Saturday, August 1, 2015

රවුමට - වට රවුමෙන් එහා ගමනක්!

ඕනෑම ගමනක ඉදිරියට යාමේදී කෙළින් මාර්ගය සේම වමට දකුණට හරවන්නට සිදුවීම ස්වභාවයකි. කෙළින්ම පාරක වුව තැනකදී මේ හැරවීම කරන්නට සිදුවන්නේ අවශ්‍ය ඉලක්කය පදනම් කර ගනිමිනි. රටක දේශපාලනයේ වුව වමට දකුණට හැරෙවෙන්නට උවමනා අවස්ථා නැතිද? එකම පැත්තට පමණක් හරවා යන්නට යන ගමනක් යැවෙන්නේ වමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ රවුමකම පමණකි. කෙසේ වෙතත් දකුණට සිග්නල් දමා වමට හැරවීම කෙසේවෙතත් වමට සිග්නල් දමා දකුණට හැරවීම නම් දේශපාලනයේ අපූරුවට සිද්දවේ. නමුත් සිදුවිය යුත්තේ අවැසි තැන වමටනම් වමට හැරවීමත් දකුණට නම් දකුණට හැරවීමත් අවසන ඉලක්කය වෙත යාමත් නොවෙද? ඉලක්කයකුත් නැතිව පසෙකට සිග්නල් දමමින් තවත් පසෙකට ‍හරවමින් වෙට්ටු දමමින් යන්න හදන ගමනේ අප රට බෙ‍ාහෝ කොට ගියේ වට රවුමකමය. රවුමේ රස්තියාදුවේදී වාහනයේ හිද බෑන් චූන් ගැහීම රටේ ආවේණික ලක්ෂණයක් සේ වැඩුණු බව ‍පෙනේ. බෑන්චූන් එකෙන් ෆෝචූන් එකක් පැතූ බවද පෙනේ. ඉදහිට ගිය කෙළින් ගමන හැර වැඩි වශයෙන් අප ග‍ොස් ඇත්තේ වමට දකුණට හරවන්නට ගොස් ගැසූ රවුම් පමණි. අපේ ප්‍රාර්ථනය නම් නිසි තැන නිසි විට වමට දකුණට හරවා මාර්ගය තෝරා ගනිමින් නියමිත ඉලක්කය සාක්ෂාත් කරගන්නා රටකි. මේ සියල්ලට පළමුව රටකට ඉලක්කයක් තිබිය යුතුය. ජනතාවට ඒ ගැන හැගීමක් තිබිය යුතුය. සියල්ල සරලත්වයත් සංකීර්ණත්වයත් තුළ දෝලනය වන මෙවන් සමයක එවන් හැගීම් වැඩේවා!

Wednesday, July 8, 2015

:) හුණු වටය සහ දේශමාමකත්වය

වැදූ මව අැදගනී දරුවා වැරෙන්

තම හිමිකම් පතා

රිදුමන් කිසිත් නොතකා

දරුවාගේ

හැදූ මව නොඇද දරුවා සැරෙන්

හිමිකම් අතහරී

රිදුමන් ගැන සිත සිතා

දරුවාගේ

ජාතිය ආගම හා කුල සිරිත් ගෙන කරින්

හිමිකම් කිය කියා

රිදුමන් කිසිත් නොතකා

දනන්ගේ

කවුරුද අදින්ගේ රට දෙපසට වැරෙන්

රක්ෂා පිණිස

තම කුණු මඩි


අසඩක් විසදු දෙස බලාවත් - ගනු විනිසුරුගෙ වෙස් බිදක්වත්

අදුනනු පිණිස හැබෑවට - දෑ හිතකාමියෝ කවුරුන් කියා !!! :)

Saturday, July 4, 2015

නිර්භීත කොන්දක් ඇති ලාංකිකයෝ වෙමු, ජැක්කෝ, කුක්කෝ නොවෙමු.

