Saturday, June 29, 2013
Friday, June 28, 2013
හිස් සාක්කුව-සමුදෙමි ඔබට
ජීවිතයේ ඇති තතු
එලෙසින්ම දකින්නට
මග පෑදූ
මගේ සීමාකාරී සාධකය
හිස් සාක්කුව
ඔබට
ස්තුතියි,
දැන් ඉතින්
අවසරයි,
කෘත ගුණ සළකන්න
ඉඩ දෙන්න
පුරවන්න
ඔබව,
මගේ අනාගත කාසිවලින්
:) :D ;) ;D ගුණබර කාසිබර - ටු ඉන් වන් අනාගතයක් වෙනුවෙන් සව්දිය පුරන්නට ඇරයුම්... අවංක හිස් සාක්කුකාරයින් හට විශේෂයි.
කෘත ගුණ සළකන්න
මගේ අනාගත කාසිවලින්
:) :D ;) ;D ගුණබර කාසිබර - ටු ඉන් වන් අනාගතයක් වෙනුවෙන් සව්දිය පුරන්නට ඇරයුම්... අවංක හිස් සාක්කුකාරයින් හට විශේෂයි.
Wednesday, June 26, 2013
සපත්තුවට කකුල
ඒක වැරදී බං
සපත්තුවට කකුල නෙවෙයි
කකුලට සපත්තුව කියන එකයි හරි
ඉතින්, සපත්තුවට නොවෙද කකුල දාන්නේ
සපත්තුවට කකුල, කීවාම මොකද
නමුත් පළමුව කකුලයි
සපත්තුව දෙවනුවයි
නෑ, සපත්තු සයිස් තියෙනවා
හරියන සයිස් එකට කකුල දානවා
මං කියන දේ උඹට තේරෙන්නෙ නෑ
මං කියන දේ උඹ තේරුම් ගන්නෙ නෑ
මේ උඹලට ඔය සපත්තු දාගන්න බැරිනම් නැතුවම වරෙල්ල
නිකමට කියපන්, සපත්තුවද වටින්නේ
කකුලද?
කකුලට වඩා වටිනා සපත්තු තියෙනවා බං කඩවල
මගුල
යකෝ ඔය එහෙකටවත් නෙවේ
කකුලෙ ආරස්සාවට දාගනින් ඔය දෙක
පස්සෙ, කටු ඇනුනයි කියන්න එපා
ගල් ඇනුනයි කියන්න එපා
හරි හරි යං, අපි එනවා බං...
විතර්ක ආලම්
අපි ගමනක් ගියෙමු
එකිනෙකා එකට හැපෙමින් ගමන් ගතිමු
මද දුරක් ගියෙමු
දෑත් මුදා දෙපසට වී ගමන් ගතිමු
දැන් අප දෙපසය
එක් පසෙක ඇය
අනෙක් පස මම
අපි දුටුවෙමු
ඇය කීවේ එය මහා ඵල ඇති රුකක් බවයි
මම දුටුවේ දිරා ගිය මහා රුකක් බවයි
පසෙකට වී බැලුවෙමු
පැත්තක් දිරා ගිය අනෙක් අත ඵල බරවූ මහ ගහක්
දෙදෙනාම ඒ වෘක්ෂයක් බවට එකගවුනෙමු
යලිත් ගමන් කළෙමු
අපි දැක්කෙමු
ඇය කීවේ ඒ සුදු හමක් බවයි
මා දුටුවේ හම කලු බවයි
පසෙකට වී බැලුවෙමු පෙර ලෙසම
පැත්තක් දා පිච්චී ගිය මහළු මිනිසෙක්
දෙදෙනාම එකගවුනෙමු මහළු මිනිසෙක් බවට ඒ
යළිදු ඉදිරිය බැලුවෙමු
දුටුවෙමු
ඇය කීවේ දෑසක් නාසයක් කටක් බඩක් ඇති බවයි
මම ගෙලක් පිටක් පස්සක් වලිගයක් ඇති බව කීවෙමි
පසෙකට වී බැලුවෙමු
වානර කුලයෙන් බවට අප එකගවීමු
අපි නැවතුනෙමු
එය අන්ධ බව ඇය කීවාය
එය බිහිරි බව මම කීවෙමි
පසෙකට වී බලන්නට
අපට අවැසි නොවිණි
Tuesday, June 25, 2013
Monday, June 24, 2013
යුෂ්මතා කව්ද? (දන්න කෙනෙකුගෙන් අහගන්ඩ, අහවලා ගැන මගෙන් අහන්ඩ)
හිතලා බැලුවා
තවම තේරෙන්නෙ නෑ වගේ
ඇහුවම කිව්වා
දැන් නම් හරි වගේ
තීරණය කළා
ආපහු කල්පනා කලා
ඒ පාර පොඩ්ඩක් වෙනස් වගේ
තව හෙව්වා
උත්තර ලැබුනා
දැන්නම් ඉතිං වැඩේ ගොඩ වගේ
ළගදි දවසක්
කෙනෙක් ඇහුවා
........................
මම ?
නම ?
ඒ නමම තියෙනවා තවත් කෙනෙකුට
ඇත්තද?
නොම්බරේ...
එක්කෙනෙකුට එක නොම්බරයයි,
සමහරුන්ට තුන හතරක්..
වැඩක් නෑ අවුල්, අප්සට් විලි ලැජ්ජයි
කෙලින්ම කියන්න බැරි වුනානේ..
ඇයි? මං හිතුවෙ දන්නව කියලනේ...
කොහොමද කියන්නෙ
මගේ උසාවිය
නඩුකාරය මම
ඒත්, එවේලේ
නැතිවුනා කටඋත්තර
අහපු ප්රශ්නෙ?
යුෂ්මතා කව්ද?
යුෂ්මතා කව්ද?
යුෂ්මතා කව්ද?
මම..?
... පස්වාන් දහසකට බුදුවන්ඩ...
දන්න කෙනෙකුගෙන් අහගන්ඩ
අහවලා ගැන මගෙන් අහන්ඩ
-මම- හලෝව් රස්ටා.. :)