"දෙදහස් පන්සීය දෙකයි පනහට දැම්ම තිත වාගේ"
වසර 2500 ක එෛතිහාසික අත්දැකීම් තිබුණත් තිතටත් මත ඇති රටක ඒ තිත 2500 වුව 2.50 කරන්නට අතරමැදට පැන්න හැකි බව, තිරසාර දැක්මක්, ඊට සරිලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන අවිනිශ්චිත, අතීරණ හා අජීර්ණ ජන සමාජයක කිසියම් වැඩපිළිවෙළක් සකස් වෙන්නේද තවත් වැඩපිළිවෙළකට තිත වැටහෙන්නේද සැබෑ තක්සේරුවකින් හෝ අවබෝධයකින් නොවන බවත්, ඉන් සිදුවන විනාශයත් (සරලවම අපේ ආණ්ඩුවල ස්වභාවය) මින් අදහස් වන බව කවරෙක් නොසිතත්ද.........!
Wednesday, March 28, 2018
පොතේ නැතත්
"නහයට විකල්පය කට වුනා වැනී"
ගන්ධයෙන් හඳුනා ගත යුතු වසුරු මළ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් අනුභව කොට ප්රත්යක්ෂ කරගැන්මට යාම, යමකට විකල්පය හැමවිටම ඊට ආසන්නවම නොවන බවත් යම් විටෙක ප්රබුද්ධ නොවන විකල්පය කොතරම් විනාශකාරීද යන්නත් මෙයින් අදහස් වේ.

Tuesday, March 27, 2018
අලුත් කියමන් (පොතේ නැති ඒවා)
"කූඹියෝ රහදිව කෑවා වගේ"
සීනි, තෙල් අධිකව ආහාරයට ගත් කෙනෙකුගේ රහදිවේ තැවරුණු සීනි, තෙල් වල ඉවට ඇදුනු කූඹියෝ ඒ දිව හපාකෑවෝය. රහදිව ඉදිමුණු තැනැත්තාට ඉන්පසු දැනුනේ කූඹි රස පමණි. කිසියම් හේතුවකින් කෙනෙකු මෙලෙස එකම රසයක සිරවීම මෙයින් අදහස් වේ.

Monday, March 26, 2018
භාෂාවේ අළුත්ම කියමන් (පොතේ නැති)
"සරම අස්සේ කඩුව වැනුවා වාගෙයි"
දූෂණයට එරෙහිව බලය ක්රියාවේ යොදන්නට ආ පිරිසක් තම නොහැකියාව මත දූෂකයින්ට යටවී සියතින්ම තම විනාශය අත් කර ගැනීම , ඔසවා සරඹ කළ යුතු කඩුව සරම අස්සේ වනන්නට ගොස් වරිගය(පුරුෂ නිමිත්ත) නසා ගැනීම ලෙස මෙයින් අදහස් කෙරේ.