නම්ගම් නිසා කකුල් වෙව්ලන මැර දේශපාලන භීතිකාවලට පයින් ගහමු, වමෙන් දකුණෙන් දෙකෙන්ම  -

 1අමන තකතීරු අධාර්මික අශිෂ්ට ජඩ පාදඩ නින්දිත විලියක් නැති දේශපාලනය ව්‍යවස්ථාවට නීතියට රීතියට අනුමත දෙයක් වෙන්නැති අපේ රටේ? නැතිනම් 
2 මැර තක්කඩි දේශපාලන කුපාඩින්ට අපි බය ඇති අපේ රටේ?  නැතිනම්
3 අපිත් ‍එහෙම අය වෙන්නැති අපේ රටේ?

අනිත් හැම වරදක් කරන මිනිස්සුන්ටම කොතැනින් හරි දඩුවමක් තියෙද්දි සියයට සියයක වරප්‍රසාද ලත් මේ නරුම පංති පැළැන්තිය නඩත්තු කරන්නේ අහවල් කරුමයකටද අපේ රටේ?

හොද මිනිහෙකුට කතිරය ගසා ජඩයින්ට පයින් ගසමු කතිර බලෙන් මෙදා සරේ :)

Friday, July 3, 2015

මනඋස් ටික මැති සබයේ ඉන්දන්

රජ හොරු හිරගෙට හිරගෙට දක්කන්
දෙයියන් පුදබිම් වෙත වැඩ වස්සන්
යක්කුන් සොහොනට සොහොනට පන්නන්
මනඋස් ටික මැති සබයේ ඉන්දන්

අපෙ අප්පච්චිලා ලොකුම ලොකු මිනිස්සු නොවුනට හොරා කෑවෙවත් පගා ගැහුවෙවත් අපි වෙනුවෙන් හොර පාරවල් හැදුවේවත් නැත. තවත් බොහෝ හේතූන් සමග ඔවුන් අපට මහ අප්පච්චිලා වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. එහෙව් දහසකුත් අප්පච්චිලාට පිං පිණිස දැන දැනම ‍නොදැනී වැරදි වන දේශපාලකයින් මැති සබයට නොයවමු. එමගින් මහ ජනයාට මෙන්ම ඔවුන්ටද වනු ඇත්තේ යහපතක්මය. නිවැරදි දේ වෙනුවෙන් ජය පතමු.

Thursday, June 25, 2015

අන්ලොක්

එ් කී ගෙන්

මේ කී ගෙන්

අර කී ගෙන්

හර කී යක් ඇනවත්

නොඇරුණු 

ජීවිතයේ සොදුරු දොරටුව

තට්ටු කරන සද හැරුණි

එ් කා ගෙන්

මේ කා ගෙන්

අර කා ගෙන්

හර කා දක්වා දක්වාත්

නොලද ජීවින ගමන් පරිචය

තනියෙන්ම ලද හැකිවී

දසතම පෙරළා 

සෙවූමුත් නොලැබුණු

කණ්ණාඩිය ඇස්

නළලේ රැදවිණි

හැල්මේ ඇවිද යන 

ගමන නවතා 

බලන් පිටුපස

විශ්වාසයි

ජීවිතය ඇත 

නිසැකව ඔතැන.

Friday, June 12, 2015

තවමත් අපි ගොන් ගැල් පස්සේය...අවබෝධය මිස කාලය මිනිසුන් වෙනස් නොකරයි.

අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!- නැවතත්...

ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත.‍ වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.

කෙසේ හෝ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ. ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි.

දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?

ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාල‍නයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා සැප සෙවීමත් යෙහෙකි.

ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.

විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි.

ඉතිං මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...

අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ‍ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.


Monday, June 8, 2015

අපි ඔක්කොම එකතුවෙලා කරමු මේක අරුමසරුප දේශයක්!

තිහේ හතළිහේ දසක වල උපන්න ඈයෝ සමහරක් සමාජයට දැන් දෙන්නේ කුණුහරුප
පනහේ හැටේ දසක වල උපන්න ඈයෝ සමහරක් සමාජයට දැන් දෙන්නේ මැරහරුප
හැත්තෑවේ අසූවේ දසක වල අයත් එක්ක අපිට කියන්න තියෙන්නේ බයිලාහරුප
අනූව දෙදහේ නංගි මල්ලි නුඹලා රගපල්ලා ඩාන්සින්හරුප

එතනින් පස්සෙ ආයෙත් පටන් ගනී කියන්න අපි නොදන්න අලුත්ම කුණු සරුප...
මේක මරු චක්‍රයක් අපේ පරම්මරාවට මහඅප්පච්චිලා උරුම කොරපු...
අපේ වගකීම මේ සරුප අරුමය උරුමය කොර ගෙනයාමයි...
අරුම සරුප දේශයක්! සුබ අරුම සරුප දේශයක්! යහ අරුම සරුප දේශයක්...

