රතු ගොනා
නිල් ගොනා
කොළ ගොනා
මොන ගොනා
පසුපසින් දැක්කුවත්
නොගලවා ඔය කණුව
ගොන් බදින එකම තැන
කැරකෙන්නෙ එකම වට
ඒ නිසා ගලවපන්
ලණුව නොව
කණුව ඔය
අකුරු අහුලන්න
වචන අමුණන්න
ව්‍යාකරණ මිරිකන්න
බසේ රස ගන්න
පොතෙන් පැණිබොන්න
ඩිජිටල් අවිහිංසකකමචයිනීස් නිවනප්රිමියම් හෘද සාක්ෂියබිට්කොයින් ජීවිතය
එ්වා අපිට නොතේරේ
ඇඩ්රිනලින්ට තේරේ
බසය ස්වභාවේ
මනරංජනය භාවේ
පොල් සහ තල් කිතුල්
කීරි කීරී නැතිය තල තෙල්
ගාගෙන අත ඉදුල්
කෑවේ අපිත් ඔය බත්
බඹර කැරකෙනවා
බබා නළවනවා
බබී නැළවෙනවා
ඔන්න ඔහෙ යන විදිහ යනවා