Thursday, March 22, 2018
වද වෙන්න
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
දම් සකට අට ලෝ යටව
මිරිකී සැලී බිය වී පෙළුණු සිත
සිනා සයුරේ සතපවා
නළවා පිනෙන් ඒ නිදි වැදුණු සිත
දකින සිහිනෙන්
පිබිද එන්නට කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
සෙනෙහෙ ගංඟා හරස් කරවා
තැනු දිය කඳ වේලි උතුරන
වෛර යේ චෛතසික අවුලා
ගිනිකන්ද දුම් වළලු නංවන
එකට ගැටුමෙන්
නිවී සනහන කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
දම් සකට අට ලෝ යටව
මිරිකී සැලී බිය වී පෙළුණු සිත
සිනා සයුරේ සතපවා
නළවා පිනෙන් ඒ නිදි වැදුණු සිත
දකින සිහිනෙන්
පිබිද එන්නට කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
සෙනෙහෙ ගංඟා හරස් කරවා
තැනු දිය කඳ වේලි උතුරන
වෛර යේ චෛතසික අවුලා
ගිනිකන්ද දුම් වළලු නංවන
එකට ගැටුමෙන්
නිවී සනහන කාලයයි
යදම් බිඳ දමන්නට
සිපිරි ගේ හරින්නට කාලයයි
පිනෙන් පව් නසන්නට
අකම්පිත අකාලික තාලයයි
Sunday, March 18, 2018
තව තවත් බෙදී මද? (සරලවම වළපල්ලට)
🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾🅾
ද්‍රවිඩ දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
මුස්ලිම් දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
සිංහල දේශපාලකයෝ තම ජනයා අතර කොතරම් බේදයක් වැපිරුවෝද?
අපි බෙදෙද්දී දේශපාලකයෝ වශයෙන් උනුන් එක්ව වසර පහකින් නිර්ලජ්ජිතවම පාර්ලිමේන්තු විශ්‍රාමය ද ගන්නෝ වරප්‍රසාද උපරිමයෙන් භුක්තියට ගන්නේ එය ඡන්දයෙන් ලැබෙන පරම උරුමයක් සේ ගෙනයි.
ආගමික නායකයින් කියනා කොටස් තම ආගමිකයන් අතර යම් බේදයක් වපුරද්ද, ඔවුන් අවසන කරන්නේ තම පුද්ගල අරමුණු වෙනුවෙන් පිරිස් බලය හදාගැනීමට සිය ආගමික කතෘන් බිලි දීමයි.
රාජ්‍ය නොවන සංවිධාන යම් බේදයක් පොදු ජනයා අතර වපුරත්ද, යුද්ධය මෙන්ම සාමය ද ඩොලර් ඉපයිය හැකි තමන්ගේම බූදලයක් කොට පවත්වා ගැනීමයි ඔවුන්ගේ අවශ්‍යතාවය.
තවත් රටක් අපව බෙදන්නට හදනවා නම් ඒ ඉන් ඔවුන්ට වාසි ලැබෙන නිසාමයි.
මේ සියල්ලන්ගේ උවමනාවන් පරිදි අපි බෙදනවා නම් ඒ අපට ලැබෙන වාසිය තකායි.
ඒ වාසි මොනවාද?
සුදුසුකම් වලට එහා රස්සාවක්
නීති විරෝධී අනුමැතියක්
වරදකින් නිදහසක්
සල්ලි
නම්බුවක්
ඉතිහාසගතවීමක්
වෛරය පිරිමැහීමක්
නන්විද කාරණා...
සර්ව සාධාරණ නැති නන්විධ පුද්ගල අවශ්‍යතා මත බෙදි බෙදී අපි රටක දියුණුවක් ගැන කතා කිරීම තව දුරටත් ඵලක් නැති දෙයකි. විද්යාත්යාමක නැති දෙයකි. විහිළුවකි. එනිසා කපටින්ගේ ගුණ්ඩු මත නොබෙදීම පමණි රටත් අපත් දියුණුවක් පතන පළමු පදනම විය යුත්තේ, සුද්දා දුන් නිදහසට පෙරද පසුද අප නොහැරුනු හැරවුම් ලකුණ ඔතැනයි.

Saturday, March 17, 2018
තීරණ හා තීන්දු අවශ්‍යයි(මගේ ඉල්ලීම්)
↔රටේ තීරණ, තීන්දු,
අප වෙනුවෙන් රට වෙනුවෙන් විය යුතුයි.
ඒවා නිවැරදි, යුක්ති සහගත හා සාධාරණ විය යුතුයි.
කලට වේලාවට ගන්නා සජීවී ක්‍රියාකාරී ඒවා විය යුතුයි.
මම සිංහල යැයි කීමට, මම මුස්ලිම් යැයි කීමට හෝ මම ද්රවිඩට යැයි කීමට, කරට අත දමා ගෙන අපි ශ්‍රී ලාංකිකයැ යි කීමට බාධාවක් නොවිය යුතුයි.
ආගමික නිදහස ඇතිවා මෙන්ම බලහත්කාර හා වංචාකාර පෙළඹුම්, වංචනික අරමුණෙන් ආගමික අල්ලස් දීම්ද වැළැක්විය යුතුයි.
අන්තවාදයකට දඬුවමක් තිබේ නම් සියලු අන්තවාදයටම ඒ දඬුවම පොදු විය යුතුයි.
සිංහල ප්‍රකාශ ගැන සිංහලෙන් වද වෙන පමණටම දමිළ හෝ ඉංග්‍රිසි ප්‍රකාශ ගැන ඒ ඒ භාෂාවලින් අතිශයින් වද විය යුතුය.
සුළු ජාතීන් හා සුළු ජාතික අයිතිවාසිකම් කියා යමක් ඉස්මතු කෙරෙත්ද මහ ජාතිය හා මහ ජාතීය අයිතිවාසිකම් කියා දෙයක්ද නිරායාසයෙන් ඉස්මතුවන බව දත යුතුයි.
එබැවින්, පොදුවේ රට වැසියා සළකා යුතුකම් අයිතිවාසිකම් ප්‍රාථමික අවධියේ සිට සියළු පුරවැසියන්ට එන්නත් කිරීමට කටයුතු කළ යුතුයි.
සැ.යු.-අපට අනන්‍ය, රටට අනන්‍ය අපේ, රටේ එෛතිහාසික සංස්කෘතික පදනම හා පසුබිම විකෘති නොකර අනාගත පරපුර වෙත ශේෂ කළ යුතුයි.