උගතුනේ වියතුනේ පඩියනේ... එකතුවෙයල්ලා... සරුප කියන්... හැම පැත්තෙම අප්පොච්චිලා කරේ අරන්... වරෙල්ලා .... අපිත් එනවා අලුත් අයත් එක්ක...විලි ලජ්ජා නැතුවම... නටන්න බලාගෙන!!! එකතු වෙන්න අපිත් එක්ක...

Tuesday, May 19, 2015

? විදර්ශනා

? බැන්නත් වැඩක් නෑ

? ගිගා බයිට් ඩේටා දැන් මෙගා බයිට් වෙලා

? තිබුනු මෙගා බයිට් ඩේටා දැන් කිලෝ බයිට්

? බයිට් වලිනුත් යමක් කරන්න පුළුවන් තමයි ඒත්..

උත්තර දීලත් වැඩක් නෑ ?

බයිට් කිලෝ බයිට් වෙන්නෙ නෑ ?

මෙගා බයිට් ගිගා බයිට් වෙන්නෙ නෑ ?

පුළුවන් නම් ඩේටා බයිට් වලින් කරන්න ගිගා වැඩක් ?

Monday, May 18, 2015

- පරම ධනය විතවුට් දුක්ඛ සච්ච.. (capitalism-socialism=socialism-capitalism)

අත් දුටු නොදුටු
ප්‍රත්‍යක්ෂ කළ නොකළ
ද මෝස්ට්
ඉම්පෝර්ටන්ට්
තින්ග්
ෆො එවර්
සතහට
දැට් මීන්ස්
හැබෑ වාදය...
සදහට

Monday, May 11, 2015

කුඩේ කුඩු වන තුරු! (නොතේරෙන වගනම්)

කොළ කුඩ කඩ
නිල් කුඩ කඩ
රතු කුඩ කඩ
කුඩ කඩ කඩ

සමහරුන්ට මුතු කුඩ
සමහරුන්ට සුදු කුඩ
සමහරු කලු කුඩ යට
තාමත් කුඩ කඩ යට

කඩ කඩ කඩ කඩ කඩ
කුඩ කඩ කුඩ කඩ කඩ
තාමත් හඩ තල තල
අපි හොයනව කුඩ කඩ

Sunday, May 3, 2015

හදවතත් බුද්ධියත් සැදැහැයෙන් පිරී සුපහන් වෙත්වා!

තම දේශපාලන නායකයින් රක්ෂා කරනු පිණිස විරුද්ධවාදීන් සමග වෙර යොදා ඇනගන්නා ගැත්තන් හට නුවණ පෑදෙන කලක් ඒවා! රට වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය යෙදවේවා! කිසිවිට කිසිතැන දේශපාලකයිගේ ඉත්තන් වී වෛරය නොවඩත්වා!
- මගේ වෙසක් පැතුම -

Friday, May 1, 2015

:)

බුද්ධිය නොදැන හදවතට ඇමතීමත්, හදවත නොදැන බුද්ධියට ඇමතීමත් ඇස් රතුවන කොලොප්පමක් බව ඉදුරා වටහා ගත්තෙමි.

Thursday, April 23, 2015

ලොකු දෙයක්! වේවා...

