු ඔවුන්, හැමවිට, සැමතැන...

Tuesday, September 8, 2015

අලි ?

නාන්තර - ගම් දනව්

මිනිසුන් - සතුන්

හදාදෙන්න වගකිවයුත්තනි,

සම්මුතිවාදය

එතැනටත්!

Wednesday, September 2, 2015