Friday, March 16, 2018
ජේමිස් බංඩෝ, 007(අමුඩෙන් ටයි අදින අභිමානවත් අපේ මීළඟ සන්තෑසියට පෙර දන්න හිංගලෙන්, වදවෙමි)
කියවති, ලියති, පෙරළති.. මුව දෙති
මීළඟ දශකයේම දීමට සිදුවන්නේ පොතට පමණකී???
මුහුණ පොතට දීමෙන් නොනැවතී අදහස්ද පොතට වගුරතී
රටේ ණය පොත තර වේ, අපේ සම්පත් හිඟ වේ.
වර්ගවාදය කටට ගෙන පරිසරය අතට ගෙන ප්රතිරූප හදාගෙන, බදාගෙන නොයෙක් දේ හිතාගෙන විනාශය වඩාගෙන කොහෙද මේ යන්නේ,
ඊළඟ දශකයේ පත්තු වෙන්නේ අද හදන බකට් නම්... කූඩු නම්..
නීති හෝ රීති පමණද ඡන්ද කතිරය ඵලක් නැත දෙන්නේ
දාසයේ මාසයේ බෝම්බ - කාගේද වග වීම
හෙට වෙන්න සරුසාර කරනවද පස සාර?
කොහෙද මේ බිංකුණ්ඩෝ..
අඩෝ,
මං දන්නව බෘෘස්ලිගෙ
ජිට්-කුංඩෝ...
ඇප් ටික දීපන් ඩෝ
ප්‍රී එක දීපන් ඩෝ
අපි කෙළින් ඩෝ
රජ වෙන්ඩෝ
අපේ ගොන්ඩෝ
අපිට ඕන
අපෙ බංඩෝ
ජයවේවා!

Thursday, March 15, 2018
ස/අ-ඵල
අතීතයේ දැල්වූ සේවානූල වර්තමානය දවා හළු කරත්ද
අද වපුරන බීජ හෙට ඵල දරනු නැත්තේද
දශකයක් වැගිරූ දහදිය ශතකයක් ආරෝග්‍ය නොගෙනෙත්ද
පහනින් පහන් සිය ගණනක් දළුලත්ද

Sunday, March 11, 2018
බයිට් මිනිස්සුද? ආණ්ඩුවට පිස්සුද? (තාක්ෂණ අන්තවාදය? වයි fly)
ගමන් කෙරූ බෝම්බයට මාර්ග බාධක වැටුනා
ජාල ගතවු බෝම්බයට FB බාධක වැටුනා
මව් රට වෙනුවෙන් හුස්මත් නැවතුණු මිනිසුන් හිටියා
දෙවි පිහිටෙන් මෙහෙව් ජාල ඇදහීමක් මට නැතුවා
එහෙම කියා මට කොයින්ද වෙනම නීතියක්
මාර්ග බාධක වල තිබුණිද වෙනස් නීතියක්
මව් බිම, සාමය හදගත් පළමු තැන අදත්
බාධක නාමෙන් අප නම් හඬනු නැහැ හෙටත්