රට හදන්න ඉන්න ඕන ලොකු ලොකු උදවිය විතරයි. ලොකු ලොකු බුද්ධිමත් මිනිස්සු, උගත්තු විතරක් හිටියම ඇති කියලයි සමහරුන්ගෙ අදහස.. මහා සෑයවල් හැදුවෙ, වැව් අමුණු හැදුවෙ, මහා යුද්ධ වල යුධ පිටියෙ හිටියෙ ‍වැඩියෙන්ම ඔය දෙකටම අතරමැදි සාමාන්‍ය මිනිස්සු කියල ඒ සමහරක්ට අමතකයි. රට හදනවනම් ඒක හැදෙන්නෙත් ඒ සාමාන්‍ය මිනිහ හරි විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්න තැනදි විතරයි. කොන්දක් තියෙන, අවංක හදවතක් තියෙන මිනිස්සුන්ට බුද්ධිය පාදගන්නත් අමාරුවක් නෑ නිසි තැන නිසි විදිහට, ඉතින් එහෙම මිනිස්සු යම් සාධාරණ, යුක්තිසහගත චින්තනක ඉදල ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ඒ ප්‍රතිපත්තියම ඇති රටක් හැදෙන්න.. ඉස්සෙල්ල හැදෙන්න ඕන මිනිස්සුන්ගෙ පණ නැති කොදු නාරැටි.. ඒක උගත්කමින්වත් බුද්ධියෙන්වත් විතරක් හැදෙන දෙයක් නොවෙයි.. සාධාරණ අවංක මනසකින් වෙන දෙයක්(බොහෝ විට අමාරු දෙය ඒ සාධාරණ අවංක මනස හදාගැනීමම තමයි), ඉන් පස්සෙයි රටක් හදන්න පාට පක්ෂ වාද භේද නැතිව හිතන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ.. සීයට සීයක් නැතත් සීයට පනහකට වඩාවත් ඒ තත්වයේ උදවිය ඉන්නදාක පාලිමන්ට් එකේ ස්ට්‍රිපර්ස්ලා නොඉදීවි අඩුතරමින්. වැඩි දේවල් නැතිව මීලග පාර්ලිමේන්තුවක ඒ ටිකවත් කරගන්න හැකි වුනොත්.... ලොකු දෙයක්!

Monday, April 20, 2015

ස්ට්‍රිප්ටීසින් ඉන් ද පාර්ලිමන්ට් - ගොට්ටෝ සහ හොට්ටෝ පමණක්ද එහි?

අපිට නීති හදන තොපේ කෙරුවාව නොහොත් නිතර දැකීමෙන්ම එපාවූ හෙළුව...වැසේවා නැත්නම් නැසේවා...

Tuesday, March 31, 2015

ඇහැට, කනට ... පොකට්ටුවට, වින්දනීය බඩාලාට ලෂු නොවන්න (හරිමගක් එවිට අපට හමුවෙයි)

