රට ජාතිය හෝ ආගම සෙල්ලමට ගෙන ලෙල්ලම් කරන්නේ දේශපාලුවෝය. අප අසා දැන ගෙන ඇති සැටියෙන් නම් සිංහල, දෙමළ පමණක් නොව ඉංගිරිසි ජාති වාදයත් ඇවිලූවෝ නම් දේශපාලකයෝ මය. අමුතුවෙන් කිව නොයුත්තේ මේ කොයි ජාති අාගම් වාද භේදයක් දක්වා ගෙන යාම වැරදි බවය. ඉතින් මේ වාද භේද අවුස්සා තම ආත්ම ලාභයන් තර කර ගැනීමට උල්පන්දම් දෙන නිර්මල ජාතිකත්ව ගැන කතා කිරීම අපි නවතමු. අවැසි අය කතා කරගත්තාවේ
සාමය සමෘද්ධිය ඉදිරිය දියුණුව ආදී වශයෙන් අපි කතා කරමු. අර දූපත් වාසියාගේ සරල සැහැල්ලු මානසිකත්වයෙන් ජීවත් වන අපට එක ලංකාවක එක ලාංකිකයන් හැටියට අඩු වැඩි වශයෙන් පොහොසත් අපේ ඉතිහාසය හා වඩා පොහොසත් දහම රැකගෙන ඉන්නට ඇත්නම් කොතරම් අනගිද? එක් එක් ජාතියට අාගමට අයත් වූවාට එකි නෙකා හා ගනුදෙනුවේ විශ්වාසනීයත්වය තහවුරු වන දිනයක අප අතර තවදුරටත් වාද භේද පවතීවිද? ජනයා දේශපාලකයාව බලය හා සමග යාමනය කරන්නට අතරමැදියා විය යුත්තේ එනිසා නොවේද? සාමාන්‍ය පුරවැසියාගේ පාලකයා නොව නියෝජිතයා බවට දේශපාලකයන් පත් කර ගැනීමට හැකිනම් එදිනට සමාජයේ හැබෑ ප්‍රශ්න විසදා ගැනීමටත් දේශපාලනයේ වැදගත්කම මතුකරගන්නටත් හැකි නොවේවිද?
මිනිස්සු වගකීමක් අතට ගත යුත්තේ එනිසාය. මිනිසුන්ගේ නොනවතින මැදිහත්වීම පවත්වා ගනිමින් මිත්‍යා මානසික දුර්මත බිද ඉදිරියට යන්නට වෙරදැරිය යුත්තේ එනිසාය. දරුවාට ඒ හැටියටත් ගැටවරයාට ඒ හැටියටත් තරුණයාට ඒ හැටියටත් වැඩිහිටියාට ඒ හැටියටත් යුතුකම මෙන්ම වගකීමක් ලැබෙන සමාජයක් බිහි කරගත හැකිනම්.. හැමදා හැබෑ යහවෙනසකට යන මාවතක අද වෙනසක ඇරඹුම විය යුත්තේ එවැනි දිශාවකට නොවේද?
යන දිශාව ගැන හැගීමකින් යන්නට රට වැසියා සමත් නොවේ නම් කිසිවිට රට නිවැරදි වන්නේ නැත. එලසෙින්ම ආපහු වැරදි වන තැනදී ගැති නැති කමින් ඊට විරුද්ධ වන්නට රට වැසියා සමත් නොවේ නම් එවිටද රට නිවැරදි වන්නේ නැත. වෙනස් වන ලෝකයේ අපේකමේ මුල් රැකගනිමින් වෙනස් වන්නට අපට නොහැකිද?
එකම දේ බුද්ධිමතුන් ඇත්ත ඇති හැටියෙන් නැණවත්ව විග්රහ කරන තැනකට එළැඹීම පමණි. පක්ෂ භේදයෙන් තොරව රජ නොව රට වෙනුවෙන් ක්‍රියා කරන බුද්ධිමතුන්ගේ මණ්ඩපයක් රට වෙනුවෙන් රටේ ස්ථාපිත වේවා! මේ පෝදා පැතුම එයයි.