කිරට හඬති ළමයි...කොහේ
සිහළ ගෙදර උන් බිළිඳා
ද්‍රවිඩ ගෙදර උන් බිළිඳා
මුසළි ගෙදර උන් බිළිඳා
එකම හඬින් ඉකි බින්දා
බිංදු බිංදු ඉරුව බිංදු
කිරට හැරුන රුධිර බිංදු
නැළවිල්ලට ගැයුව සිංදු
වෙනසක් නෑ කඳුළු බිංදු
දායාදය කර පින්නා
දෙමාපියන් බර දන්නා
අනාගතය දුර පෙන්නා
මිනිසුන් වඩපන් ලංකා
ද්‍රවිඩ ගෙදර උන් බිළිඳා
මුසළි ගෙදර උන් බිළිඳා
එකම හඬින් ඉකි බින්දා
බිංදු බිංදු ඉරුව බිංදු
කිරට හැරුන රුධිර බිංදු
නැළවිල්ලට ගැයුව සිංදු
වෙනසක් නෑ කඳුළු බිංදු
දායාදය කර පින්නා
දෙමාපියන් බර දන්නා
අනාගතය දුර පෙන්නා
මිනිසුන් වඩපන් ලංකා
Friday, March 9, 2018
මුත්තාගේ අඹ පැළය-මගේ මහ මොළය
මුත්තා මුණුපුරා දෙස බලා යුතුකම ඉටුකිරීම අපි කුඩා කළ බෙහෙවින් රසවිඳි ''මොනවද මුත්තේ” ගීතමය පද්‍ය පංතියෙන් උගත්තෙමු. ඒත් ඒ යුතුකම වෙනුවට අප දුටු දේ කුමක්ද? බලය, නිලය, ආත්මාර්ථය උදෙසා කට දෙකොනින්ම කෙළ වගුරුවන කා කොටා ගන්නා මුත්තන් රොත්තකි. ඒ මුත්තන්ගේ දෑත් ශක්තිමත් කළ ගොට්ටන් රොත්තකි.
අපිට හැබෑවටම පාර වැරදී බොහෝ කල්ය. දැන් ඇත්තටම සිදුවන්නේ කටු අකුල් වලට පැටලීමේදී සිදුවන බෙරිහන් දීම පමණය.
නමුත් බොහෝ දෙනා ඒ සරල වැටහීමට අනුගත වීමට කැමති නැත. ඒ ඔවුන්ගේ දැනුම අප්‍රමාණ නිසා වෙන්නට ඇත. නැත්නම් බොර දියේ මාලු බෑමට ඇති හැකියාව නිසා වන්නට ඇත. දැන් දැන් දශසීලයම අරගන්නා සමහරුන්ට තමන් අතීතයේ වැපිරූ වැපිරීම මතකයේද නැත.
එදා සිට ජාතික දේශපාලනය කියා තමන්ගේ ජාතියත්, ආගමත්, පවුලත්, පරම්පරාවත්, පක්ෂයත් තනතුරුත් බදාගෙන තමන්ගේ ආත්මාර්ථය උදෙසා ඔවුහු රට බෙදුවෝය. රටේ සාමාන්‍ය මිනිහාට තම අසැල්වැසියා සමඟ හැමදාම තිබුණේ සරල ප්‍රශ්න ටිකකි. ඒ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කොට ඒවා ජාති, ආගම්, කුලමල, පක්ෂ ප්‍රශ්න බවට පත් කළේ කවුරුන්ද?
එය දවසකින් දෙකකින් හෝ දශකයකින් සිදුවූවක් නොවේ.
එහෙව් යුතුකම් නොදන්නා අයිතිවාසිකම් ගැන පමණක් සිතූ මුත්තන්ගෙන් බිහිවූ වූ මුණුපුරන් දැන් හොඳින්ම බුරන වයසේය. එකිනෙකා බුරා ගන්නා විට අහල පහළ රටවල උන් බල්ලෝ එලවන්නට කියා ගල් ගසන්නටද පුළුවන. මන්ද ඔවුන් මෙහේ ඉන්නා වල් බල්ලන්ට වඩා තවත් රටවල දඩෝරියන්ට බයක් දක්වන නිසාය. ඒ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගසා තිබෙන නිසා ප්‍රශ්නයක්ද නැත.
ඉතිං වල් බල්ලන් ගානට වැටුනත් අපිට දැන් කමක් නැත. ඒවා හුරුය. මගේ අයිතිවාසිකම් මිස මට දැන් යුතුකම් කියා දෙයක් නැත. අඹ සිටුවන්නට ඉඩක්, වෙලාවක් හෝ උවමනාවක්ද නැත. බැරිම තැනක් ආවොත් දඩෝරියන් ඉන්න හෝ සත්තුන්ට බලපත්‍ර නොදෙන රටකට පනිමි මම. ඉතිං ඒ සඳහා දැන් සිට යොදවමි මගේ මහ මොළය. එහෙමද?