දේශපාලන පොත්තේ ගැත්තන් වී ඒකා කරොත් හරිය මේකා කරොත් වැරදිය හිතන ගැත්තෝ රැළක් තවම වෙත්, හනේ හපොයි... ඒකා මේකා කවරෙකු කළත් කරන දේ හරි වැරැද්දත්, යුක්තිය අයුක්තියත් තෝරා ගන්නට බැරි අප කාටත් හිමි හැමදා හිස් රස්තියාදුවක් විතරයි. කේන්දරේ කේන්ද්‍ර කරගෙන ජීවිතේවත් දේශපාලනේවත් ජයගන්න බැරි සේම පක්ෂ කේන්ද්‍ර කරගෙන රටේ දියුණුවක් ගැන හිතීමත් විහිළුවක්. වඩා වැදගත් වන්නේ පුද්ගලයින් හා ඔවුන්ගේ කැපවීමත්, නිවැරදි අවබෝධය තුළ සාධාරණ එකමුතුවත් නේද? මහපොළොවෙ සීයට සීයක් ඵලදරන්නෙ නැති වුනත් යමක් වෙන්න පුළුවන් මිනිස්සු හරි විදහට හිතන්න පටන් ගත් තැනින්, ඔවුන් තමන්ගේ නියෝජිතයන්ට දෙන තල්ලුවෙන් ... එතැනින් පටන් ගත‍්තොත් අවුලෙන් රස්තියාදුවෙන් කන කාලෙ තේරුමක් ඇති විදිහට ගතවේවි ඉදිරියට, ලොකු ලොකු කතා ගැන හිතන්න කලින් නිරවුල් ඇරඹුමක් වැදගත්.. ඒ ඇරඹුම කරන්න අවශ්‍ය හැමදා බහුතරයක් නොවුන මුත් බහුතර බලයක් උපද්දන නිරවුල් ජන මනස නොවෙයිද? අපිට හිතවත් හිතගත් ඇම්බැට්ටයින් වෙනුවෙන් අරින කට වහගෙන සාධාරණයක් යුක්තියක් හොයාගන්න පුළුවන් ඇහැට, කනට හා පොකට්ටුවට විතරක් කතා කරන එකැස් දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නට දායක වෙන්නට හැකිනම්... ඇහැට හොද රංගනයකුත්, කනට අහන්න කැමති දේත් පොකට්ටුවට හොද ගානකුත් ලබල දෙන පොරොන්දුගරුත්වයට කොමා දමා ප්‍රතිපත්තිගරුකත්වයකට කාලෙ හරි දැන්. වැදගත් දේශපාලනික ආයතන වල ඉන්න දේශපාලනය සේවයකටත් එහා බිස්නස් හදාගත් වින්දනීය බඩාලාට හෝ බඩීලාට ලෂු නොවන්න.. ඔවුන්ගේ කතා සාප්පු වහලා හැම තැන ක්‍රියා සාප්පු අරින්න නැකත හරි දැන්...මාකට් කරන කතා සංකල්ප ගෙනෙන දේශපාලන සාප්පු නම් වහලාම දැමිය යුතුයි. කිනම් ජාතියක් හෝ ආගමක් දේශපාලන අරමුණු වෙනුවෙන් විකිණීම තහනම් කළ යුතුයි. එනයින් ජාතික ආණ්ඩු හැදිය යුත්තේද ජනතාවයි, කවුරු ආණ්ඩු කළත් කවුරු විරුද්ධ පක්සේ වුවත් හැම ජනතාවම හැමදා සිටිය යුත්තේ රටේ පක්සේ. පුද්ගලික වාසිය රුචිය තකා නොනැහී කුමන ජාතියක වුව එක් රටක මිනිසුන් ලෙස තවදුරටත් ජාතිකකරණය විය යුත්තේ ජනතාවයි.

සාරධර්මයක් හෝ ආචාරධර්මයක් තුළ වඩා යහපත් තැනකට එසවෙන්නට තවදුරටත් අපට හැකිවන්නේ එතැනින් මිස පාට පක්ස බැකෝ බදාගෙන ඒ‍වායේ නගුටු අඩු වලින් එසැවී එක එකාට කොකම් පෑමෙන් නම් නොවේ. ඒ කොකම් පෑපෙන් හැමදා වීරයන් හා සූරයන් වූයේ දේශපාලනය බිස්නස් එකක් කරගත් උදවියයි. එය තේරුම් නොගන්නේ නම් අදමෙන් හෙටත් අප හැමගේ උරුම කරුමය එයමයි.  උරුමය අතහැරීමට තරම් නිර්ලෝභී වුනොත් යන්තම් අපේ කරුමය මගහැරෙයි. හරිමගක් එවිට අපට හමුවෙයි.

Wednesday, February 18, 2015

පෙත්ත එක නම් ඇයි පොත්තට වැඩිපුර නැහෙන්නේ.. ‍

දේශපාලනයේ පිල් බදාගෙන පොත්ත වෙනුවෙන් නැහෙන අපේ බොහෝ මිනිසුන් දැන දැනම ගිලින ලණුවකි,- මේ. පෙත්ත එකම බව බොහෝ දෙනා දනිත්. නමුත් වාණිජ නාමයත් ඖෂධ නාමත් ගැන කියමින් නැහෙන්නේ පොත්ත ගැන මිස පෙත්තේ අන්තර්ගතයත් ඊටත් වඩා අවබෝධයට ගත යුතු රොිගයේ ස්වභාවය හා රෝගියා ගැන නම් නොවේ. මේ වදවීම වැරදි ලෙස වීමේ හේතුවෙන්ම රටේ හැබෑ ප්‍රශ්නත් රට වැසියන්ගේ හැබෑ ප්‍රශ්නත් ගැන වගවීම හැමදා පසෙකට යයි. අනතුරුව පොත්ත වෙනුවෙන් එක එකාගේ කුණු අවුස්සා ගනිති. දේශපාලනය යනු එයයැයි ඒ දෙස බලා බොහෝ දෙනා සිතති. දේශපාලනය අදාළ පැළැන්තියක ක්‍රීඩාවක් බවටත් අප එහිදී පිල් වෙනුවෙන්, ක්‍රීඩකයින් වෙනුවෙන් හුරේ දමන ප්‍රේක්ෂක සමූහයා බවටත් පත්වන්නේ ඒ අනුවයි. අද සහ හෙටත් අලුතෙන් හා අලුත් ජීවයෙන් පිටියට බසින ක්‍රීඩකයන්ට අප හොද ප්‍රේක්ෂක පන්නරයක් ලබා දිය යුත්තේ මේ සම්ප්‍රදාය අනුවයි. එය එසේ විය යුත්තක්ද? ? මේ ඒ සම්ප්‍රදාය පොඩි පට්ටම් කර යථාර්තයට පය ගැසිය යුතු කාලය නොවෙද? ?.එළඹ ඇත්තේ ඒ කාලයයි. තව දුරටත් අපේ දේශපාලනයේ හුරතල් කළ යුතු බබාලා නැත. එනිසා පොත්තේ දේශපාලනයට තිතක් වැටිය යුතුමය. අපේ රටේ මිනිසුන්ගේ හදවතේ දැවෙන හැබෑ කාරණා කිසියම් භේදයකින් තොරව දේශපාලන කතිකාවේ පෙරමුණට ආ යුතුමය.

Thursday, February 5, 2015

කොටි හමට තඩි බෑමේ දේශපාලනය නොහොත් පිළිතුරු වෙනුවට ප්‍රශ්න වලට තඩි බෑම... :D

.........................................................................................................................
වැරදි පාර දෙසට යද්දි හරි පාරට අමාරුවෙන්
දමාගත්තු රථයේ දැන් ජියර් වැටෙන්නේ නැත්තම්
පාර වෙනස් කිරීමක්ද එතැනදි අප කළ යුත්තේ
හරි ප්‍රශ්නය පසෙක තබා යන්නේ ඇයි යළි බැද්දේ

Monday, February 2, 2015

වල් නෙළීම, පැල හිටවීම - සතෙන් සතේ රුපියලෙන් රුපියල ..

‍දේශපාලන කෙතේ වල් නෙළන්න කාලෙ හරි. ඒ නෙලුමට අඩගහලා කවි කියන්න කාලෙ හරි. එකිනෙකා එකතුවෙලා නෙලුමට තම සද්භාවය දායක කරලා නෙලන්න ගත්තොත් ඇත්තටම මේ කෙතේ වල් නෙළන්න අමාරුවක් තිබේවිද? යුතුකමත් වගකීමත් හිතට අරන් තම තමන්ට කරන්න පුලුවන් සොච්චම හරි අපි අපි කරනවනම්... සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරා වගේ දවසක ඒකත් ලොකු ගිණුමක් වේවි. එතකොට දවසක හොද පොලියකුත් ලැබේවි. පුංචියි කියල කරන්න පුළුවන් හොද දේ කිසිවිට අතාරින්න එපා.. ඒ හින්දම නෙලුමට එන්න... මේ රටේ අපේ වැඩක් :)


Saturday, January 31, 2015

අස්පයාට බය අස්පාරෝහකයෝ

තවමත් අපේ මිනිස්සු දේසපාලකයාට බයයි. ඡන්දයකින් පසු එන කාට හෝ අස්සයා පවරා අසු පිටින් බිමට බහින්නේ ඒකයි. හැමවිටම දේශපාලකයා අස්සයා කරගනු විනා සමාජයේ සියලු වගකීම් පදවන තෝන් ලනුව ඔවුනටම බාර කිරීමෙන් කුමක් සිදුවේද? කුමන පාලනයක් වුවත් ඒ පැත්ත මේ පැත්ත පෙරළෙනවා විනා ඒ පැත්ත පෙරළීමෙන් සිදුවන ගමන සමාජ ප්‍රගමනයක් වෙන්නට නම් සිදුවිය යුත්තේ කුමක්ද? දේශපාලනයත් දේශපාලකයාත් බලැති අස්පයකු කර තෝන් ලනුව අතට ගන්නා අස්පාරෝහකයා අප වීම නොවේද ඒ විකල්පය.