සරලවම, ... (අවබෝධයෙන් යමු)
පුළුල් අර්ථයෙන් හැබෑ විද්‍යාව යනු සියල්ල පිළිබඳ සත්‍යය විග්රහයයි. ඒ අර්ථයෙන්ම මිථ්‍යාව යනු විවිධ ධාරාවන් ඔස්සේ පැමිණි විශ්වාසයන් ගොනුවකි. පරිපූර්ණ වශයෙන් විද්‍යාව හා මිථ්‍යාව බෙදා දැක්විය හැකි භෞතික බෙදුම් රේඛාවක් නැති හෙයින්ම වඩා තාර්කිකව විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම කවදත් ලෝකයේ පවතීවි. අපි විශ්වාස කළාට මිථ්‍යාව ඵල දරන්නේවත් අවිශ්වාස කළ පමණින් විද්‍යාව යටපත් වෙන්නේත් නැහැ. සිදුවන්නේ නිවැරදි අවබෝධය ලබන තාක් අපි වාසි අවාසි මත විටෙක විද්‍යාවටත් විටෙක මිථ්‍යාවටත් ආවැඩීම පමණයි. නමුත් ලොව පවතින සත්‍ය ඔබටත් මටත් දෙකක් නොව එකක්මයි.
ජීවිත වල වටිනාකමක් ගැඹුරක් අරුතක් නොදකින තරමට අපි ආ වඩන්නේ අපිට කැමති මිථ්‍යාවට යි. ඒ ආස්වාදයට ඇති ලොලීත්වය රැකෙන්නට නම් අපි ඊට අදාළ විද්‍යාවේ ආලෝකය මතුවන්නට ඉඩ නොදිය යුතුයි. නමුත් විද්‍යාව අවබෝධකොට ගත්තෝ විසඳුමකට මිස ගැටුමට නොයන බැවින් ගැටෙන්නේ ප්‍රතිවිරුද්ධ මිථ්‍යා භක්තිකයෝය. අපේ අන්ධ විශ්වාසයන්ගේ ගැටුම එතැනය. එබැවින් අතිමහත් විනාශයන් ලොවට ගෙනාවේ බුද්ධියෙන් අරගල කළ විද්‍යාව හා මිථ්‍යාව අතර ගැටුම් නොව ප්‍රතිවිරුද්ධ මිථ්‍යාවන් අතර ගැටුම්ය. විවිධ සංස්කෘතික වෙනස්කම් වලට හේතු වුණු ඇදහිලි විශ්වාස ගැටුමට හේතු වන්නේ අපේ මිථ්‍යාව වඩා උසස් යයි කියාපාන්නට යෑමෙනි. තමන්ගේ විශ්වාසය වඩා සත්‍යයැයි ඒත්තු ගන්වන්නට යෑමෙනි.
විද්‍යව අමතන්නේ අවබෝධටයි. මිථ්‍යාව අමතන්නේ හැඟීමටම පමණයි. එබැවින් හැබෑ විද්‍යා අවබෝධය විසඳුම් වෙත පාර කපද්දී මිථ්‍යාව හැඟීම ඔස්සේ විශ්වාසයට පමණක් පාර කපයි. අවසන තවත් විශ්වාසයක් හා ගැටුමට යන්නේ විද්‍යා අවබෝධයෙන් තොර එවැනි අන්ධ විශ්වාසයෙන් යුතු අන්තගාමීයාය.
කුමන විශ්වාසය මත සිටියත් අන්තගාමී, අන්තවාදීන් සියල්ලෝ එකම මිථ්‍යා දෘෂ්ටික පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් විද්‍යාවකින් පුනරුත්ථාපනය කළ යුතු මනුස්ස කොට්ඨාශයක් බැව් සංවේදීව අප කල්පනා කළ යුතුය. සාමාන්‍යය සමාජයේදී සිරයේ හෝ ඔවුන්ගේ විශ්වාසය ලෙස නිරයේ හෝ මේ පුනරුත්ථාපනයද සිදුවෙනු ඇත්තේමය, මන්ද විද්‍යාත්මක සත්‍ය නම් ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක්ද පවතින බවය.

Thursday, March 8, 2018
-මිනිස්සු-නම්, (වගවෙනු ව)
ඒ-
බී-
ඒබී- ඕ-
ප්ලස්,
මයිනස්...
අපි දන්න-
මිනිස්සු ඇතුළෙ-
කකියන්නෙ එච්චරයි..
කාලයක් වපුල බිජුවට මොනවදැයි?
ඒ බැව් වැපිරූ උන්ට අමතකයි?
වෙනසක් අවැසි ගම රට තොට නොවෙයි,
හදවත මනස නුවණැස ඇරඹුමයි.
බී-
ඒබී- ඕ-
ප්ලස්,
මයිනස්...
අපි දන්න-
මිනිස්සු ඇතුළෙ-
කකියන්නෙ එච්චරයි..
කාලයක් වපුල බිජුවට මොනවදැයි?
ඒ බැව් වැපිරූ උන්ට අමතකයි?
වෙනසක් අවැසි ගම රට තොට නොවෙයි,
හදවත මනස නුවණැස ඇරඹුමයි.